Sunday, July 26, 2009

Run..

(අපේ හිතේ තියන දේ හරියටම කියන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
මම හිතන්නෙ මම බ්ලොග් සටහන් ලිව්වට මට අවශ්‍ය වුනු දේ හරියටම එකම සටහනකින් වත් කියාගන්න බැරි වෙන්න ඇති..සමහර විට ඒ මම සටහන අච්චාරුවක් කරන නිසා වෙන්න ඇති..
මුළු ලෝකෙටම ගැලපෙන්න මුළු ලෝකෙම එකට අල්ලලා එකම එක සටහනක් ලියන්න ඇත්නම්..

මම පොඩ්ඩක් ඉනිමගක් තියලා අමාරුවෙන් හඳට නැග්ගා..හ‍‍‍‍ඳේ එල්ලිලා ඉදන් කමුලට අත ගහගෙන පොඩ්ඩක් පොලව දිහා බලන් හිටියා..)

මගේ ජීවිතේ කවුරුහරි ඇහුවොත් මම කැමතිම විද්‍යාඥයා කවුද කියලා.ඒ චාල්ස් ඩාවින්..ඒ වෙන මෙකවත් හින්දා නෙවෙයි මුළු ලෝකයම විස්තර කරන්න පුළුවන් අපුරු වචන ටිකක් ඉදිරිපත් කරපු නිසා..
ජිවියාගේ ,මගේ, උඹගේ,අපගේ පැවැත්මට පරිනාමයට දියුණුවට,
මම උඹ අපි මොන පරිසරයෙන් ආවත්, මොන සමාජයෙන් ආවත්,මොන රටෙන් ආවත්,මොන ආගමේ වුනත් ජාතකය මොකක් වුනත්,මොන සිතුවිලි වලින් සිටියත්.

ඉන්නා පොදු ප්‍රදාන පරිසරයට, සමාජයට,පොදු ආර්ථිකයට දේශපාලනයට
අනුවර්ථනය විය යුතුය.
එහිදි කන්න බොන්න, ඉන්න හිටින්න,අදින්න පලදින්න,විනෝද වෙන්න,අධ්‍යාපනයට,ආදරය කරන්න, තරගයකට මුහුණ දෙන්න වෙවි. ඒ තරගයෙන් වැඩිපුර ශක්තිය ඇති එකා ජය ගනීවි.
සමහර විට එය චිත්ත ශක්තිය,දරාගැනීමේ ශක්තිය,ආයුධ ශක්තිය,පිරිස් ශක්තිය ‍හෝ මුදල් ශක්තිය හෝ වෙනත් දෙයක් විය හැක.
ඒකෙන් ජය ගන්නා හෝ සටනෙන් වැඩිපුර ඉදිරියෙන් සිටින එකා/දෙය හෙවත් උචිතයා ඉතුරැ වී අනිත් එකා/දෙය අනුච්තයා ඉවත් විය යුතුය.එහෙම නැත්නම් මිය යා යුතුය....

හැම ආගමක්ම,ජාතියක්ම,දේශපාලන ප්‍රතිපත්තියක්ම ආදි සියළුම දේම හැසිරෙන්නේද මේ පොදු තියරියේය..ඔවුන් සියල්ලෝම තරගයේ යෙදෙයි..තමාගේ ආගම තමයි හොදම එක,තමාගේ ජාතිය තමයි හොදම ජාතිය,තමාගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි ‍හොදම ප්‍රතිපත්තිය ආදී වශයෙන් තර්ක කරයි..

මම කලයුත්තෙ කුමක්ද? තරගයේ යෙදීමය..
අපි කලයුත්තෙ කුමක්ද? තරගයේ යෙදීමය..
අපට කලහැක්කෙ කුමක්ද? කවුරැත් සාධාරණ ලෙස තරගයේ යෙදවීමය..තරගයේ යෙදෙන්න කවුරැත් ආහාර වලින් දැනුමෙන් අධ්‍යාපනයෙන් මුදල් වලින් සන්නද්ධ කිරිමය..

නමුත් සියවස් කිහිපයක්,පරම්පාරාවක් තුල ජයගන්නෙ එක දෙයකි,එක් පුද්ගල කොට්ටාසයකි..එම ජයද ඉස්තිර නැත..ඊලග සියවස් කිහිපයේදී ජයගන්නෙ වෙනත් දෙයකි,වෙනත් පුද්ගල කොට්ටාසයකි..
එය තමයි පරිණාමය..
තරගයේ යෙදී ගැලපෙන විදියට අනුවර්තනය විය නොහැකි නම් උචිතයා ඉතුරු වී අනුචිතයා ඉවත් විය යුතුය..

දැන් මම හ‍‍ඳෙන් බසිමි..මමද තරගයේ යෙදිය යුතුය.. I WANT TO BE THE BEST..

Saturday, July 18, 2009

බලු මස්, ගොළුබෙලි සුප්...

මේ සටහන ලියනවද නැද්ද කියලා දෙපාරක් කල්පනා කරලා ඔන්න ඔහේ ලියලා දැම්මා..සමහර විට ජුගුප්සාජනක වෙන්න පුළුවන්...මම ගැන වැරදියට හිතන්නත් වත් මාව පිළුකුල් කරන්න වත් එපා හොදේ...

ඔබ ලංකාවේදි මස් මාළු නොකන කෙනෙක් විය හැක..සමහර විට ඒ පව පින ගැන සිතා විය හැක..සමහර විට මස් මාළුවලට ප්‍රියතාවක් නැති හින්දා විය හැක..

ඒත් ඔබ මස් මාළු තුන්වේලටම කන රටකට ගියොත්..

තව ඔබ වැඩකරන ආයතනයෙන් කෑම පහසුකම් සලසා දීල තියන රෙස්ටුරන්ට් එකේ ඔබට හැමදාම කෑමට දෙන සුප් එක ගොළු බෙල්ලන්ගෙන් හදපු එකක් නම් මොකද කරන්නෙ?
පලවෙනි දවසේ එය දැක වමනේ දමා කෑමත් සමග වීසි කරයි..
දෙවැනි දවසේ බඩගින්නට එය නොකා බත්එක විතරක් කයි..
ටික දවසක් යනකොට ගොළුබෙල්ලො අයින් කර සුප් එක බොයි...
අවුරැද්දක් දෙකක් යනකොට ඔන්න ඔහේ ඔක්කොම කයි බොයි.

ඔබ විදෙස් මිතුරකුගේ ආරධනයකින් ඔහුගේ සාම්ප්‍රදායිකව ජීවත් වෙන දෙමව්පියන් බලන්නට යයි..
ඔවුන්ගේ සාම්ප්‍රදායික සම්ප්‍රදායට අනුව අමුත්තෙකුට දිය හැකි උතුම්ම බෝජන සංග්‍රය ලෙස ගෙදර සිටින ඇති කරන බල්ලා මරා එයින් පුච්චපු මස්ගාතයක් සමග වසර ගණනක් නයෙකු දමා පොලවේ වලලා තිබු වයින් වීදුරුවකින් උගුරක් පිලිගන්වයි..ඔබ කුමක් කරයිද?

(මේ ජීවිතයේ මම මුහුණ දුන්නු මට බොහෝ දේ කියා දුන්නු අවස්ථා හා අත්දැකීම් වලින් කිහිපයක්...මේ අත්දැකීම් මීට වඩා බොහෝ රළුයි..
මොකක්ද සංස්කෘතිය කියන්නෙ? මොකක්ද පව පින කියන්නෙ? මස් මාළු කනවනම් බල්ලො ගොළුබෙල්ලො කන එක ගැන අදහස මොකක්ද? පරිසරය කොහොමද මිනිහෙක් වෙනස් කරන්නෙ? පොතින් පතින් බණවලින් මවන ප්‍රතිපත්ති සැබෑ ප්‍රයෝගික ලෝකෙදි කොහොමද වෙනස් වෙන්නෙ වෙනස් කරන්නෙ?)

Tuesday, July 14, 2009

සන්නමන්න හා කවියක්..

(හ්ම්ම්ම්...අමු තිත්ත පට්ට කරැවලේ ලන්තෑරැම්එලියකුත් පත්තුකරන් මට උරැම කණාමැදි‍රි එලියක් දිහා බලාගෙන බ්ලොග් එකක් ලියන්න හදනවා..
බුහාහාහාහාහාහාහා..)
ඒ පොඩි ආතල් එකට ලියපු වචන ටිකක්..

කෙරවක්කෙකි
නෙළුම් මල් අතරින්
පත් මත ඇවිදින,
සිනාසෙනු..
කෑදැත්තෙකි
දියෙහි සිටින හොට ඇද
විරවගෙන තිබහෙන්
උඩ බලන
වහින තුරැ මහ වැස්ස,
සිනාසෙනු..
බල්ලන් නාවන්නට
පාලම් කැඩෙනතුරැ බලා සිටිනා
ගැඩිවිලෙකි,
මම
සිනාසෙනු..


අපේ මිගාර දොස්තර මහත්තයා මම ගියපාර ලියපු සටහනට බ්ලොග් සටහනක් ලියලාය..මට සංතෝසේ බැරැවා..ගොඩක් කොමෙට් පවා වැටිලාය..

ලංකවේ දෙමල සිංහල ගැටළුව බොහෝ දෙනා විවිද ආකරයෙන් විස්තර කරයි..ජාතිවාදී අරගලයක් විදියට දේශපාලනය හා ආර්ථිකය මුලික කරගත් අරගලයක් විදියට හා මානුෂිය පදනමේ ඉදගෙන එය විස්තර කරයි..නමුත් බොහො දෙනා එය ජාතිවාදී දේශපාලන හා මානුෂි්‍යවාදී යන සියල්ලෙ එකතුවක් ලෙස ගෙන විස්තර කීරීමට උත්සාහ නොකරයි..
එකම රටේ එකම විදියට උපදින සුළු ජාතියක තරැණයෙකු තරැණියක ජාතිවාදියකු බවට පත්වීම, එම ජාතිවාදියා කැරලි කාරයකු බවට පත්වීම,එම කැරලිකාරයා ත්‍රස්ථවාදි සංවිදානයක මරාගෙන මැරෙන සාමාජිකයකු බවට පත්වීම දක්වා මානසික පෙරලි චක්‍රයේ මුල බීජය හදුනා ගන්න බොහෝ අය උත්සාහ කරන්නෙ නැත..එය වචනයෙන් විස්තර කල නොහැකි සුළුජාතිකත්ව කමයි..
ඉහත දේ ලංකාවේ දෙමලාට ආදේශ කරන්නෙ නම් ලංකාවේ දෙමල ජාතිවාදය මතු වු අවස්ථාවලට එලාර යුගයේ ඉදන් අපට ඕනෑතරම් උදාහරණ ගෙන හැර දැක්විය හැක.දෙමල ත්‍රස්ථවාදයට හා මතු වු අවස්තාවලට උදාහරණ ගෙන හැර දැක්විය හැක. ඒත් සාමාන්‍ය රට වැසියකු ලෙස උපදින දෙමල තරැණයා තරැණිය ජාතිවාදියකු, ත්‍රස්තවාදියකු, මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු බවට පත්වීම ඔහු මහජාතිය හමුවේ සුළුජාතියකු විම නිසා මුහුණදෙන මානසික පෙරලියේ ප්‍රතිඵලයකි.එම නිසාය දෙමලකු දෙමල වීම නිසාම මුහුණදෙන දෙමල කම නිසා මෙය ඇති වුවා යයි කියන එකට කිසිවකුට පැහැදිලි උදා හරණ දිය නොහැක්කේ..එය අවබෝධයෙන් තේරැම් ගත යුතුය..

බොහෝ අයට මෙන් මිගාර දොස්තර මහත්තයට අනුවද ලංකාවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකි. සැබෑය ලංකාවේ භාෂා ප්‍රශ්නය ප්‍රධාන එකක් වෙයි..මිගාර මහත්තයට අනුව නම් //ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ දෙමළුන් සිංහ‍ල ඉගෙන ගැනීමට දක්වන අකැමැත්තයි// එම නිසා එතුමා ප්‍රධාන විසදුම විදියට දෙමළුන්ට සිංහල ඉගැන්වීමට යෝජනා කරයි..තව එතුමා සංවර්ධන හා ආර්ථික ප්‍රතිලාභ නියමාකාරව බෙදීනොයාමේ ප්‍රශ්නයක් ඇතිබව පිලිගනියි.එයද එතුමා දෙමළුන්ගේ කුල ප්‍රශ්නයකට බැරකරයි..අහෝ කේදයකි..
තව ලංකාවේ ගැටළුව තමිල්ණාන්ඩුව හා මැලේසියාවට සමපාත කරන්න උත්සාහයක් ගනී..තමිල්ණාන්ඩුවේ ඇත්තෙ ප්‍රාන්ත අනුව බලය බෙදු ආසන්න වශයෙන් පෙඩරල් රාජ්‍යයකි..අනිත් කාරණය නම් ඉන්දියාවේ දෙමළුන් හා හින්දීන් යනු භාෂාව වෙනස් වුනත් එකම ආගමික ජන කොට්ටාසය.
මැලේසියාවේදී මෙය බො‍හෝ දුරට වෙනස්වන්නෙ ඔවුන් ලබා ඇත දියුණු ආර්ථික සංවර්ධනයත් එක්කය..
තව කාරණයක් නම් උගත් අධ්‍යාපනයෙන් උසස් හා ආර්ථිකයෙන් උසස් හා නාගරිකරණය වුනු දෙමල ජනයාට සාම්ප්‍රදායික හා මධ්‍යමපාන්තික දෙමළුන් සමපාතනය කිරිමටද උත්සාහ කරයි.උන් සිංහලළුන් සමග ඉන්නවා නම් ඇයි අනිත් දෙමල උඹලාට ඉන්න බැරි කියා ඔවුන් තර්ක කරයි..
ඒවා සියල්ල පැහැදිලිව එකිනෙකට වෙනස් පරිසරයන්ය..
අධ්‍යාපනයේ වෛද්‍ය හා ඉංජිනේරැ ක්ෂේත්‍රයේ දෙමල ප්‍රතිශතය වැඩි බවට එතුමා තර්ක කරයි..එය ඔවුන් දෙමල කම නිසා මුහුණදෙන පීඩනයේ ප්‍රතිඵලයකි.ලංකාවේ ඇත්තෙ තරගකාරි අධ්‍යාපනයකි.එම තරගකාරි අධ්‍යාපනයේදී රටේ උසස් යැයි සම්මත රැකියා සදහාද ඇත්තෙ තරගයකි..එම තරගයෙන් ජයලැබීමට පෝසත් පවුලක එකෙකුට වැඩිය දුප්පත් එකෙකු වැඩිපුර උත්සාහකරයි.මහජාතියේ එකෙකුට වැඩිය සුළුජාතියක එකෙකු වඩා උත්සාහ කරයි.එය දුප්පත් එකෙකුට,සුළුජාතිකයෙකුට,ග්‍රාමිය එකෙකුට තමාට ඇති ප්‍රශ්නවලින් පීඩනයෙන් ගොඩ ඒමට ඇති එකම ක්‍රමය එය ලෙස තරගකාරි අධ්‍යාපනයෙන් ගොඩ ඒම දකින නිසාය..එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ගේ හා සුළුජාතිකයි‍න්ගෙ ප්‍රතිශතයන් වෛද්‍ය හා ඉංජිනේරැ ක්ෂේත්‍ර ආදී වලදී වැඩි වේ.
යාපනයේ සිටින සිංහලයා හා මාතර ඉන්නා දෙමලා යනු පැහැදිලි පරිසරයන් දෙකක්ය.යාපනයේ සිංහලයා මුහුණ‍ දෙන්නෙ භාෂා හා ප්‍රායෝගික අපහසුතාය..මාතර ඉන්නා දෙමලා මුහුණදෙන්නෙ භාෂාව හා දෙමලකම නිසා ඇතිවුනු ආත්ම හීනමානය හා සම්බන්ද අපහසුතාය.
මුස්ලිම් අයටද ප්‍රශ්න ඇත.මුස්ලිම් අයගේ ප්‍රශ්නය වෙනමම සාකච්චා කලයුතු එකකි.එය දෙමල අයගේ මෙන් ත්‍රස්ථවාදයක් බවට පත්වීමට පෙර එම සියළු ජාතින් ඇතුළුව සමස්ථ සුඵ ජාතික කම කියන පදනමේ සිට විසදුම් සෙවිය යුත්තේ..

( පුළුවන් නම් පසුගිය සටහන කියවන මෙන් ඉල්ලා සිටිමි.සරල වචන යොදාගත්තේ තේරැම් ගැනීමට පහසු වීමටය.අවශ්‍ය නම් උපේක්ෂාව කියන දේට සමාජ අධ්‍යාපන චින්තන විප්ලවක් කියලා එහෙම නැත්නම් ලොකු ලොකු අතුවලට බහුජාතික සමාගම් හා නව ගෝලීය ධනවාද තරගයේ ඉදිරියෙන් ඉන්නා රටවල් ආදීවශයෙන් ගත හැක.තවද මෙය මම නියෝජනය කරන මගේ පෞද්ගලික මතයයි.මට අවශ්‍ය ඕනෑම මතයක් දැරීමට අයිතියක් ඇත..)

අපි නොදැනුවත්වම අපෙන් පිටවන මහජාතිවාදයට අනුලෝමව සුළුජාතිවාදයත් වැඩිවේ.එය අප හදුනා ගත යුතුය.
වෙනකක් තියා මමද දකුනේන් ගොළුමුහුදයි උතුරෙන් හැඩිදෙමළුයි කියා ඉගැන්වු අධ්‍යාපනයෙන් මනස විකෘති වී බිහි වු තරැණයෙකු වෙමි..මඩ ඌරැ ආතල් දෙන ඩිස්පෙන්සරි මහත්තයාද එසේ බිහිවී තවම පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබුවත් සාමාන්‍ය මනුස්‍යයකුගේ මනසේ හැසිරීම තේරැම්ගෙන ජාතිවාදි මනස හදුනාගත නොහැකි පුද්ගලයෙක් බව නම් පෙනේ..එය තේරැම් ගැනිමට ඩිස්පැන්සරි මහත්තාය මැරැණු පසු ලබන ආත්මයේ දෙමලකු වී ඉපදෙන ලෙස මම පතමි..

Monday, July 6, 2009

නැවතුම් තිතේ සිට..

(මේ මගේ පෞද්ගලික මතය..ලිව්වේ සරලව මගේ හිතත් එක්ක කතා කරකර පැත්තක් නොමැතිව මධ්‍යස්තව..)

ලංකාවේ දෙමලට ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? පුළුවන් නම් එකක් කියපන්?
ලංකවේ දෙමල මිනිසුන්ට තියෙන්නෙ උන් උපතින්ම දෙමල ජාතකය කරගෙන ආපු නිසා ඇති වුනු ප්‍රශ්න..ඒවා තේරැම්ගන්න නම් එක්කො අපි දෙමලෙක් වෙන්න ඕන..එහෙම නැත්තනම් අපි දෙමලෙක් හිතන විදියට හිතන්න හෝ, දෙමලෙත් ඇට මස් ලේ නහරවලින් හැදුනු එකම හැගීම් දැනීම් ඇති මනුෂ්‍යයෙක් කියලා සිතලා දෙමලගේ ඇහින් ප්‍රශ්නය දකින්න ඕන..
ඒවා එක ප්‍රශ්නය දෙක ප්‍රශ්නය කියා වගන්තිකර හෝ භෞතික වශයෙන් ඇති ප්‍රශ්න වලට වඩා ආත්මයත් එක්ක බැදුනු ආත්ම ගෞවරවය පිලිබද ප්‍රශ්න..දෙමලා බස්එකේ ගියත්,රෝහලට ගියත්,රක්ෂාවකට ගියත්,වෙනත් තැනකට ගියත් ඌ සුළුජාතිය වීම නිසාම විදින්න වෙන ප්‍රශ්න..

ඉතින් ඕක හැම රටකම හැම සුළුජාතියකටම විදින්න වෙන ප්‍රශ්නනේ..
එහෙම කියලා ඒවා කර්මකාරකයට භාර දී මැරෙනකම් උන්ට ඒ විදියට ඉන්න කියන එකද මනුස්ස කම..

මොනවද විසදුම්..
ප්‍රධාන එක පමණට වඩා නලලේ තියන් ඉන්න සිංහල කමයි බෞද්ධකමයි ටිකක් අඩුකරලා බුද්ධාගමේ පවා කියලා තියන උපේක්ෂාව කියන දේ ඉගෙන ගෙන අනිත් ජාතින් ආගම් දිහාත් උපේක්ෂාවෙන් බලන්න පුරැදු වීම..
අවශ්‍යශ ජාතීන් අතර පුළුල් ජාතික එකමුතුවක් ගොඩනැගීම..
අනික සංවර්ධනය හා තාක්ෂණික දියුණුවත් සමග දියුණු ආර්ථිකයක් ගොඩ නැගීමට වෙහෙසීම..මිනිස්සුන්ගෙ මොන වෙනස්කමත් බෙදීමත් නැතිකරන්න පුළුවන් ප්‍රධාන දේ සංවර්ධනය. ඒක ඉතින් සෑම තැනකටම එක සමාන සංවර්ධනයක් වෙන්න ඕන..

එතොකට බලය බෙදීම..බලය බෙදන එක හොදයි..ඒ උතුරේ දෙමලගේ හිත සතුටු කරන්නයි..කේනද්‍රීය වෙලා තියන බලය විමධ්‍යගත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වෙන්නයි..
උතුරට බලය දුන්න පමණින් රට පුරා ඉන්න සමස්ථ දෙමලම දෙමල වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවද?
එතකොට කදුකර දෙමළුන්ට..

ජාතිකත්ව අනුපාතය අනුව රාජ්‍ය සේවා හා අනෙකුත් පත්වීම් හා අවස්ථා දීමට පියවර ගැනීමත් හොද දෙයක්..ඒවා නිරපේක්ෂ අගයන්ගෙන් නොව සාපේක්ෂව පලාතට තැනට ගැලපෙන විදියට..

අනික භාෂාවට දිය යුතු තැන භාෂාව භාවිතය.ප්‍රධාන එකක් ඒක විය යුතුයි..ඒවා සාකච්චා කරන එක ලොකු අයට භාරයි..

පලාත් සභාවලට බලය දෙන එක ගැන කියපු නිසා මේක ලියන්න හිතුනා..ලංකාවේ දෙමල කොල්ලො ආයුධ අතට ගත්තෙ සිංහල ජාතිවාදයට හා ආර්ථික අහේනියට පිලිතුරක් වශයෙන්..ඒත් ඒක ලොකේ තියන ප්‍රධාන ත්‍රස්ථවාදී සංවිධානයක් වුනේ තමිල්ණාණ්ඩුවෙන්,මැලේසියාවන් කරගන්න බැරි වුන දෙමල රාජ්‍යක් ලංකාවේ නිර්මාණය කිරීමට උපායෙන් වෙහෙසෙන ඩයස්පොරික දෙමළුන් හා නිර්මාණය වෙන රාජ්‍යයේ වාසිගන්න බලාගෙන ඉන්න ලොකු ලොකු අතුවල උදව්වෙන්..
ප්‍රභාකරන් මැරැණට උන් මැරිලා නෑ..අනික මේ තියන සිංහල ජාතිවාදය හමුවේ ආපහු දෙමල කොල්ලො ආයුධ අතට නොගනීවිය කියන්නත් බෑ..ආයුධ අතට ගත්ත ගමන් බකප්එක දෙන්න ඉන්න ලොකු ලොකු ජාතිවාදි අතු වලට අත පොවන්න බැරිවෙන්න බලයබෙදීම හෝ ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන හදන එක ඇගට ගුණයි..

හිතට ආපු හින්දා එකපාරට ලියලා දැම්මෙ..මොනව වුනත් ගොත්‍රික ජාතිවාදය ටිකක් බස්සගන්න එක නම් කාට කාටත් හොදයි..මොනදේත් උපේක්ෂාවෙන් බලල අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්ථමානයේ ජීවත් වෙමින් ආනගතය කතා බහකරලා සැලසුම් කලයුතුයි..ඒ කියන්නෙ අපි ඉන්න ඕන වර්ථමානයේ ගල්යුගයේ වත් අනගාරික යුගයේ වත් නෙවෙයි ගෝලියකරනය වු 21 වෙනි සියවසේ..