Tuesday, July 14, 2009

සන්නමන්න හා කවියක්..

(හ්ම්ම්ම්...අමු තිත්ත පට්ට කරැවලේ ලන්තෑරැම්එලියකුත් පත්තුකරන් මට උරැම කණාමැදි‍රි එලියක් දිහා බලාගෙන බ්ලොග් එකක් ලියන්න හදනවා..
බුහාහාහාහාහාහාහා..)
ඒ පොඩි ආතල් එකට ලියපු වචන ටිකක්..

කෙරවක්කෙකි
නෙළුම් මල් අතරින්
පත් මත ඇවිදින,
සිනාසෙනු..
කෑදැත්තෙකි
දියෙහි සිටින හොට ඇද
විරවගෙන තිබහෙන්
උඩ බලන
වහින තුරැ මහ වැස්ස,
සිනාසෙනු..
බල්ලන් නාවන්නට
පාලම් කැඩෙනතුරැ බලා සිටිනා
ගැඩිවිලෙකි,
මම
සිනාසෙනු..


අපේ මිගාර දොස්තර මහත්තයා මම ගියපාර ලියපු සටහනට බ්ලොග් සටහනක් ලියලාය..මට සංතෝසේ බැරැවා..ගොඩක් කොමෙට් පවා වැටිලාය..

ලංකවේ දෙමල සිංහල ගැටළුව බොහෝ දෙනා විවිද ආකරයෙන් විස්තර කරයි..ජාතිවාදී අරගලයක් විදියට දේශපාලනය හා ආර්ථිකය මුලික කරගත් අරගලයක් විදියට හා මානුෂිය පදනමේ ඉදගෙන එය විස්තර කරයි..නමුත් බොහො දෙනා එය ජාතිවාදී දේශපාලන හා මානුෂි්‍යවාදී යන සියල්ලෙ එකතුවක් ලෙස ගෙන විස්තර කීරීමට උත්සාහ නොකරයි..
එකම රටේ එකම විදියට උපදින සුළු ජාතියක තරැණයෙකු තරැණියක ජාතිවාදියකු බවට පත්වීම, එම ජාතිවාදියා කැරලි කාරයකු බවට පත්වීම,එම කැරලිකාරයා ත්‍රස්ථවාදි සංවිදානයක මරාගෙන මැරෙන සාමාජිකයකු බවට පත්වීම දක්වා මානසික පෙරලි චක්‍රයේ මුල බීජය හදුනා ගන්න බොහෝ අය උත්සාහ කරන්නෙ නැත..එය වචනයෙන් විස්තර කල නොහැකි සුළුජාතිකත්ව කමයි..
ඉහත දේ ලංකාවේ දෙමලාට ආදේශ කරන්නෙ නම් ලංකාවේ දෙමල ජාතිවාදය මතු වු අවස්ථාවලට එලාර යුගයේ ඉදන් අපට ඕනෑතරම් උදාහරණ ගෙන හැර දැක්විය හැක.දෙමල ත්‍රස්ථවාදයට හා මතු වු අවස්තාවලට උදාහරණ ගෙන හැර දැක්විය හැක. ඒත් සාමාන්‍ය රට වැසියකු ලෙස උපදින දෙමල තරැණයා තරැණිය ජාතිවාදියකු, ත්‍රස්තවාදියකු, මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු බවට පත්වීම ඔහු මහජාතිය හමුවේ සුළුජාතියකු විම නිසා මුහුණදෙන මානසික පෙරලියේ ප්‍රතිඵලයකි.එම නිසාය දෙමලකු දෙමල වීම නිසාම මුහුණදෙන දෙමල කම නිසා මෙය ඇති වුවා යයි කියන එකට කිසිවකුට පැහැදිලි උදා හරණ දිය නොහැක්කේ..එය අවබෝධයෙන් තේරැම් ගත යුතුය..

බොහෝ අයට මෙන් මිගාර දොස්තර මහත්තයට අනුවද ලංකාවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකි. සැබෑය ලංකාවේ භාෂා ප්‍රශ්නය ප්‍රධාන එකක් වෙයි..මිගාර මහත්තයට අනුව නම් //ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ දෙමළුන් සිංහ‍ල ඉගෙන ගැනීමට දක්වන අකැමැත්තයි// එම නිසා එතුමා ප්‍රධාන විසදුම විදියට දෙමළුන්ට සිංහල ඉගැන්වීමට යෝජනා කරයි..තව එතුමා සංවර්ධන හා ආර්ථික ප්‍රතිලාභ නියමාකාරව බෙදීනොයාමේ ප්‍රශ්නයක් ඇතිබව පිලිගනියි.එයද එතුමා දෙමළුන්ගේ කුල ප්‍රශ්නයකට බැරකරයි..අහෝ කේදයකි..
තව ලංකාවේ ගැටළුව තමිල්ණාන්ඩුව හා මැලේසියාවට සමපාත කරන්න උත්සාහයක් ගනී..තමිල්ණාන්ඩුවේ ඇත්තෙ ප්‍රාන්ත අනුව බලය බෙදු ආසන්න වශයෙන් පෙඩරල් රාජ්‍යයකි..අනිත් කාරණය නම් ඉන්දියාවේ දෙමළුන් හා හින්දීන් යනු භාෂාව වෙනස් වුනත් එකම ආගමික ජන කොට්ටාසය.
මැලේසියාවේදී මෙය බො‍හෝ දුරට වෙනස්වන්නෙ ඔවුන් ලබා ඇත දියුණු ආර්ථික සංවර්ධනයත් එක්කය..
තව කාරණයක් නම් උගත් අධ්‍යාපනයෙන් උසස් හා ආර්ථිකයෙන් උසස් හා නාගරිකරණය වුනු දෙමල ජනයාට සාම්ප්‍රදායික හා මධ්‍යමපාන්තික දෙමළුන් සමපාතනය කිරිමටද උත්සාහ කරයි.උන් සිංහලළුන් සමග ඉන්නවා නම් ඇයි අනිත් දෙමල උඹලාට ඉන්න බැරි කියා ඔවුන් තර්ක කරයි..
ඒවා සියල්ල පැහැදිලිව එකිනෙකට වෙනස් පරිසරයන්ය..
අධ්‍යාපනයේ වෛද්‍ය හා ඉංජිනේරැ ක්ෂේත්‍රයේ දෙමල ප්‍රතිශතය වැඩි බවට එතුමා තර්ක කරයි..එය ඔවුන් දෙමල කම නිසා මුහුණදෙන පීඩනයේ ප්‍රතිඵලයකි.ලංකාවේ ඇත්තෙ තරගකාරි අධ්‍යාපනයකි.එම තරගකාරි අධ්‍යාපනයේදී රටේ උසස් යැයි සම්මත රැකියා සදහාද ඇත්තෙ තරගයකි..එම තරගයෙන් ජයලැබීමට පෝසත් පවුලක එකෙකුට වැඩිය දුප්පත් එකෙකු වැඩිපුර උත්සාහකරයි.මහජාතියේ එකෙකුට වැඩිය සුළුජාතියක එකෙකු වඩා උත්සාහ කරයි.එය දුප්පත් එකෙකුට,සුළුජාතිකයෙකුට,ග්‍රාමිය එකෙකුට තමාට ඇති ප්‍රශ්නවලින් පීඩනයෙන් ගොඩ ඒමට ඇති එකම ක්‍රමය එය ලෙස තරගකාරි අධ්‍යාපනයෙන් ගොඩ ඒම දකින නිසාය..එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ගේ හා සුළුජාතිකයි‍න්ගෙ ප්‍රතිශතයන් වෛද්‍ය හා ඉංජිනේරැ ක්ෂේත්‍ර ආදී වලදී වැඩි වේ.
යාපනයේ සිටින සිංහලයා හා මාතර ඉන්නා දෙමලා යනු පැහැදිලි පරිසරයන් දෙකක්ය.යාපනයේ සිංහලයා මුහුණ‍ දෙන්නෙ භාෂා හා ප්‍රායෝගික අපහසුතාය..මාතර ඉන්නා දෙමලා මුහුණදෙන්නෙ භාෂාව හා දෙමලකම නිසා ඇතිවුනු ආත්ම හීනමානය හා සම්බන්ද අපහසුතාය.
මුස්ලිම් අයටද ප්‍රශ්න ඇත.මුස්ලිම් අයගේ ප්‍රශ්නය වෙනමම සාකච්චා කලයුතු එකකි.එය දෙමල අයගේ මෙන් ත්‍රස්ථවාදයක් බවට පත්වීමට පෙර එම සියළු ජාතින් ඇතුළුව සමස්ථ සුඵ ජාතික කම කියන පදනමේ සිට විසදුම් සෙවිය යුත්තේ..

( පුළුවන් නම් පසුගිය සටහන කියවන මෙන් ඉල්ලා සිටිමි.සරල වචන යොදාගත්තේ තේරැම් ගැනීමට පහසු වීමටය.අවශ්‍ය නම් උපේක්ෂාව කියන දේට සමාජ අධ්‍යාපන චින්තන විප්ලවක් කියලා එහෙම නැත්නම් ලොකු ලොකු අතුවලට බහුජාතික සමාගම් හා නව ගෝලීය ධනවාද තරගයේ ඉදිරියෙන් ඉන්නා රටවල් ආදීවශයෙන් ගත හැක.තවද මෙය මම නියෝජනය කරන මගේ පෞද්ගලික මතයයි.මට අවශ්‍ය ඕනෑම මතයක් දැරීමට අයිතියක් ඇත..)

අපි නොදැනුවත්වම අපෙන් පිටවන මහජාතිවාදයට අනුලෝමව සුළුජාතිවාදයත් වැඩිවේ.එය අප හදුනා ගත යුතුය.
වෙනකක් තියා මමද දකුනේන් ගොළුමුහුදයි උතුරෙන් හැඩිදෙමළුයි කියා ඉගැන්වු අධ්‍යාපනයෙන් මනස විකෘති වී බිහි වු තරැණයෙකු වෙමි..මඩ ඌරැ ආතල් දෙන ඩිස්පෙන්සරි මහත්තයාද එසේ බිහිවී තවම පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබුවත් සාමාන්‍ය මනුස්‍යයකුගේ මනසේ හැසිරීම තේරැම්ගෙන ජාතිවාදි මනස හදුනාගත නොහැකි පුද්ගලයෙක් බව නම් පෙනේ..එය තේරැම් ගැනිමට ඩිස්පැන්සරි මහත්තාය මැරැණු පසු ලබන ආත්මයේ දෙමලකු වී ඉපදෙන ලෙස මම පතමි..

5 comments:

  1. ගෝඨා රාජපක්ෂJuly 15, 2009 at 12:01 AM

    ඩිස්පැන්සරි මහත්තාය මැරැණු පසු ලබන ආත්මයේ දෙමලකු වී ඉපදෙන ලෙස මම පතමි..

    අනේ එපා, ප්‍රශ්ණ මැද්දේ පීඩන වෙලාම මෙහෙමම අන්තවාදී වුණොත් ප්‍රභාකරන් වෙයි.

    ReplyDelete
  2. ඩිස්පැන්සරි මහතැන් උන්නැහැ ඉන්නේ දේශප්‍රේමී ජනතාවට ආතල් දෙන්න. තමාම නිර්වචනය කර ගත්ත "කුලී ලියන්නො" ටිකක් නිරුවත් කරන්නලුනේ ඔය කෙරුවාව. පහුගිය දවස් ටිකෙත් හිනාවෙන්න ටිකක් අමාරු ජෝක් එකක් කරලා තිබුනලුනේ.

    උඹම කියලා තිබ්බනේ, ඔය ඩිස්පැන්සරි මහතැන් එක්ක විවාදෙට යන්න එපා කියලා. ඒ මහතැන් උන්නැහැ හරි උගත්, මේ උඹලා වගේ නෙවෙයි.

    (හැබැයි අබ ඇටයක්වත් තරම් දෙයක් තේරුම් ගන්න විදියක් නැතුව නැට්ට පාගගනෙ ඉන්නවා කියලා හැමෝම දන්නවා. අපි දන්නවා කියලා කවුරුත් එයාට කියන්නෙ නෑ.... හික්...)

    ReplyDelete
  3. කාලයක් තිස්සෙ සිංහල බෞද්ධ ජාතිවාදයට එරෙහිව දෙමලකම මතින් ගොඩනැගුණු දෙමල ජාතිවාදයත් එම දෙමල ජාතිවාදය නිදහසෙන් පසු දකුනේ අදුරදර්ශි දේශපාලන තීරණ,හදුන්වා දුන් විවෘත හා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ගින්නට පිදුරු දැමුවා සේ සන්නද්ද අරගල දක්වා වර්ධනය වීම බොහෝ දෙනෙකු තේරුම් නොගන්නා සත්‍යකි.

    හොද උත්සාහයක්.තව කරුණු සහිතව විස්තරාත්මකව ලියන්න උත්සාහකරන්න!

    ReplyDelete
  4. චමිල සේර් ට කියන්න මොකුත් නෑ වගේ. අපේ බජාර් එකෙත් ඔය වගේ "යන්නෙ කො‍යිද මල්ල පොල්" ඩයල් කීපයක් ඉන්නවා. අපිට නම් ඒ ටෝක් දාපු වෙලාවට අපි දෙන්නේ සුළු දිය පහ වෙන්ඩ. අපි ඒමයි, මේ ලාල් දන්සැල් දෙන්න ගත්තම කාටවත් කාල ඉවර කරන්න බෑ. සේර් නියම "පවුන්ඩ් මාක්" පොරක් නම් දෙන්න ඔය ඩිස්පැන්සරියට ඇට්ටි හැලෙන්ඩ. නැත්තං අපට හිතෙන්නෙ චමිල සේරුත් අර "චීන මාක්" නැත්තං "‍සෙක්කු මාක්" වගේ කියල. (චීන මාක් - අර දැන් ඡීවනත් හොයා ගන්න බැරි කොන්ඩෙ බැදපු ඡීන්නුන්ට කියන කතාග සෙක්කු මාක් - එකම තැන කැරකෙන කතා)

    ReplyDelete
  5. සමහර ප්‍රශ්න වැඩි වැඩියෙන් කතා කරනකොට වැඩි වැඩියෙන් අවුල් වෙනවා. කට්ටිය කතාව පැත්තක තියලා වැඩට බැස්සනම් මොකක් හරි කර ගන්න තිබ්බා. අර walk the talk කියන්නෙ (ඉහල මධ්‍යයම පාන්තික ධනවාදී මානසිකත්වය නිසා ඉන්ගිරිසි වචනයක් දම්මෙ නැත්තම් මොකද්ද වගේ)

    ReplyDelete