Sunday, August 30, 2009

රෑට පේන ලංකාව..

(කවුරැත් මේ දවස් වල අළුත් ශ්‍රී ලංකාවක් ගැන කතාකරනවා නේ..මමත් ඉතින් නිකන් ඉන්න ගමන් කල්පනා කලා අළුත් ලංකාවක් හදන්න අයිඩියා ටිකක්..
ඉක්මනින් වේගවත්ව අළුත් ලංකාවක් දියුණු ලංකාවක් ගොඩනගන්න මෙන්න මගෙන් අදහස් ටිකක්..සමහර විට කවුරැහරි මම පිස්සුවෙන් දොඩවනවයි කියලා හිතයි..මේ ලියලා තියෙන්නෙ සිරාවටම හෙන කාලයක් අත්දැකීමෙන් හොයා ගත්ත සීරියස් අදහස් වල සාරංශයක්..)

සියළුම සිගරට් වල මිල අවම වශයෙන් 75% කින් වත් පහල දැමීම කල යුතුය..
තවද ලංකාවේ ඇති සිගරට් වර්ග දෙකතුනට අමතරව(ගොල්ඩ් ලීෆ්,බ්‍රිස්ටල්) තවත් නිකොටින් ප්‍රමාණය අඩු තාර ප්‍රමාණය අඩු සිගරට් වර්ග වෙලද පොලට හදුන්වා දීම කල යුතුය.දැනට ලංකාවේ ඇති සිගරට් වර්ග වල නිකොටින් අසාන්න වශයෙන් 0.5mg(තාර 5mg) හො ඊට වඩා වැඩි අතර අවම වශයෙන් නිකොටින් 0.1mg-0.05mg(තාර 1mg-0.5mg) දක්වා අඩු අගයන්ගෙන් වත් වර්ග වෙලද පොලට හදුන්වා දීය යුතුය..

අරක්කු වල මිල පහල දැමීම සහ මිනිසුන්ට පහසුවෙන් මිලදී ගත හැකි වන අයුරැ පහසුකම් සැලසීම කල යුතුය..මීට අමතරව ලංකාවේදී ඕනෑම අවස්තාවක පානය කල හැකි වන අයුරැ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැර ප්‍රමාණය 20%ට පහල ප්‍රමතිගත දේශිය හෝ විදෙස් මත් පැන් වර්ගයක් හදුන්වාදීම.(මගේ අදහස අනුව ලංකාවේ රා මෙයට කදිම නිෂ්පාදනයක් වන අතර ප්‍රමතියක් ඇතිව බෝතල් කර වෙලද පොලට ඉදිරිපත් කිරිමට පහසුකම් සැලසීම..)

අරක්කු සිගරට් පානය නිදහසේ කිරිමට ඉඩ දිය යුතු අතර ප්‍රයොගික තත්ව සලකා බලා ප්‍රසිද්ධ ස්ථාන වල එය කිරීම ඉඩ නොදිය යුතුය.(එවැනි තැන්වල බීමට අවශ්‍ය නම් විදෙස් රටවල මෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව කුටි ඉදිකර දීම..)

ලංකාවේ සියළුම වැරදි වලට අදාලව නීති සංශෝධනය කල යුතු අතර ප්‍රධාන වශයෙන් වැරදි වලට දෙන දඩුවම සිරගත කිරීමකින් තොරව මුදල් මගින් දඩ වශයෙන් අය කරගත හැකි වන පරිදි නීති සංශෝධනය කල යුතුය..අවම වශයෙන් දැනට වැරදි වලට අදාලව අයකරගන්නා මුදල 200% කින් වත් වැඩි කල යුතුය..මිනිසුන්ට හුරැ වෙන අයුරින් එය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කල යුතුය..(මෙය පොලීසියට අමතරව වෙනත් නීතිය ක්‍රියාත්මක වන ආයතනයක් මගින් කල හැකි නම් ඉතා අගේය..)

ලංකාවේ නොමිලේ දෙන සියළුම සේවාවන්ගෙන් කිසියම් මුදලක් අය කල යුතුය..අවම වශයෙන් රෝහල් ගත වෙන කෙනෙකුගෙන් රැ 20-25 ක් වත් ආදී වශයෙන් අධ්‍යාපනය,ප්‍රවාහන ආදී සියළුම ක්ෂේත්‍ර වලද කිසියම් මුදලක් අය කල යුතුය..

නව තාප විදුලි බලාගාර දෙකක්වත් ඉදි කල යුතුය.

මිනිසුන්ට කාර්යක්ෂමතාව කියන දේ ඉගැන්විය යුතු අතර එය සදහා උපකරණ ටුල්ස් ආදිය පලදායි ලෙස භාවිතා කරන අකාරය ඉගැන්විය යුතුය.

කසාද බැදීම සදහා අවම වශයෙන් මොටර් බයිසිකලයක්,රස්සාවක් වත් තිබිය යුතුය යන මතය කාන්තාවන් අතර සමාජය තුල මාධ්‍ය මගින් රෝපනය කල යුතුය.

කාන්තාවන්ද පිරිමින් මෙන් හරි හරියට මජං ගාගෙන කලිසම් ඇදගෙන වැඩ කල යුතුය.බස් රථ රියදුරන් සදහා කාන්තාවන් ගත යුතුය.

ඔෆීස් වල වැඩකරනඅය,රාජ්‍ය සේවකයෝ,වයිට්කොලර් පොරවල් වලට වැඩිය මහන්සි වෙලා වැඩ කරන සාමන්‍ය සේවකයා උසස් යන මතය මධ්‍ය මගින් රෝපනය කල යුතු අතර බැංකුවකට රෝහලකට රාජ්‍ය ආයතනයකට පැමිනි විට කම්කරැවාට ප්‍රමුක තැන දිය යුතුය.

ලෝකයේ ප්‍රදාන කාර්මික රටවල්,ආයතන,බහුජාතික සමාගම් වලට එන්න අපේ රටේ ආයෝජනය කරන්න යනුවෙන් ඉල්ලීම් කල යුතුය.ඊට අමතරව දේශිය නිෂ්පාදකයින්ට අත හිත දිය යුතුය.

මිනිසුන් එකිනෙකාට ගෞවරව කරන්නන් පිරිසක් බවට අභිමානයක් ඇති පිරිසක් බවට කලාව සාහිත්‍ය ආගම මගින් පත් කල යුතුය.

තව ගොඩක් ඇත.ඒවා පසුව දවසක ලියමි..අපේ රට නැගිටිය යුත්තේ නිෂ්පාදන ක්ෂේත්‍රයෙනි.අපිට විකුනන්නට තෙල් හෝ වෙන දෙයක් නැත.නමුත් අපිට මිනිස් සම්පත විකුණන ගමන් අපේම කියා නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෝකය තුල ගොඩ නැගිය හැකිනම් අපට දියුණු විය හැක.එය රැදී ඇත්තේ මධ්‍යම පාන්තික හා පහල මධ්‍යම පාන්තික කම්කරැ පිරිස මතය.
මිනිසුන් වැඩ කලේ නැතිනම් කිසිම දෙයක් ලබා‍ගත නොහැකිය කියන දෙය වැපිරිය යුතුය..
මිනිසුන් fun එක තුල රාමුකල යුතුය.fun එක ලබාගැනීමට නම් වැඩකල යුතුය.
කිසියම් හෝ වින්දනයක් නිදහසක් නැත්නම් කිසිම මිනිසකු ආසාවෙන් තෘප්තියෙන් වැඩ කරන්නේ නැත..

Sunday, August 23, 2009

කොත්තු..

දෑත දෑත බැද ඈ ලංවී
මට පෑව ආදරේ..
සනසා නොලාලන කාලේ
දිවිතෙක්ම සිහිකෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ මුළු සංසාරේ
මහද ගි‍ලෙන්නෙ පෙම් සිලිලාරේ..
උදාරයි උදාරයි ආදරේ....
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුවදේ...
සුදුපාට මීදුම් ගලාලා
අර පෙනෙන කන්දේ වෙලීලා
මදහාස පෙන්වා බැදීලා
දෙදෙනාට රහසේ කියාදේ
ආදරේරේරේ.....ආදරේරේරේරේ.....
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියවී ඇත්තේ
ආදරේ..ආදරේ.. හ්ම් ආදරේ...

තව එකක්,මිනිසා රගයි රංගනේ..
සිනහා කදුළු එනවා යනවා...


Thursday, August 6, 2009

පුංචි අයිඩියා කිහිපයක්..

(මගේ බ්ලොග් කෙරැවාවටත් බහින කලාව උදා වෙලා වගේය..ප්‍රධාන හේතුව අධික වැඩය..මුලදි සතියට දෙකක් පසුව සතියට එකක් ආදී වශයෙන් පටන් ගත් එක දැන් සතියට එකක් වත් ලියවෙන්නෙ නැත..
කොහොමත් මම කරන්නෙ ඔපීස් එකක පරිගණකයකුත් එක්ක වයිට් ‍කොලර් ජොබ් එකක් නොවෙමි..ලංකාවේ කෙසේ වෙතත් ලෝ‍කයේ බොහෝ දියුණු රටවල් ආර්ථික අර්බුදයෙන් යම්තමින් ගොඩ එමින් පවතින නිසා මගේ ජොබ් එකටත් දැන් ඉල්ලුම වැඩි වී හොද කලදසාවක් ලැබී ඇත..මාසේ අන්තිමට හොද ගණනක් අතට ලැබෙන්නෙ වැඩිපුර OT ටිකක් කරගත්තොත් නිසා දැන් රෑ දහය එකොලහ විතර වෙනකම් වැඩ කරයි..අන්තර්ජාලයට බොහෝ විට සෙට් වෙන්නෙ ඒ අතර තුර පොඩි වීවේකයක් ලැබෙන වෙලාවටය..

එයත් කියන්නෙ මම දැන් ලමයි ඉන්න තාත්ත කෙනෙක් නිසා ඉස්සර වගේ පිස්සුකෙලින්නෙ නැතිව හම්බකරලා කීයක් හරි ඉතුරැ කරන්න කියලාය..අර වේයන්ගෙ කතාව වගේ මහන්සි වෙලා හම්බකරන්න පුළුවන් කාලේ ඉතුරැ කරලා හොද ගේමක් ගහගත්තොත් පස්සෙ කාලේ සතුටින් ඉන්න පුළුවන්ලු..හැමදාම දුක් විදින්න බැහැ නේ..)

මම ආර්ථික දේශපාලන විද්‍යඥයෙක් නොවෙමි..මේ මගේ හිතට ආපු පුංචි අයිඩියා එකකි..දැන් ක්‍රමයෙන් ලෝක ආර්ථික බල තුලන වෙනසේදී බටහිරින් බලය ක්‍රමයෙන් ගැලවීගෙන ආසියානුකලාපයට හා ලතින් ඇමරිකානුකලාපය කරා ඇදී ගෙන යනවනේ..අනාගතයේ ඉන්දියාව චීනය කොරියාව ජපානය ඉන්දුනිසියාව ඉරානය වෙනිසියුලාව බ්‍රසිලය වගේ රටවල් ලෝකයේ ප්‍රබල රටවල් වෙන බව බොහෝ අය පවසයි..රටවල් ප්‍රබල වෙනකොට ඉතින් ඒවගේ සංස්කෘතියෙ කාලාව භාෂාවේ ඉදන් සන්නමන්න කෑලි ඔක්කොම ලෝකය පුරාම පැතිරෙනවනේ..
අපිත් ඉතින් රටක් විදියට ගොඩයන්න නම් මේ රටවල් වලට ටිකක් වැඩිපුර හේත්තු වෙලා ඉන්න එක තමයි හොද..ඒ කියන්නෙ බටහිර රටවල් එක්ක තරහා වෙන එක නෙමෙයි..

ලංකා ආණ්ඩුවේ ගොංපාට් කොතරම් තිබුනත් අනාගතේ දියුණු වේයැයි හැගෙන රටවල් වලට වැඩිපුර හේත්තු වෙලා ඉන්න එක යස අගේට කෙරෙන නිසා ආයොජන අවස්ථාවල ඉදන් ඇන්ජීඕ දක්වා බොහෝ දේ ඔය චීනය කොරියාව ජපානය ඉන්දියාව වගේ රටවල් වලින් වෙන්න ඉඩ තියනවා..
අර කතාගොඩක් තියනවනේ ගංවතුරේ ඔරැ පැදීම,පෙරැලුනු පිට හොදයි කීම,තැනේ හැටියට ඇනේ,ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ..ඉතින් මේකයි කතාව අනාගතේ ඉංග්‍රිසි වලට අමතරව ලොකේ ප්‍රධාන භාෂාවක් විදියට චීන භාෂාව හා අමතර ප්‍රධාන ආසියානු භාෂාවන් භාවිතා කරන්න ඉඩ තියනවා..කොහොමත් මම දන්න විදියට ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාවලින් පලමු තැන හිමිවෙන්නෙ චීන භාෂාවට..නමුත් මම දන්න විදියට ලංකාවේ මෙය භාවිතය ඉතාම පහල මට්ටමේ..මීට වසර හතරකට පහකට විතර උඩදී මම ලංකාවෙදි හොයලා බැලුවා විවෘත කෙනෙකුට ඉගෙන ගන්න කොස් එකක් තිබුනේ BMICH එකේ විතරයි..ඉතින් කවුරැහරි අමතර භාෂාවක් විදියට චීන භාෂාව වගේ වැඩිපුර අනාගතේ භාවිතා කලහැකියි කියන භාෂාවක් ඉගෙන ගන්නව නම් සල්ලි තමයි..අනාගතේ හොදට ආයොජකයින්ගෙන් ඇන්ජීඕ කාරයින්ගෙන් තව සන්චාරකයින්ගෙන් දත ගලවන්න පුළුවන්..කාලයක් මතක නේ ජර්මන් ප්‍රංශ දැනගත්ත අය හොදට හම්බුකරපු හැටි..මම දන්න බරගනනක් ඉන්නවා භාෂාව පෙන්නලා හොදට මුදල් හම්බුකරන අය..මේ දේ සමහර විට විශ්ව විද්‍යාල වල ඉන්න හෝ උසස් රැකියා කරන ඔබලාට වැදගත් හෝ අත්‍යවශ්‍ය නොවිය හැක..ඒත් පුළුවන්නම් ඔය උසස් පෙලින් සාමන්‍යපෙලින් අටේ පන්තියෙන් වගේ හැලිච්ච කොල්ලො එකෙකුට දෙන්නෙකුට හරි කියලා බලන්න..තව ඕන තරම් ඉන්ටනෙට් එකේ සයිට් තියනවා ඉගෙන ගන්න..CD එකක් ගහලා දෙන්න පුළුවන්නෙ..උන් ගොඩ ගියොත් කවදාවත් ඔබලව අමතක කරන එකක් නැහැ..කොහොමත් ඉංග්‍රිසි දෙමල භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගන්න එක අපරාදයක් නෙවෙයි නේ..කවදක හරි උවමනා වෙන්න ඉඩ තියනවා..
ආ තව දෙයක්,ඔය චීන ජපන්‍ කොරියන් වගේ රටවල බොහෝ දෙනෙකුට ඉංග්‍රිසි බැහැ..වෙනකක් තියා මහාචාර්යයවරැ දොස්තර ඉංජිනේරැවෝ පවා වැඩිපුර ඉන්නෙ ඉංග්‍රිසි බැරි අය..ඒකට හේතු තමයි ඔවුන් හැම දෙයක්ම තමන්ගේ භාෂාවෙන් නිර්මානය කිරීම හා උච්චාරනයේ අපහසුව..ඒකත් ඉතින් අපට වාසියක් අනාගතේ බලවතුන් වේ යයි කියන අයගෙන් භාෂාවෙන් වාසි ගැනීමට..
ලොකේ ප්‍රධාන ජාතිය ප්‍රධාන භාෂාව ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහය වගේ බොහෝ දේ තිරණය කරන්නෙ ආර්ථික දේශපාලන බල තුලනයෙන් ඉදිරියෙන් ඉන්න අයට සාපේක්ෂව..අපේ සිංහල භාෂාවත් ඉතින් ලෝකේ ප්‍රබල භාෂාවක් කරගන්න පුළුවන් අපිත් ප්‍රබල රටක් වශයෙන් නැගිටුනොත්..