Sunday, September 13, 2009

ගැහැණු, බ්ලොග් සහ අනර්කලී....

ගැහැණුන් යනු මට හරියාකාරව අර්ථ දැක්විමක් දිය නොහැකි තවත් වස්තුවකි..විවිධ අය විවිධ අර්ථ දැක්වීම් දුන්නට මට එසේ ගොඩනගාගත් අර්ථ දැක්වීමක් නැත..සමහර විට අර්ත දැක්වීමක් තිබුනත් එය වචනයෙන් විස්තර කල නොහැකි ෆීලින් එකකි..

කලක් මත්ද්‍රව්‍ය භාවිතයට පුරැදු වී නැවත පුනුරැත්තාපනය වී සිටින මගේ මිතුරැ ටික්කා අයියාට අනුව ලෝකයේ ගැහැණුන් වර්ග තුනක් ඇත..
"ඉන්එක කොටසක් දැකපු ගමන්ම hard core pron රගපාන්න හිතෙන විදියේ කොටසක් වන අතර තව කොටසක් ඔරැවක දමාගෙන කැලණිපන්සල් ගෙන ගොස් නෙළුම් මල් තියා බුදුන් වැදිය හැකි පිරිසකි.තවත් කොටසක් ඉන්නා අතර දුටු විට කිසිම දෙයක් හිතෙන්නෙ නැත.."

වයස 40 ට වැඩි දරැවන් හතරදෙනෙකු ඉන්නා මගේ මිතුරැ උපුල් අයියාට අනුව "ගණිකාවක් සමග බුදියගැනීම යනු ගනුදෙනුවකි.ගනුදෙනුවක් හා බැදිමක් යනු දෙකකි.ගණිකාවක් සමග බුදියගෙන ඇයට මුදල් දුන් පසු ගනුදෙනුව ඉවර අතර ගනිකාවකට ඇගේ සැමියා හෝ වෙනකවුරැ හරි සමග බැදීමක් තබාගැනීමට අයිතියක් ඇති අතර උපුල් අයියාටද ගනිකාවක් සමග නිදාගත්තත් ඔහුගේ බිරිද සමග වචනයෙන් විස්තර කල නොහැකි බැදීමක් තියනවලු.."

වයසට යන තුරැම කසාදයක් කරගැනීමට බැරි වුනු මගේ මිතුරැ සිරිමල් අයියාට අනුව ගමේ ගැහැණුන්ගේ සෑබෑ ලස්සන බලන්නට නම් පන්සලේ කඨින පෙරහැරේ පස්සෙන් යන්න ඕනලු..ඒ කඨින පෙරහැර තියෙන්නෙ රෑ නිසාත්, එය ගම වටේ යන කොට නින්දෙන් නැගිට නිදිමත විකාරෙන් පැමින කඨිනයට අතගසන ගැහැණුන්ගේ කියුටිකිරා(පවුඩර් වර්ගයකි) මේකප් වලින් තොර සැබෑ ලස්සන දකින්න පුළුවන්ලු..

මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් මුනගැසුනු එක්තරා ජත්‍යන්තර කෙමිකල් වර්ගයක් බෙදාහරින සමාගමක නිලධාරියකු පැවසුයේ ඔහු ලෝකයේ වැඩියෙන්ම රස විදින දෙය ගැහැණිය වන අතර ඔහු යන සෑම රටකදීම ගැහැණියක් සමග ඇසුරේ යෙදෙන බවය..තවද ඔහුගේ විනෝදාංශය වනුයේ එම සෑම කාන්තාවකගෙන්ම ලිංගික ප්‍රදේශයෙන් රෝම කූපයක් ඉල්ලාගෙන එයත් සමග ඇගේ නම ගම විස්තර ආදිය එක්කර එකතු කිරීමය..
තවද ඔහු පැවසු එක් කරැණක් වනුයේ ලෝකයේ සෑම රටකම මුදලට ගත හැකි කාන්තාවකගේ සාමන්‍ය මිල පිරිමියකු දමන සපත්තු කූට්ටමකට ආසන්න වශයෙන් සමාන වන බවය..

සමහර විට ඉහත ඒවා විකාර විය හැක.එක එක්කෙනා කියපු දේවලින් ඔලුවට ආපු අදහස් ටිකකි..

ලංකාව ඇතුලත රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රනයතුල,මාධ්‍යතුල,අන්තර්ජාලයතුල,බ්ලොග් අවකාශයතුල කාන්තා අදහස් ප්‍රකාශ කිරීම කෙබදුද?
සියළු රාමු බිද ගැහැණුන්ට අදහස් ප්‍රකාශකිරීමට හැකියාවක් තිබේද?

බ්ලොග් අවකාශය තුල කීදෙනෙක් දන්නවද ගැහැණුන් පිරිමි විදියට ලියන බ්ලොග් සටහන් කීයක් තියනවද කියා..BF,Taboo,මිගාර ගේ සිට බොහෝ දේශපාලන සමාජ කාරණා කතාකරන බ්ලොග් අඩවි වල වැඩිපුරම විවිධ නම් වලින් පැමිණ කතාකරන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවාද?
බ්ලොග් අවකාශය තුල පොදු රිදම් එකෙන් පිට ප්‍රසිද්ධ බ්ලොග් අඩවි වැඩි හරියක් පවත්වාගෙන යන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවද?
අතිසංවේදී අතිශය මානුෂිය පොරවල් ලෙස හැසිරෙන බොහෝ අයට ලියන දෙයින් වත් ගැහැණු පිරිමි වෙන්කර හදුනාගැනීමට හැකියාවක් තියනවද?

සමහර විට එම බ්ලොග් ලියන මිතුරියන් ගැන විටෙක දුක සිතේ,විටෙක සතුට සිතේ,විටෙක ඔළුව මොන්ගල් වේ..කාන්තා ඇදුමෙන් පිට ඔවුන් නිදහසේ ලියන කොට කොතරම් දක්ෂද,නිර්මාණශිලීද,කොතරම් රැඩිකල්ද?පිරිමියෙකු ලෙස නිදහස විදින්න ඔවුන් කොතරම් ආසද?

මම නිතරම වෙනසක් අපේක්ෂා කරන කෙනෙකි..ලංකාව ඇමරිකාවක් කිරීමට වඩා සියළුදෙනාට සම අයිතීන් ඇති ලංකාවක් ඇතිවෙනවාට මම කැමතිය..
අනර්කලී ඡන්දය ඉල්ලනාවාට මම කැමති කෙනෙකි..අනර්කලී ඡන්දයට පැමණිම තුල ඇති දේශපාලයන සහ එහි ඇති සෘනාත්මක දෙයට වඩා තරැණ කාන්තාවක් දේශපාලනය පැමිණිම යන ධනාත්මක කරැණට මම ප්‍රමුකතාවය දෙමි.මක් නිසාද යත් ලංකාදේශපාලනය තුල කාන්තා නියෝජය වැඩිවිය යුතුමය.කාන්තාවන්ද සුකුමාල බව ඉවතලා ප්‍රසිද්ධ දේශපාලය තුල කේවල් කිරීමට එක් විය යුතුය..
කොහොමත් ලංකාව තුල ඇත්තේ ප්‍රතිපත්ති හෝ දාර්ශනික දේශපාලනයකට වඩා පුද්ගල දේශපාලයකි..අනර්කලී වැනි චරිතයකට පුද්ගල දේශපාලනය හරහා කල හැකි සේවය වැඩිය..ඇයට ඒ සදහා රෑපය,ප්‍රසිද්ධිය,කැපවීම,තරැණ කම,ගැහැණුකම,කපටිකම,පලිගැනීම,තරැවක් වීමේ උවමනාව ආදී නොයෙක් කාරණා අඩුවකින් තොරව පිහිටා ඇත..එම නිසා දකුනේ මිනිසුන් තමන්ට වැඩක් කරගැනීමට නම් අනර්කලී වැනි චරිතයකට කතිරයක් ගැසුවාට පාඩුවක් නැත...

16 comments:

  1. උඩම හරිය (කාන්තාවො වර්ග ටික) නම් සිරා...

    බ්ලොග් ලියන කාන්තාවො? :O
    මම නම් දන්නෙ Deeps විතරයි..

    අනර්කලී??
    එක්කො ඒක හිතුන එක නොලියම ඉන්නම්... :/

    ReplyDelete
  2. නියම ලිපියක්. ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
  3. ඇයි මම දන්න ප්‍රසිද්ධම හා ජනප්‍රියම සිංහල බ්ලොග්කාරිය මලී...?

    ReplyDelete
  4. නියම ලිපියත්. ඒත් අනර්කලී ගැන නම්.... අනේ මන්දා?

    ReplyDelete
  5. අනේ මන්දා.... deep's ගෙ අනං මනං ලෝකයට අමතර තවත් බ්ලොග් තියෙනවා ඇති. ඒත් අනර්කලී ආකර්ශණීය ඡන්ද ව්‍යාපාරයට ඒම.....

    ReplyDelete
  6. හොද ලිපියක්.... බොහොම සතුටුයි මේ වගේ ලිපියක් දකින්න ලැබීමත්... අපේ බ්ලොග් වලින්ම පටන් ගත්තොත්.. ක්‍රියාකාරීව සිංහල බොලොග් ලියන කාන්තාවන් ඉන්නවා අක්කන්ඩි,තුන්වැන්නි කියන අළුත් දෙන්නත් ඇතුළුව දීප්ස්, කාන්ච්,බ්ලොගී,ළිහිණි, පැංචි,නිරෝෂිණි,ස්වීට්පූ,සූ,බෝ... මේ විදියට මට මේ වෙලාවේ මතක් වෙන්නේ නැති ඒත් බ්ලොග් ලියන තව අය ඉන්නවා.. ඒත් මේ ‍බ්ලොග් නිතරම අප්ඩේට් වෙන්නේ නැති තත්වයක් නම් තියනවා තමා.. අනිත් වැදගත්ම දේ තමා තමා කාන්තාවන් හැටියට 100%ක් ස්වාධීනව තමන් කැමති විදියට අදහස් එළිදක්වන්න තවම වතාවරණයක් අපි අතර හැදිලා නැහැ.. දන්නවානේ කාන්තාවන් අවමන් විදින්න කැමති නැහැ.. ඒ නිසා ඉහත කිව්ව අය හැරුණම පිරිමි නමක් පිටුපස ඉදන් බ්ලොග් ලියන ගැහැණු අය ඇති.. මට ඒ අය ගැන දුකයි.. ඒත් සතුටුයි.!

    ReplyDelete
  7. ශාකුන්තලයෝ.. වර්නණාව හොදටම වැඩී වගේ.. අපොයි මට වඩා ප්‍රසිද්ධ හා ජනප්‍රිය කාන්තා බ්ලොග් කාරියන් ඉන්නවා.. :D

    ReplyDelete
  8. niyama lipiyak ., . . . hama dheyak ganama wenas konayakinuth balanna ona kiyana eka pahadili wenawa . . . niyamai . . .

    ReplyDelete
  9. අනර්කලීගෙන් කීයක් හම්බ උනාද?

    ReplyDelete
  10. "අනිත් වැදගත්ම දේ තමා තමා කාන්තාවන් හැටියට 100%ක් ස්වාධීනව තමන් කැමති විදියට අදහස් එළිදක්වන්න තවම වතාවරණයක් අපි අතර හැදිලා නැහැ.. දන්නවානේ කාන්තාවන් අවමන් විදින්න කැමති නැහැ.. "

    බ්ලොග් සහ ගැහැණු ගැන කිව්වොත් මෙන්න ඇත්තම කතන්දරේ... තියෙන ලොකු බාධාවක්. නිර්නාමිකව එල්ල වුණු නින්දා අපහාස නිසා අපේ සහෝදර බ්ලොග් ලියන්නියක් මෑතකදී බ්ලොග් ලිවීම නැවැත්වූ බව සමහර අය නොදන්නවත් ඇති.

    ReplyDelete
  11. ගොඩක් ස්තුතියි ඔක්කොටම..කාගේ හරි හිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕන..

    ගැහැණුන්ට කිසියම් විදියේ නිදහසක් අයිතියක් නැත්නම් ඒවා ලබාගෙන වටිනාකම වැඩිකර ගත යුත්තෙ ගැහැනුන්මය..නැතුව කිසිම පිරිමියෙක් අනේ ඔහෙලාට මේවා නැතෙයි අරවා නැතෙයි කියා පිරිනමන්න එන්නෙ නැත..ප්‍රයෝගික සමාජතලයේ බැරිනම් වර්චුවල් බුවලා සහ පොරවල්ලා ඉන්න අන්තර්ජාලේ වත් එය ටිකෙන් ටික ගොඩනගා ගත යුතුය..
    නැතුව පිරිමි නමකට මුවාවෙලා බොරැ ඇදබාගෙන ජෙන්ඩර් එක මේල් දමාගෙන හිටියට ලිව්වට ලැබෙන ඉටිගෙඩියක් නැත..ඔක්කොම ලකුණු යන්නෙ පිරිමින්ටය..
    අනික හැම මිනිහම ඕවට අහුවෙන්නෙත් නැත :)

    අනර්කලී ඡන්දය ඉල්ලනවාට මම කැමති වුනාට ඔහෙලා ඔක්කොමත් කැමති වෙන්න උවමනාවක් නැත..

    ඇනොනිමස්-එක්දහස්දෙසීයතිස්හතරයි ශතවිසිපහයි..මොනව කරන්නද අනර්කලීගෙන් හරි කීයක්හරි ඉල්ලගෙන අපිත් වේලා පස්සට දාගන්න එපැය..

    ශකුන්තල_මඩ යනු ගනන් ගත යුතු දෙයක් නොවේ..කාන්තාවන් නැති කරගතයුත්තෙ මඩ පොඩ්ඩක් වැදුනම බ්ලොග් ලිවිල්ලත් දමලා දුවන බොලද මානසිකත්වයය..ඒවා නැතිකරගන්න නම් මඩේ බැහැලම බැලිය යුතුය..

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. BF,Taboo,මිගාර ගේ සිට බොහෝ දේශපාලන සමාජ කාරණා කතාකරන බ්ලොග් අඩවි වල වැඩිපුරම විවිධ නම් වලින් පැමිණ කතාකරන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවාද?
    මෙය ඔබ විසින් ඔප්පුකර පෙන්විය යුතු කරුණක් බව පෙන්වා දිය යුතුය.


    නිර්නාමිකව එල්ල වුණු නින්දා අපහාස නිසා අපේ සහෝදර බ්ලොග් ලියන්නියක් මෑතකදී බ්ලොග් ලිවීම නැවැත්වූ බව සමහර අය නොදන්නවත් ඇති.

    නිර්ණාමික ලෙස බ්ලොග්කරුවෙකු මර්දනය සඳහා ඍජුවම දායක වූ ශාකුන්තල වැන්නෙක් මෙවැන්නක් ලිවීම විහිළුවකි. අනර්කලී ඡන්දයට පැමිනෙනුයේ කාන්තා නියෝජනයට වඩා වෙනත් න්‍යාය පත්‍රයක් ඔස්සේය. අළුතින් දුටු බ්ලොගයක්. සංවාදය තමා වැදගත්. බෝ මම හිතන්නේ ලිවීම නැවැත්තුවේ මොන හේතුව නිසාද කියලා මම නම් දන්නේ නැත. අන්තර්ජාලය භාවිත කරනවානම් කුණුහරුප එතරම් අරුමයක් වන්නේද නැත. ඔවැනි ගොන්පාට් නැවැත්වියද නොහැක. අවශ්‍ය වනුයේ සිය අනන්‍යතාවය ගොඩනගා ගැනීමය. එවිට වෙනකෙකු මඩ ගැසුවද තමා ගැන දැනගත යුතු අය දන්නා බැවින් අවුලක් කරගත යුතු නොවේ.

    ReplyDelete
  14. @ගෝමස්-//BF,Taboo,මිගාර ගේ සිට බොහෝ දේශපාලන සමාජ කාරණා කතාකරන බ්ලොග් අඩවි වල වැඩිපුරම විවිධ නම් වලින් පැමිණ කතාකරන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවාද?
    මෙය ඔබ විසින් ඔප්පුකර පෙන්විය යුතු කරුණක් බව පෙන්වා දිය යුතුය.//
    සමහර විට "වැඩිපුරම" යන වචනය අතිශෝක්තියකින් ලිය වුනත් බොහෝ විට එය නිවරදිය..
    එක්තරා හේතුවක් නිසා ‍බ්ලොග් අවකාශයට පැමිණිනු මමද දැන් වසරක පමණ කාලයක සිට බ්ලොග් අවකාශයේ යාවජීව සාමජිකයෙකි..එම කාලය තුලදී එය හුදෙක් බ්ලොග් අවකාශය තුල මා නොදැනුවත්වම විවිධ අන්වරථ නම් හා ඇනොනිමස් කමෙන්ට් මත ගොඩනගා ගත් වර්චුවල් සම්බන්ධතා(සමහර විට වචනය වැරදිය) මත එන නිගමනයක් වන අතර සමහර තැන්වල ඔප්පුකල නොහැකි අතර ඔප්පුකල හැකි වුවත් මම ඔප්පුකරන්නෙ නැත..

    අනර්කලීගේ පැමිනීමේ දේශපාලනික අදහස නම් එය බොහෝ විට ආණ්ඩුවේ ඡන්ද පදනම කෙබදුද යන්න නිරීක්ෂනයට යොදාගත් නියදියක් විය හැක..එනම් ආණ්ඩුවට ඡන්ද දිනන්නෙ සිංහල බෞද්ධ ඡන්දවලින් පමනක්ද යුද්ධය දින්න නිසාම ලැබෙන ඡන්ද පමණක් නිසාද ආදී හේතු කිහිපයක් මත විය හැකි අතර එහි ඉලක්කය බොහෝ විට මීලග ජනාධිපතිවරණය විය හැක..

    ReplyDelete