Saturday, July 18, 2009

බලු මස්, ගොළුබෙලි සුප්...

මේ සටහන ලියනවද නැද්ද කියලා දෙපාරක් කල්පනා කරලා ඔන්න ඔහේ ලියලා දැම්මා..සමහර විට ජුගුප්සාජනක වෙන්න පුළුවන්...මම ගැන වැරදියට හිතන්නත් වත් මාව පිළුකුල් කරන්න වත් එපා හොදේ...

ඔබ ලංකාවේදි මස් මාළු නොකන කෙනෙක් විය හැක..සමහර විට ඒ පව පින ගැන සිතා විය හැක..සමහර විට මස් මාළුවලට ප්‍රියතාවක් නැති හින්දා විය හැක..

ඒත් ඔබ මස් මාළු තුන්වේලටම කන රටකට ගියොත්..

තව ඔබ වැඩකරන ආයතනයෙන් කෑම පහසුකම් සලසා දීල තියන රෙස්ටුරන්ට් එකේ ඔබට හැමදාම කෑමට දෙන සුප් එක ගොළු බෙල්ලන්ගෙන් හදපු එකක් නම් මොකද කරන්නෙ?
පලවෙනි දවසේ එය දැක වමනේ දමා කෑමත් සමග වීසි කරයි..
දෙවැනි දවසේ බඩගින්නට එය නොකා බත්එක විතරක් කයි..
ටික දවසක් යනකොට ගොළුබෙල්ලො අයින් කර සුප් එක බොයි...
අවුරැද්දක් දෙකක් යනකොට ඔන්න ඔහේ ඔක්කොම කයි බොයි.

ඔබ විදෙස් මිතුරකුගේ ආරධනයකින් ඔහුගේ සාම්ප්‍රදායිකව ජීවත් වෙන දෙමව්පියන් බලන්නට යයි..
ඔවුන්ගේ සාම්ප්‍රදායික සම්ප්‍රදායට අනුව අමුත්තෙකුට දිය හැකි උතුම්ම බෝජන සංග්‍රය ලෙස ගෙදර සිටින ඇති කරන බල්ලා මරා එයින් පුච්චපු මස්ගාතයක් සමග වසර ගණනක් නයෙකු දමා පොලවේ වලලා තිබු වයින් වීදුරුවකින් උගුරක් පිලිගන්වයි..ඔබ කුමක් කරයිද?

(මේ ජීවිතයේ මම මුහුණ දුන්නු මට බොහෝ දේ කියා දුන්නු අවස්ථා හා අත්දැකීම් වලින් කිහිපයක්...මේ අත්දැකීම් මීට වඩා බොහෝ රළුයි..
මොකක්ද සංස්කෘතිය කියන්නෙ? මොකක්ද පව පින කියන්නෙ? මස් මාළු කනවනම් බල්ලො ගොළුබෙල්ලො කන එක ගැන අදහස මොකක්ද? පරිසරය කොහොමද මිනිහෙක් වෙනස් කරන්නෙ? පොතින් පතින් බණවලින් මවන ප්‍රතිපත්ති සැබෑ ප්‍රයෝගික ලෝකෙදි කොහොමද වෙනස් වෙන්නෙ වෙනස් කරන්නෙ?)

10 comments:

  1. මොනවා වුනත් වයින් එකනනම් වටිනවා

    ReplyDelete
  2. මොනා කරන්නද ඇස් දෙක පියාන ගිලදානවා මිසක් නැද්ද මචං . . . හික්ස්

    ReplyDelete
  3. මචෝඕක හැමදේටම මුල හිත, හිතයි මේක හරි, හරි නෑ කියලා හිතෙන්නේ. ආප්‍රිකාවේ ගෝත්‍රයක් අමුත්තෙක් පිළිගන්නේ මුහුණට කෙළ ගහලා, ගෝත්‍රයක් ඔලුවට ගහලා. ඒත් අපි ජිවත් වන පරිසරය අනුව හැඩ ගැසී ඇති ආකාරය නිසා දේ තිරණ වෙන්නේ මචෝ.

    ReplyDelete
  4. බලු මස් ඩෙවල් දාලා වයින් ඵක .............>>>>>>>>>>> ම් ම් ම්

    ReplyDelete
  5. ඇත්තෙන්නම් මම නම් හරිම ආසාවෙන් ඉන්නේ ඔයා කෑම බීම රස විඳලා බලන්න

    ReplyDelete
  6. මිනිස්සුන්ගෙ කෑම බීම කියන්නෙ සංස්කෘතියෙම ෙකාටසක්. අපි අනුන්ගෙ සංස්කෘතියක ජීවත් වෙනවනම් ඒ ඒ කෑම බීම ගන්න ෙවනවා.

    වවුලගෙ ගෙදර ගියා නම් ඒල්ලිල ඉන්න වෙනවලුෙන්.

    කාලයක් වෙජිටෙරියන් ෙවච්ච මට ඒක අත් අරින්න වුෙන් වෙන රටකදි නෙවෙයි, ලංකාෙවම හද්ද වන්නියෙ දවස් ගානක් ගත කරන්න වුනු නිසා.

    ReplyDelete
  7. වයින් එක නම් මොනා හරි... ‍ගොළුබෙල්ලා ගැන තමා හිතා ගන්න බැරි.. බල්ලා නම් මාව මැරුවත් කන්නේ නෑ..! යාළුවෙක්ගේ මස් කන්න බැහැ නේ? ඒත් රටක සංස්කෘතිය එක්ක බැදිලා තියන දේවල් නිසා සමහර වෙලාවට අසරණ වෙනවා තමා.. ඒත් කරන්න දෙයක් නෑ..

    ReplyDelete
  8. චීන,කොරියන්,ජපන්,තායි,වියට්නාම්,පිලිපීන්,ඉන්දුනීසියන් වැනි රටවල ආහාර කෑම බීම සංසකෘතිය හරි අමුතුයි..ඔවුන් කන ඔවුන්ගේ මිල අදිකම කෑම වර්ගයක් තමයි බලුමස්..මම එම ජතින්වල අයත් එක්ක නිතරම ඉන්න නිසා මම විදින සුලභ සිද්ධියක් ඒක..ඒත් ඉතින් මිනිසුන් බල්ලෝ සර්පයෝ කෑව පමණින් අපට රාමුකරන්න පුළුවන්ද?

    චමිල_ ඇත්තටම මචං ඒක වයින් එකක් නෙවෙයි..මිදි වලින් හදලා තිබුනට ඊට වඩා සැර වැඩිය..ඒකට තව ජින්සෙන් (ginseng) කියන බෙහෙත් මුල් වර්ගයකුත් දමලා තිබුනේ..මම නම් අවස්ථා දෙක තුනක්ම අත්දැකීම වින්දා..

    දුකා_ගිලලා නම් දැම්මෙ එහෙම තමයි..අවුලක් උනේ නෑ..ගෙදර ඇවිත් දැම්මා දබර ඇගිල්ලයි මැදගිල්ලයි උගුරට ආපහු ප්‍රතිචක්ක්‍රියකරණය කරල එලියට දැම්මා..

    ගයන්ත_මොනාකරන්නද මලේ අවස්ථාව ආවම කිරිමැටි උනත් ගිලින්න උනත් සිද්ධ වෙනවා..රෙඩිවෙලා ඉන්න ඕන..

    බින්කු_බින්කු උඹ කියන එකත් ඇත්ත..එත් ම‍ලේ මම හිතන්නෙ ඒක හරි මේක වැරදි කියන දේ අපේ ඔළුවට දමන්නෙ අපි ඉන්න සංස්කෘතිය ‍උපසංස්කෘතිය ගොඩන්න මුල් උනුඅයට අනුව..ඒ නිසා බොහෝ වෙලාවට අපේ හිතත් වැඩකරන්නෙ ඒ ගොඩනග්න මුල් උනු අයගේ ප්‍රතිපත්ති හා නීතීරීතී වලට අනුව..

    උෂාන්_එලට සෙට්වෙනවා.ට්‍රයි කරපන්.වාසි කෑමක්..නාවික හමුදාවේ ඉන්න මගේ එක් සහෝදරයෙක්ට නම් එක්තරා විශේෂ පුහුණුවකදී ලංකාවෙදිම කන්න සිද්ධ වුනාළු..ම්ම්මම්ම..

    මරේ_පෙරේත කමකට නෙවෙයි..ඒ උනාට අත්දැකීමක් විදියට වින්දට අවුලක් නැහැ මම හිතන්නෙ..බලුමස්නම් මචං හුගක් සොෆ්ට්..අරක්කු පොඩ්ඩිත්තනම් මචං පන්කාදු පහයි..

    ච්න්තක_අනිවා අනිවා මචං..වවුලගෙ කතාව නම් කොහොත් එකයි..

    මලී_හ්ම්ම්..හැම බල්ලො වර්ගයක්ම ඔවුන් කන්නෙ නැහැ..විශේෂ බල්ලො වර්ග එකක් දෙකක් තියනවා..ඔවුනුත් බල්ලො ඇතිකරනවා.හැබැයි ඒ බල්ලො බොන්සායි ක්‍රමේට හදපු එවුන් වගේ කොච්චර නාකි වුනත් පුසෙකුට වැඩිය පොඩියි..රෙදි අන්දලා සැන්පවුඩර් දාලා ලමයි වගේ තමයි..

    (මෙය ලියලා තියෙන්නෙ නිතරම දකින සිද්ධියක් සහ විදින්න වුනු අත්දැකීමක් දෙකක් පමණයි..බලුමස් ෆාම් බලුමස් හොටෙල් එහෙමත් මෙම රටවල හැමනගරයකම වගේ තියෙනවා..ඉතා මිල අධිකයි..සර්පයින් හා විවිධ ශාක මුල් දමපු මධ්‍යසාර වර්ගත් එහෙමම තමයි..මේ ලිව්වට අපිත් ඉතින් සතා සිව්පාවට ආදරෙයි හොදේ..)

    ReplyDelete
  9. තව විශේෂ දෙයක්..සාපේක්ෂව අග්නිදිග ආසියා රටවල ලිංගික අවයව කුඩායි..ඔවුන් අතර මතයක් තියනවා බලුමස් කෑවම ලිංගික අවයව වර්ධනය වේ සහ ලිංගික තෘප්තිය වැඩි වේ යන මතය..එමනිසා එම රටවල බලුමස් කෑම ප්‍රචලිතව ඇතැයි කියනවා..

    තව දෙයක් තමයි..ජපන් කොරියා චීන වැනි රටවල් කෑම හිග කාලේ(යුද්ධ වලට මැදි වීම නිසා) ඔවුන් අතට අසුවෙන හැම දෙයක්ම කාලා වැඩකල බව..එම නිසා ඔවුන් එම කෑම කෑමට හුරැ වු බව..

    ReplyDelete