Sunday, August 30, 2009

රෑට පේන ලංකාව..

(කවුරැත් මේ දවස් වල අළුත් ශ්‍රී ලංකාවක් ගැන කතාකරනවා නේ..මමත් ඉතින් නිකන් ඉන්න ගමන් කල්පනා කලා අළුත් ලංකාවක් හදන්න අයිඩියා ටිකක්..
ඉක්මනින් වේගවත්ව අළුත් ලංකාවක් දියුණු ලංකාවක් ගොඩනගන්න මෙන්න මගෙන් අදහස් ටිකක්..සමහර විට කවුරැහරි මම පිස්සුවෙන් දොඩවනවයි කියලා හිතයි..මේ ලියලා තියෙන්නෙ සිරාවටම හෙන කාලයක් අත්දැකීමෙන් හොයා ගත්ත සීරියස් අදහස් වල සාරංශයක්..)

සියළුම සිගරට් වල මිල අවම වශයෙන් 75% කින් වත් පහල දැමීම කල යුතුය..
තවද ලංකාවේ ඇති සිගරට් වර්ග දෙකතුනට අමතරව(ගොල්ඩ් ලීෆ්,බ්‍රිස්ටල්) තවත් නිකොටින් ප්‍රමාණය අඩු තාර ප්‍රමාණය අඩු සිගරට් වර්ග වෙලද පොලට හදුන්වා දීම කල යුතුය.දැනට ලංකාවේ ඇති සිගරට් වර්ග වල නිකොටින් අසාන්න වශයෙන් 0.5mg(තාර 5mg) හො ඊට වඩා වැඩි අතර අවම වශයෙන් නිකොටින් 0.1mg-0.05mg(තාර 1mg-0.5mg) දක්වා අඩු අගයන්ගෙන් වත් වර්ග වෙලද පොලට හදුන්වා දීය යුතුය..

අරක්කු වල මිල පහල දැමීම සහ මිනිසුන්ට පහසුවෙන් මිලදී ගත හැකි වන අයුරැ පහසුකම් සැලසීම කල යුතුය..මීට අමතරව ලංකාවේදී ඕනෑම අවස්තාවක පානය කල හැකි වන අයුරැ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැර ප්‍රමාණය 20%ට පහල ප්‍රමතිගත දේශිය හෝ විදෙස් මත් පැන් වර්ගයක් හදුන්වාදීම.(මගේ අදහස අනුව ලංකාවේ රා මෙයට කදිම නිෂ්පාදනයක් වන අතර ප්‍රමතියක් ඇතිව බෝතල් කර වෙලද පොලට ඉදිරිපත් කිරිමට පහසුකම් සැලසීම..)

අරක්කු සිගරට් පානය නිදහසේ කිරිමට ඉඩ දිය යුතු අතර ප්‍රයොගික තත්ව සලකා බලා ප්‍රසිද්ධ ස්ථාන වල එය කිරීම ඉඩ නොදිය යුතුය.(එවැනි තැන්වල බීමට අවශ්‍ය නම් විදෙස් රටවල මෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව කුටි ඉදිකර දීම..)

ලංකාවේ සියළුම වැරදි වලට අදාලව නීති සංශෝධනය කල යුතු අතර ප්‍රධාන වශයෙන් වැරදි වලට දෙන දඩුවම සිරගත කිරීමකින් තොරව මුදල් මගින් දඩ වශයෙන් අය කරගත හැකි වන පරිදි නීති සංශෝධනය කල යුතුය..අවම වශයෙන් දැනට වැරදි වලට අදාලව අයකරගන්නා මුදල 200% කින් වත් වැඩි කල යුතුය..මිනිසුන්ට හුරැ වෙන අයුරින් එය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කල යුතුය..(මෙය පොලීසියට අමතරව වෙනත් නීතිය ක්‍රියාත්මක වන ආයතනයක් මගින් කල හැකි නම් ඉතා අගේය..)

ලංකාවේ නොමිලේ දෙන සියළුම සේවාවන්ගෙන් කිසියම් මුදලක් අය කල යුතුය..අවම වශයෙන් රෝහල් ගත වෙන කෙනෙකුගෙන් රැ 20-25 ක් වත් ආදී වශයෙන් අධ්‍යාපනය,ප්‍රවාහන ආදී සියළුම ක්ෂේත්‍ර වලද කිසියම් මුදලක් අය කල යුතුය..

නව තාප විදුලි බලාගාර දෙකක්වත් ඉදි කල යුතුය.

මිනිසුන්ට කාර්යක්ෂමතාව කියන දේ ඉගැන්විය යුතු අතර එය සදහා උපකරණ ටුල්ස් ආදිය පලදායි ලෙස භාවිතා කරන අකාරය ඉගැන්විය යුතුය.

කසාද බැදීම සදහා අවම වශයෙන් මොටර් බයිසිකලයක්,රස්සාවක් වත් තිබිය යුතුය යන මතය කාන්තාවන් අතර සමාජය තුල මාධ්‍ය මගින් රෝපනය කල යුතුය.

කාන්තාවන්ද පිරිමින් මෙන් හරි හරියට මජං ගාගෙන කලිසම් ඇදගෙන වැඩ කල යුතුය.බස් රථ රියදුරන් සදහා කාන්තාවන් ගත යුතුය.

ඔෆීස් වල වැඩකරනඅය,රාජ්‍ය සේවකයෝ,වයිට්කොලර් පොරවල් වලට වැඩිය මහන්සි වෙලා වැඩ කරන සාමන්‍ය සේවකයා උසස් යන මතය මධ්‍ය මගින් රෝපනය කල යුතු අතර බැංකුවකට රෝහලකට රාජ්‍ය ආයතනයකට පැමිනි විට කම්කරැවාට ප්‍රමුක තැන දිය යුතුය.

ලෝකයේ ප්‍රදාන කාර්මික රටවල්,ආයතන,බහුජාතික සමාගම් වලට එන්න අපේ රටේ ආයෝජනය කරන්න යනුවෙන් ඉල්ලීම් කල යුතුය.ඊට අමතරව දේශිය නිෂ්පාදකයින්ට අත හිත දිය යුතුය.

මිනිසුන් එකිනෙකාට ගෞවරව කරන්නන් පිරිසක් බවට අභිමානයක් ඇති පිරිසක් බවට කලාව සාහිත්‍ය ආගම මගින් පත් කල යුතුය.

තව ගොඩක් ඇත.ඒවා පසුව දවසක ලියමි..අපේ රට නැගිටිය යුත්තේ නිෂ්පාදන ක්ෂේත්‍රයෙනි.අපිට විකුනන්නට තෙල් හෝ වෙන දෙයක් නැත.නමුත් අපිට මිනිස් සම්පත විකුණන ගමන් අපේම කියා නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෝකය තුල ගොඩ නැගිය හැකිනම් අපට දියුණු විය හැක.එය රැදී ඇත්තේ මධ්‍යම පාන්තික හා පහල මධ්‍යම පාන්තික කම්කරැ පිරිස මතය.
මිනිසුන් වැඩ කලේ නැතිනම් කිසිම දෙයක් ලබා‍ගත නොහැකිය කියන දෙය වැපිරිය යුතුය..
මිනිසුන් fun එක තුල රාමුකල යුතුය.fun එක ලබාගැනීමට නම් වැඩකල යුතුය.
කිසියම් හෝ වින්දනයක් නිදහසක් නැත්නම් කිසිම මිනිසකු ආසාවෙන් තෘප්තියෙන් වැඩ කරන්නේ නැත..

5 comments:

  1. බොක්කෙන්ම එකඟයි !

    ReplyDelete
  2. සහතික ඇත්ත මචං..

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ..
    මෙහෙ ඔය වගේමයි..

    හැබැයි මෙහෙ නං ප්‍රසිද්ද තැන් වල දුම්පානය, මත්පැන් පානය තහනම් නෑ..
    ලඟදිම ඒකත් වෙයි..
    අර කියපු විදිහට කුටි හදල..

    ReplyDelete
  3. සම්ප්‍රදායික සිතුවිලිවලින් මිදී, අවසාන ප්‍රථඵලය ගැන පමණක් සිතා, විප්ලවීය සැලැස්මකට අනුව, විශ්මය ජනක වෙනසක් සිදුකිරීම සඳහා දරණ උත්සාහයක් වගේ.
    ඔබගේ යෝජනාවලින් බලාපොරොත්තුවන ප්‍රථිපල ද දකිවන්න.

    ReplyDelete
  4. සුපුන්-අනිවා..එල!

    ඇනොනිමස්-මමත් දන්න විදියට අරාබි රටවල් කිහිපයක් හැරැනු කොට ලෝකේ කිසිම රටක මත්පැන් හා දුම්පානයට විරැද්ධ නැති අතර සියළුම රටවල වගේ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානයද තහනම්ය..මමද ප්‍රසිද්ධ තැන්වල දුම්පානය තහනම් කිරීම යන කාරණයට එකග අතර නමුත් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථාන අර්ථ දැක්වීම පිලිබදව ගැටළු මට ඇත..

    බන්දුල-ගොඩක් ස්තුතියි..බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලය ආර්තික දියුණුව..බොහෝ අය ආර්ථික විද්‍යාකරැණු අර්ථ දැක්වීමේදී යොදාගන්නෙ සංඛ්‍යා හා තර්ක පදනම් වු තාර්කික ආර්ථික විද්‍යාව පමණි..නමුත් එයින් බැහැරව මිනිසාගේ හැසිරීම හා සිතුවිලි වෙනස් වීම යන කාරණය මත පදනම් වු ලොජිකලි නොවන ආර්ථික විද්‍යාකරැනු සංවර්ධනය යන කාරණයේදී සලකා බලන්නේ නැත..
    සරල උදාහරණයක් කිව්වොත් ලෝකයේ ඕනෑම රටක මහන්සි වී වැඩකරන කම්කරැවන්ගෙන් සියයට 75ක් වත් මත්පැන් හා දුම්වැටි පානය කරන අතර ඔවුන් වැඩිපුරම ප්‍රමුඛතාවය දෙන්නෙ දුම්වැටි හා මත්පැන් පානයටයි..මෙය ලෝකේ ඕනෑම රටකට පොදු අතර දල වශයෙන් වැටුපෙන් 12%ක් 15%ක් පමණ වෙයි..

    මත්පැන් හා දුම්වැටිවල මිල අඩුකිරීම මගින් මිනිසුන් සිගරට් අරක්කු බී පිස්සුකෙලීවිය කියා සමහරකු සිතනවා නම් එය තේරැමක් නැති කතාවකි..මක්නිසාද යත් සාමාන්‍යයෙන් මිනිසෙකුට බොන්න පුළුවන් සිගරට් අරක්කු ප්‍රමාණයක් ඇත..අනිත් දෙය තමයි බය යන ආර්ථික කරැණ..ඕනෑම මිනිසෙක් ලෙඩ වෙන්න බයය..
    තව දෙයක් තමයි සුලබ වීම සහ මිලදී ගැනිමේ පහසුව යන කාරනයත් එක්ක ඕනෑම දෙයකට ලැබෙන ප්‍රමුඛතාවය අඩුවීම සහ නිතීවිරොධි ක්‍රමවලට යෑමෙන් සිදුවන විනාශ සහ අලාබ අඩුවීම..

    මිනිසුන් නිදහස ෆන් එක දෙන ගමන් අනෙක් පැත්තෙන් හිරකල යුතුය..එය ලංකාව තුල ක්‍රියාත්මක වන ක්‍රමයට සම්පුර්ණයෙන්ම වෙනස් වන අතර ලංකාවේ ක්‍රියාත්මක වන්නෙ නිදහසක් ෆන් එක නැති වටපිටාවක මිනිසුන් තවත් හිර කිරීමය..

    ලංකාව තුල තවමත් සියළුම දේ මුදල් මත තීරණය නොවේ..සංවර්ධනයට ආර්තික දියුණුවට නම් සියළු දේ මුදල් මත තීරණය වෙන කාර්යය බහුල සමාජයක් නිර්මානය කල යුතුය..අපේ රටේ තවම එය නැත..
    (මෙය සාපේක්ෂව කලාව සාහිත්‍ය ආගම කියනදේත් වර්ධනය විය යුතුය..)

    ReplyDelete
  5. මේ කපේදී ලංකාවේ නම් ඕවා වෙන්නේ නැහැ!!!

    ReplyDelete