Sunday, January 17, 2010

චරිත..

(මට තිබෙන මානසික රෝග කිහිපය අතුරෙන් එකක් නිසා මීට ටික දවසකට ඉහතදී ඉරහද තරු ගැටගහමින් කල්පනාකරමින් ඉන්නා අතර තුර මගේ ඔළුවට ආපු අදහසකි..මෙය සම්පුර්ණයෙන් මගේ තනි අදහසක් නිසා කවුරුවත් කලබල විය නොවිය යුතු අතර අන්තිම දක්වා කියවන ලෙස ඉල්ලමි..)

ලෝකයේ ඉන්නා සෑම මිනිසෙක්ම ඔවුන්ගෙ හැසිරීම සිතුවිලිවල ස්වභාවය අනුව චරිත ලෙස වර්ග කලොත්,
සුදු චරිත
කළු චරිත
අළු චරිත
රතු චරිත
ගොතික් චරිත
පොර චරිත
බකමුණු චරිත

ආදී කොටස් කිහිපයකට වෙන්කල හැක.සමහරවිට සමහරු ගොඩවල් දෙකතුනකට අයිති වියහැකි අතර මීට අමතරව ඉහත ඒවායේ උපචරිත ලෙස බබා,පානි,උට්ටලන්,ගොරක ආදී නොයෙක් චරිතද ඇත..
ඉහත සදහන් ප්‍රධාන චරිත උදාහරණ ලෙස තරමක් විස්තර කලොත්,

සුදු චරිත..
මොවුන් මිනිසුන් සතුන් මැරීම,අන් අයගේ දේවල් හොරකම් කිරීම,අන් ගැහැණුපිරිමි සමග ලිංගික අනාචාරයේ යෙදීම,මත්පැන් දුම්වැටිපානය,බොරුකීම වැනි දේ අනුමත නොකරයි..ඒවායෙන් වැලකී සිටී..

කළු චරිත..
බොහෝ විට ඉහත සදහන් හිංසාව,ලිංගික අනාචාරය,මත්ද්‍රව්‍ය පානය වැනි දේවල් කරන්නෙ මොවුන්ය..නීතියෙන් විලංගු දමන්නෙ මොවුන්ටය..

අළු චරිත..

මොවුන් අමුතුම සෙට් එකකි..තම අයිතියක් වෙනුවෙන් මිනිසුන් සතුන් මැරීම අනුමත කරයි..බඩගිනි නම් හොරකම් කලාට කම් නැත,තමන්ට අවශ්‍ය නම් ෆන්එකට මත්ද්‍රව්‍යපානයට නිදහස ඇත,විහිළුවට වගේ බොරුකිව්වාට කම් නැත,අවශ්‍ය නම් නිදහස් විදියට කැමති ආකාරයට ලිංගික ඇසුරේ යෙදුනාට කම් නැත ආදී විදියට කිසිම ‍දේක හොදක් හෝ නරකක් නොදකී..

රතු චරිත..

මොවුන බොහෝ විට වේදානාත්මක අතදැකීම්,දුක වැනි දේ සමග ජීවත් වේ..නිහඩය..අළු චරිත වලට ආසන්න වන අතර කළු හෝ සුදු විය හැක..වැඩිපුර කවිකතා ලියන්නෙ මොවුන්ය..

ගොතික් චරිත..

මොවුනුත් සිරා කොටසකි..ඇගේ පච්ච කොටාගෙන ඇගපත පුරා කරාබු එල්ලගෙනද ජීවත් වේ..හැම මසක්ම කයි.අමුවෙනුත් කයි..ලේ දකිනකොට හිනාවෙන අයද සිටී..කැමති නම් අම්මා එක්ක වුනත් කම්නැත ලිංගික ඇසුරේ යෙදීම අනුමත කරයි..ඕනෑම ක්‍රමයක ලිංගික හැසිරිම් අනුමත කරන අතර ඕනෑම විදියට ඕනෑම මත්ද්‍රව්‍යක් ගත්තාට කමක් නැතැයි කියයි..

පොර චරිත..

මොවුන් වැඩිපුරම තමන් ‍නොදන්නා නොකරපු දේවල් ගැන හෝ කරපු දෙයක් ගැන නිතරම ලොකුවට කියවයි..ඒ මස් මාර රසයි මචං, ඒක අපි කෑවේ මෙහෙමයි..අපි අරෑට ගැහුවේ මෙහෙමයි..ඒක හොරකම් කිරීම සිම්පල් දෙයක්..ඒකි වාසී කෑල්ලක් ඒකිටත් මම ගැහුවා,ඕක මම දන්නවනේ,අඩෝ මට භාගයක් බොන්න පුළුවන්,හා වොඩ්කද ඒවා එල ආදී චරිත රගපායි..මට හිතෙන විදියට මමත් අයිති වෙන්නෙ ඔය ගොඩට විය හැක..

බකමුණු චරිත..

මොවුන් හැමදේටම හොයන්නෙ බලන්නෙ නැතිව හ්ම් හ්ම් කියමින් කාගේ හෝ මතයක් පස්සෙ යයි..

+ඉහත සදහන් චරිත වලින් නිවරදි අය කවුද?
+තමාගේ,අන් අයගේ,සමස්ථ මානව ප්‍රජා‍වගේම පැවැත්ම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දෙන්නෙ කවුරුන්ද?
+මිනිසාගේ පරිණාමය පටන්ගත්තදා සිට අද දක්වා මිනිසා මෙතරම් කාර්මික තාක්ෂණික අතින් බුද්ධිමය අතින් දියුණු වී ඇත්තෙ කුමන මිනිසුන් ගොඩ නගපු රාමුවක් තුලද?
+මිනිසාගේ ආනාගත පැවැත්ම තීරණය කරන්නෙ ඉහත සදහන් මිනිසුන්ගෙන් කුමන මිනිසුන් ගොඩ නගන රාමුවක් තුල සිටිය හොත්ද?

මට හිතෙන විදියට ඉහත සදහන් මිනිසුන්ගෙන් වඩාත් නිවරදි මිනිසුන් සුදු චරිතය..මිනිසාගේ අතීතයේ සිට අද දක්වා මිනිසාගේ මෙන්ම සමස්ථ පෘතුවියේම,සමස්ථ ජීවයේම පැවැත්ම තීරණය කර ඇත්තෙ සුදු මිනිසුන්ගෙ රාමුව තුලය..කොටින්ම කියතොත් "අපි සතුන්ගෙන් වෙන්කර අපි මිනිසුන් කර ඇත්තෙ සුදු චරිතයන්ය.."

"ලෝකේ හැම දෙයක්ම කරන්න,හැමදේටම නිදහසක් තියනවා.ඕනෑම කෙනෙකුට ස්වාධීනව කටයුතු කරන්න අයිතිය තියනවා..ලෝකේ හැමදෙයක්ම සාපේක්ෂයි ආදි සංකල්ප කියමින් 'මට ඕනෑම චරිතයක් වෙන්න අයිතිය ඇතැයි' කෙනෙකු තර්ක කරන්නටද පුළුවන.."
ඒත් ඔබ විය යුත්තෙ,
සුදුපාටට හුරු කළු චරිතයකි..
සුදුපාටට හුරු අළු චරිතයකි..
සුදුපාටට හුරු රතු චරිතයකි..
සුදුපාටට හුරු ගොතික් චරිතයකි..
සුදුපාටට හුරු පොර චරිතයකි..
සුදුපාටට හුරු බකමුණු චරිතයකි..

ඔබට කල්පනා කරන්න දෙයක් නැත්නම්,කතාකරන්න මාතෘකවක් නැත්නම්,කවිකතා ලියන්න බ්ලොග් ලියන්න දෙයක් නැත්නම් සුදු මිනිසුන් ගොඩනගපු රාමුවෙන් පිට දැකිය හැක..ඒත් ඒ රාමුවට එරෙහි වී යා නොහැක..මක් නිසාද යත් ස්වාභාවිකවම සමස්ථ ජිවයේම පැවැත්ම යන කාරණය ඔබව අවලංගු චරිතයක් කර ඉවත් කරනු ඇත..
ඔබට යාතාර්ථය දැකිය හැක..ඒත් පැවැත්ම පිලිබද යතාර්ථයට එරෙහි විය නොහැක..මක්නිසාද යත් එයද පවතින්නෙ යතාර්ථය තුල බැවිනි..

අවශ්‍ය එකමදේ චරිතයක් නොවී තමාම වීමය..

Sunday, January 3, 2010

නොදන්නා ස්තුතියක්..

(මගේ තියන ගොං අදහස් ටික ලියන්න කියලා පටන්ගත්ත මගේ බ්ලොග් එක නැවතිලාය..මොනව හරි කෙටිය යුතු උනත් මොනවා කොටන්නද?)

ගොම මැටිගහපු ගෙදරක උපන් මම, මට හිතෙන විදියට අසුව දශකයෙන් පස්සෙ විවෘත ආර්තික රටාව හින්දා පහල මධ්‍යම පාන්තිකයෙකු මුහුණ දෙන්න ඕන සියළුම ප්‍රශ්න කටු කාපු කෙනෙකි..ඒවා කියන්න ලජ්ජාවක් නම් මට නැහැ..ඒ මම ගෙවපු මගේ වසර 23න 24 ඇතුලත ඊට වඩා මම ගොඩක් මගේ ජීවිතය වෙනස් කරගතපු නිසා විය හැක..

පියාට රැකියාවක් නොමැති වීම..
අම්මා කුඩාකල මැද පෙරදිග යාම..
තුන් වේල හරියට පිරිමහ ගන්න,පාසල් යන්න මුදල් නොමැති වීම..
අවුරුදු දහය දොලහා වෙන විට පුළු පුළුවන් විදියට වැඩ කරලා ගෙදර ආර්තිකයට සම්මාදම් වීම..
උසස් පෙල ලියලා අවුරුදු 17 දී විතර කොලඹ සිකියුරිටි ජොබ් එකකට පැමිණිම..
එතනින් පස්සෙ සයිට් වල කොන්ක්‍රීට් ඇනිමේ සිට මැක්ඩොනලස්,හොටෙල්,නයිට් කලබ්,කැසිනෝ දක්වා විවිද රැකිය කිරීම..
හරියට ඉන්න හිටින්න තැනක් නැතිව සයිට් වල,පාරේ කාඩ් බෝඩ් කෑල්ලක්,පත්තර පිටුවක් එලාගෙන නිදාගැනීම..
අවුරුදු 21 ක වෙන්නටත් පෙර රැකියාවක් සදහා විදේශ ගත වීම..
නිතිවිරෝදී විදේස් සංක්‍රමණිකයකු විදියට විදේස් රටක අතරමං වීම තනි වීම..

හ්ම්ම්...ඒ මට මතක විදියට එහෙන් මෙහෙන් ටිකක්..කොහොමත් මට දැන් ගොඩක් දේවල් අමතකයි..

ඒ කාලය ඇතුලත කොච්චර නම් මිනිසුන් හමුවෙලා ඇතිද? කුඩුකාරයෝ,බඩුකාරයෝ,කොළුකාරයෝ,නපුංසකයෝ,හිපියෝ, නප්පියෝ,බේබද්දො,පාතලේ.....
හම්මෝ........

සියයට සියයක් නිදහස් ජීවිතයක් ගත කරන මම අදටත් ඒ එකෙක් වත් නොවී, මම මමම කරන්නෙ මමවත් ‍නොදන්නා කිසියම් බැදීම්ය..

සිගරට් බොන්න අතිශය ඇබ්බැහි වෙලා හිටපු මම,සිගරට් බොනකොට කට තුවාල වෙන බෙහෙත් බීලා එය නවත්ත ගත්තෙ මගේ උවමනාවටය..ඒත් මම ලගකදි සිට ඉද හිට සිගරට් බොමි..

කොතරම් අරක්කු බ්වුවත් ලැබුනත් කාම‍රයේ ශීතකරනයේ පුරවලා කොතරම් අරක්කු තිබුනත්, අරක්කු මට අප්‍රිය මම වත් නොදන්න හේතුවක්ය..

කොතරම් ලස්සන ගෑනු වටේ පිටේ හිටියත්,අවශ්‍ය නම් අඩුමිලට මිලදී ගත හැකි වුනත්, මම එයින් මුදවා මාව බැද තබාගන්නෙ මම වත් නොදන්නා බැදීම්ය..

මම හරියට නොදන්න ඒ බැදීම් සමහර විට ආගම,සංස්කෘතිය,ආදරය සෙනෙහස හෝ වෙන මොනයම් හෝ දෙයක් විය හැක..

බඩුකාරයෙක්,කුඩුකා‍රයෙක්,මංකොල්ලකාරයෙක්,හිපියෙක්,නප්පියෙක්,බේබද්දෙක් නොකර මම මමම කරන ඒ බැදීම් වලට ස්තුති වේවා..!