Sunday, January 3, 2010

නොදන්නා ස්තුතියක්..

(මගේ තියන ගොං අදහස් ටික ලියන්න කියලා පටන්ගත්ත මගේ බ්ලොග් එක නැවතිලාය..මොනව හරි කෙටිය යුතු උනත් මොනවා කොටන්නද?)

ගොම මැටිගහපු ගෙදරක උපන් මම, මට හිතෙන විදියට අසුව දශකයෙන් පස්සෙ විවෘත ආර්තික රටාව හින්දා පහල මධ්‍යම පාන්තිකයෙකු මුහුණ දෙන්න ඕන සියළුම ප්‍රශ්න කටු කාපු කෙනෙකි..ඒවා කියන්න ලජ්ජාවක් නම් මට නැහැ..ඒ මම ගෙවපු මගේ වසර 23න 24 ඇතුලත ඊට වඩා මම ගොඩක් මගේ ජීවිතය වෙනස් කරගතපු නිසා විය හැක..

පියාට රැකියාවක් නොමැති වීම..
අම්මා කුඩාකල මැද පෙරදිග යාම..
තුන් වේල හරියට පිරිමහ ගන්න,පාසල් යන්න මුදල් නොමැති වීම..
අවුරුදු දහය දොලහා වෙන විට පුළු පුළුවන් විදියට වැඩ කරලා ගෙදර ආර්තිකයට සම්මාදම් වීම..
උසස් පෙල ලියලා අවුරුදු 17 දී විතර කොලඹ සිකියුරිටි ජොබ් එකකට පැමිණිම..
එතනින් පස්සෙ සයිට් වල කොන්ක්‍රීට් ඇනිමේ සිට මැක්ඩොනලස්,හොටෙල්,නයිට් කලබ්,කැසිනෝ දක්වා විවිද රැකිය කිරීම..
හරියට ඉන්න හිටින්න තැනක් නැතිව සයිට් වල,පාරේ කාඩ් බෝඩ් කෑල්ලක්,පත්තර පිටුවක් එලාගෙන නිදාගැනීම..
අවුරුදු 21 ක වෙන්නටත් පෙර රැකියාවක් සදහා විදේශ ගත වීම..
නිතිවිරෝදී විදේස් සංක්‍රමණිකයකු විදියට විදේස් රටක අතරමං වීම තනි වීම..

හ්ම්ම්...ඒ මට මතක විදියට එහෙන් මෙහෙන් ටිකක්..කොහොමත් මට දැන් ගොඩක් දේවල් අමතකයි..

ඒ කාලය ඇතුලත කොච්චර නම් මිනිසුන් හමුවෙලා ඇතිද? කුඩුකාරයෝ,බඩුකාරයෝ,කොළුකාරයෝ,නපුංසකයෝ,හිපියෝ, නප්පියෝ,බේබද්දො,පාතලේ.....
හම්මෝ........

සියයට සියයක් නිදහස් ජීවිතයක් ගත කරන මම අදටත් ඒ එකෙක් වත් නොවී, මම මමම කරන්නෙ මමවත් ‍නොදන්නා කිසියම් බැදීම්ය..

සිගරට් බොන්න අතිශය ඇබ්බැහි වෙලා හිටපු මම,සිගරට් බොනකොට කට තුවාල වෙන බෙහෙත් බීලා එය නවත්ත ගත්තෙ මගේ උවමනාවටය..ඒත් මම ලගකදි සිට ඉද හිට සිගරට් බොමි..

කොතරම් අරක්කු බ්වුවත් ලැබුනත් කාම‍රයේ ශීතකරනයේ පුරවලා කොතරම් අරක්කු තිබුනත්, අරක්කු මට අප්‍රිය මම වත් නොදන්න හේතුවක්ය..

කොතරම් ලස්සන ගෑනු වටේ පිටේ හිටියත්,අවශ්‍ය නම් අඩුමිලට මිලදී ගත හැකි වුනත්, මම එයින් මුදවා මාව බැද තබාගන්නෙ මම වත් නොදන්නා බැදීම්ය..

මම හරියට නොදන්න ඒ බැදීම් සමහර විට ආගම,සංස්කෘතිය,ආදරය සෙනෙහස හෝ වෙන මොනයම් හෝ දෙයක් විය හැක..

බඩුකාරයෙක්,කුඩුකා‍රයෙක්,මංකොල්ලකාරයෙක්,හිපියෙක්,නප්පියෙක්,බේබද්දෙක් නොකර මම මමම කරන ඒ බැදීම් වලට ස්තුති වේවා..!



9 comments:

  1. මචෝ.... ගන්න වැදගත් දෙයක් විතරක් නෙමෙයි. ලස්සන අදහසකුත් මේ කතාවේ තියෙනවා. ස්තුතියි.

    ReplyDelete
  2. ඉතිං බං, ඔය අපූරුවට 'උඹ' උඹවම අදුනගෙන ඉන්නේ..
    ඒක කොයි තරම් නම් දෙයක්ද?

    ReplyDelete
  3. patta . . . uba gana hari aadambarai machan . .. !!! ubata jaya

    ReplyDelete
  4. නියම වැඩකාරයෙක්

    ReplyDelete
  5. පශ්චාත් 1977 යුගයේ පහළ මධ්‍යම පාංතිකයකු ලෙස ඔබ විඳි දුක් කන්දරාවට හේතුව 1977දී (වඩාත් නිවැරදිව 1978දී) ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස සිතා සිටීම එක අතකින් හරිය. එක අතකින් වැරදිය. මේ සා දුකක් විඳිමින් හෝ ඔබට අද ඇති තැනට එන්නට පුළුවන්ව ඇත්තේ ජයවර්ධන විසින් මේ වෙනස්කම් කළ නිසාය. එසේ නොකළේ නම් ඔබ අදත් (ලාඕසයේ හෝ කාම්බෝජයේ සමාන්තරයකු සේ) එක්කෝ නූගත් දිළිඳු ගොවියෙකි; නැතිනම් ආණ්ඩුවේ කන්තෝරුවක මාසයකට රුපියල් දෙදහසක් පඩි ගන්නා පියන් කෙනෙකි. මවට මැද පෙරදිග යාමට අවස්ථාවක් නොලැබිණි නම්, වසර 17දී කරන්නට සිකියුරිටි ජොබ් එකක් වත් නොතිබිණි නම් ඔබට අත්වන ඉරණම ගැන සිතා බලන්න.

    ReplyDelete
  6. තවත් රසවත් වෙනවා. ලබපු අත්දැකිම් ටිකක් අලුෙත්න් ලියන්න පුලුවන්නම්

    ReplyDelete
  7. ගොඩක් ස්තුතියි ඔක්කොටම!!!

    ටාබු මහත්තයා-ටාබු මහත්තයා කියන්නෙ මගේ මිත්‍රයෙක් මේ ලගදී කිව්වා වගේ "සරත් පොන්සේකා බිහිවුනේ එල්ටීටීය නිසාය,ඒක නිසා එල්ටීටීය බිහිවුන එක හොදය" වගේ කතාවක් මයේ හිතේ..
    ටාබු මහත්තයෝ ලංකාවේ හොද ආර්තිකයක් තියනවානම් මට මෙච්චර කටුකන්නත් ගොඩයන්න මෙච්චර මහන්සිවෙන්න ඔනෙනෙත් නැහැනේ..අනික ලෝකයේ රටවල් වලට සාපේක්ෂව 77ට පෙර අපි නොදියුණු තත්වයේ හිටිය සහ දැන් අපි දියුණු කියලා ටාබු මහත්තයා හිතනවාද?
    දෙයියනේ කියලා පුළුවන් වුනොත් මීලග සටහනකින් මගේ දැනුමේ හැටියට විවුර්ත ආර්තිකය ගැනත් සටහනක් ලියන්නම්කෝ..

    ReplyDelete