Monday, July 6, 2009

නැවතුම් තිතේ සිට..

(මේ මගේ පෞද්ගලික මතය..ලිව්වේ සරලව මගේ හිතත් එක්ක කතා කරකර පැත්තක් නොමැතිව මධ්‍යස්තව..)

ලංකාවේ දෙමලට ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? පුළුවන් නම් එකක් කියපන්?
ලංකවේ දෙමල මිනිසුන්ට තියෙන්නෙ උන් උපතින්ම දෙමල ජාතකය කරගෙන ආපු නිසා ඇති වුනු ප්‍රශ්න..ඒවා තේරැම්ගන්න නම් එක්කො අපි දෙමලෙක් වෙන්න ඕන..එහෙම නැත්තනම් අපි දෙමලෙක් හිතන විදියට හිතන්න හෝ, දෙමලෙත් ඇට මස් ලේ නහරවලින් හැදුනු එකම හැගීම් දැනීම් ඇති මනුෂ්‍යයෙක් කියලා සිතලා දෙමලගේ ඇහින් ප්‍රශ්නය දකින්න ඕන..
ඒවා එක ප්‍රශ්නය දෙක ප්‍රශ්නය කියා වගන්තිකර හෝ භෞතික වශයෙන් ඇති ප්‍රශ්න වලට වඩා ආත්මයත් එක්ක බැදුනු ආත්ම ගෞවරවය පිලිබද ප්‍රශ්න..දෙමලා බස්එකේ ගියත්,රෝහලට ගියත්,රක්ෂාවකට ගියත්,වෙනත් තැනකට ගියත් ඌ සුළුජාතිය වීම නිසාම විදින්න වෙන ප්‍රශ්න..

ඉතින් ඕක හැම රටකම හැම සුළුජාතියකටම විදින්න වෙන ප්‍රශ්නනේ..
එහෙම කියලා ඒවා කර්මකාරකයට භාර දී මැරෙනකම් උන්ට ඒ විදියට ඉන්න කියන එකද මනුස්ස කම..

මොනවද විසදුම්..
ප්‍රධාන එක පමණට වඩා නලලේ තියන් ඉන්න සිංහල කමයි බෞද්ධකමයි ටිකක් අඩුකරලා බුද්ධාගමේ පවා කියලා තියන උපේක්ෂාව කියන දේ ඉගෙන ගෙන අනිත් ජාතින් ආගම් දිහාත් උපේක්ෂාවෙන් බලන්න පුරැදු වීම..
අවශ්‍යශ ජාතීන් අතර පුළුල් ජාතික එකමුතුවක් ගොඩනැගීම..
අනික සංවර්ධනය හා තාක්ෂණික දියුණුවත් සමග දියුණු ආර්ථිකයක් ගොඩ නැගීමට වෙහෙසීම..මිනිස්සුන්ගෙ මොන වෙනස්කමත් බෙදීමත් නැතිකරන්න පුළුවන් ප්‍රධාන දේ සංවර්ධනය. ඒක ඉතින් සෑම තැනකටම එක සමාන සංවර්ධනයක් වෙන්න ඕන..

එතොකට බලය බෙදීම..බලය බෙදන එක හොදයි..ඒ උතුරේ දෙමලගේ හිත සතුටු කරන්නයි..කේනද්‍රීය වෙලා තියන බලය විමධ්‍යගත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වෙන්නයි..
උතුරට බලය දුන්න පමණින් රට පුරා ඉන්න සමස්ථ දෙමලම දෙමල වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවද?
එතකොට කදුකර දෙමළුන්ට..

ජාතිකත්ව අනුපාතය අනුව රාජ්‍ය සේවා හා අනෙකුත් පත්වීම් හා අවස්ථා දීමට පියවර ගැනීමත් හොද දෙයක්..ඒවා නිරපේක්ෂ අගයන්ගෙන් නොව සාපේක්ෂව පලාතට තැනට ගැලපෙන විදියට..

අනික භාෂාවට දිය යුතු තැන භාෂාව භාවිතය.ප්‍රධාන එකක් ඒක විය යුතුයි..ඒවා සාකච්චා කරන එක ලොකු අයට භාරයි..

පලාත් සභාවලට බලය දෙන එක ගැන කියපු නිසා මේක ලියන්න හිතුනා..ලංකාවේ දෙමල කොල්ලො ආයුධ අතට ගත්තෙ සිංහල ජාතිවාදයට හා ආර්ථික අහේනියට පිලිතුරක් වශයෙන්..ඒත් ඒක ලොකේ තියන ප්‍රධාන ත්‍රස්ථවාදී සංවිධානයක් වුනේ තමිල්ණාණ්ඩුවෙන්,මැලේසියාවන් කරගන්න බැරි වුන දෙමල රාජ්‍යක් ලංකාවේ නිර්මාණය කිරීමට උපායෙන් වෙහෙසෙන ඩයස්පොරික දෙමළුන් හා නිර්මාණය වෙන රාජ්‍යයේ වාසිගන්න බලාගෙන ඉන්න ලොකු ලොකු අතුවල උදව්වෙන්..
ප්‍රභාකරන් මැරැණට උන් මැරිලා නෑ..අනික මේ තියන සිංහල ජාතිවාදය හමුවේ ආපහු දෙමල කොල්ලො ආයුධ අතට නොගනීවිය කියන්නත් බෑ..ආයුධ අතට ගත්ත ගමන් බකප්එක දෙන්න ඉන්න ලොකු ලොකු ජාතිවාදි අතු වලට අත පොවන්න බැරිවෙන්න බලයබෙදීම හෝ ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන හදන එක ඇගට ගුණයි..

හිතට ආපු හින්දා එකපාරට ලියලා දැම්මෙ..මොනව වුනත් ගොත්‍රික ජාතිවාදය ටිකක් බස්සගන්න එක නම් කාට කාටත් හොදයි..මොනදේත් උපේක්ෂාවෙන් බලල අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්ථමානයේ ජීවත් වෙමින් ආනගතය කතා බහකරලා සැලසුම් කලයුතුයි..ඒ කියන්නෙ අපි ඉන්න ඕන වර්ථමානයේ ගල්යුගයේ වත් අනගාරික යුගයේ වත් නෙවෙයි ගෝලියකරනය වු 21 වෙනි සියවසේ..

8 comments:

  1. ජනවාර්ගික ප්‍රශ්නය ලෙස පඬියන් දකින්නේ දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන ඊනියා අසාධාරණකම්ය. එහෙත් දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදුවී ඇති අසාධාරණකම් කවරේදැයි ප්‍රශ්න කළ විට පඬියන්ට දිය හැකි පිළිතුරක්‌ නැත. ඔවුහු මෙරට විගලිතව සිටිති. එනම් දේශපාලන බලයක්‌ නොමැති ඔවුහු රටේ පාලන කටයුතුවලට සහභාගි නොවෙති. බලය බෙදන්නේ ඔවුන් දේශපාලන කටයුතුවලට මැදිහත්කරවීමටය. එහෙත් මෙහි දී ප්‍රශ්න කිහිපයක්‌ම ඇසිය හැකිය.

    දහනවවැනි සියවසේ හා විසිවැනි සියවසේ මුල් කාර්තුවෙහි මෙරට පාලන බලයක්‌ නැතිව සිටියෝ කවරහුද? එකල තිබුණේ ඉංගිරිසීන්ගේ අධිරාජ්‍යවාදී පාලනයක්‌ බව සැබෑය. එහෙත් ඒ පාලනයෙහි වුව ද යම් ව්‍යවස්‌ථාදායක කටයුතුවලට සහභාගිවීමට හැකි පිරිසක්‌ මෙරට වූහ. ඉන් ප්‍රධාන වූයේ ඉංග්‍රිරිසි කතා කරන දෙමළ ජනයාය. ඉන්පසු බර්ගර්වරු ද එයටත් පසුව ඉංගිරිසි උගත් සිංහලයෝ ද වූහ. මේ සියල්ලෝම ආගමින් කෙසේ වෙතත් සංස්‌කෘතියෙන් අංග්ලෝ සැක්‌සන් ක්‍රිස්‌තියානි වූහ. ඉංගිරිසි උගත් සිංහලයන් මේ බූරාවලියෙහි පළමු තැනට පැමිණීම ඇරඹුණේ 1931 ලංකාවට සර්වජන ඡන්දය ලැබීමෙන් පසුවය. බිරිතානීන්ගේ පැත්තෙන් බැලූ කල ඔවුන් කළ ප්‍රධානම වරද වූයේ ලංකාවට සර්වජන ඡන්දය ලබාදීමය.

    බර්ගර්වරුන් ද විශේෂයෙන්ම ඉංගිරිසි උගත් දෙමළ ජනයා ද මධ්‍යයෙහි දේශපාලන වේදිකාවෙන් ක්‍රමයෙන් ඉවත්වූයේ ඉන්පසුවය. එසේ ඉවත්වීමට සිදුවූයේ එතෙක්‌ දශක ගණනාවක්‌ තිස්‌සේ ඔවුන් ගෙන ගිය සිංහල විරෝධී දෙමළ ජාතිවාදී දේශපාලනය හේතුකොටගෙනය. ඔවුන්ට විශේෂයෙන්ම ඉංගිරිසි උගත් දෙමළ ජනයාට අවශ්‍ය වී තිබුණේ මධ්‍යයෙහි (ව්‍යවස්‌ථාදායකයෙහි) සිංහල නායකයන් පරදවා ඉංගිරිසීන්ගේ සහායෙන් මුළු රටේ ම නායකයන් වීමටය. ඉංගිරිසීන් හා එක්‌ව ඔවුහු මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන අහිමි කිරීමට කටයුතු කළහ. ඉංගිරිසි උගත් සිංහල නායකයන් බොහෝ දෙනකුට ද සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන දීමට අවශ්‍ය නොවීය. එහෙත් ඒ ඇතැමුන් ආගමික බෞද්ධයන් වීම නිසා සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ වෙනසක්‌ නොපෙනිනි. එහෙත් ඒ ව්‍යාජයක්‌ බව අද වන විට සාමාන්‍ය සිංහලයන්ගෙන් යම් ප්‍රමාණයකට අවබෝධ වී ඇත. ඉංගිරිසීහු ඉතා සටකපට ලෙස සංස්‌කෘතියෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි වූවන් පිරිසක්‌ සිංහලයන්ට නායකයන් ලෙස හඳුන්වා දීමට වගබලා ගත්හ. අනෙක්‌ පැත්තෙන් ඔවුහු ඉංගිරිසි උගත් දෙමළ ජනයා සිංහලත්වයට එරෙහිව මෙහෙයවූහ.

    එදත් අදත් ඉංග්‍රීසීහු සිංහල බෞද්ධ සංස්‌කෘතියට විරුද්ධ වෙති. ඇතැමුන් සිතන අයුරින් ඉංගිරිසීන් හා අනෙක්‌ බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක්‌ සිදුවී ඇති නිසාත් ඒ රටවල වාසය කරන දෙමළ ජනයාගේ ඡන්දය තමන්ට ලබා ගැනීම සඳහාත්ය. තවත් අයට අනුව බටහිරයන්ට ලංකාව යුද්ධය සම්බන්ධයෙන් ගත්කළ මර්මස්‌ථානයක්‌ වෙයි. එමෙන්ම ඔවුන්ට අනුව ලංකාවේ ආර්ථික වශයෙන් වැදගත්වූ ස්‌වාභාවික සම්පත් ද දිගින් දිගටම තමන්ට නතුව තබා ගැනීමේ අවශ්‍යතාව බටහිරයන්ට වෙයි. බටහිරයන් ඊළමක්‌ ඔස්‌සේ ඊනියා දෙමළ ප්‍රාන්තවලට රට බෙදා එමගින් මර්මස්‌ථාන හා ස්‌වාභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ දරණ බව මේ දෙවැනි කොටස්‌ නිගමනය වෙයි. පළමු මතය නිවැරැදි නොවන්නේ බටහිරයන් තම රටවල පමණක්‌ නොව ලෝකයේම පවත්වාගෙන යන ආකාරයේ සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ සිංහලයන් කිසිම දවසක දෙමළ හෝ වෙනත් ජනවර්ගයක්‌ මත හෝ පටවා නොමැති බැවිනි. උතුරේ ලක්‍ෂ තුනක පමණ දෙමළ ජනකායක්‌ දෛනිකව නඩත්තු කිරීම පහසු කාර්යක්‌ නොවේ. ආණ්‌ඩුව මෙන්ම සිංහල ජනයාද ඒ කාර්යයටම මැදිහත් වෙති. ලෝකයේ කිසිම තැනක එවැනි කඳවුරු පවත්වා නොමැති බව අන් අයට වඩා හොඳින් බටහිරයෝ දනිති. එහෙත් ඔවුහු ඒ විවේචනය කරති.

    දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ට සහාය දෙන බටහිර දේශපාලනඥයන් උගතුන් ඒ කඳවුරු නාසි කඳවුරු සමඟ සන්සන්දනය කරද්දී බටහිර ආණ්‌ඩු මුනිවත රකිමින් ඒ අනුමත කරයි. දෙමළ ජනයාට ලෝකයේම වඩාත්ම වරප්‍රසාද ඇති රට ලංකාවය. තමිල්නාඩුවේවත් නැති අන්දමින් ලංකාවේ දෙමළ මාධ්‍යයෙන් ආචාර්ය උපාධියක්‌ පවා ලබාගත හැකිය. කොළඹ කොටුව දුම්රියපොළේ දෙමළෙන් නිවේදනය කළ ද දිල්ලියේ දුම්රියපොළක එසේ නොකෙරෙයි. ජාත්‍යන්තර ගුවන් සේවයක දෙමළ යොදා ගැනෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නොවේ. සිංහලයන්ට විරුද්ධව සටන් කළ කරුණා අම්මාන් වැන්නකුට ඇමැති පදවියක්‌ ලබාදී ඇති රටක දෙමළ ජනයා අද කොන්වී ඇතැයි කියන්නේ කෙසේද? බටහිර රටවල දෙමළ ජනයාගේ ඡන්දය බලාපොරොත්තුවෙන් බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ යෑයි කීම ළාමක ප්‍රතිචාරයක්‌ පමණකි. කෝටි ගණන් වෙසෙන රටවල්වල ලක්‍ෂ තුන හතරක්‌ යනු නොගිණිය හැකි ප්‍රමාණයකි.

    ReplyDelete
  2. අද කතා කළ යුත්තේ ජාතියක්‌ ගොඩනැඟීමට නොව ජනවර්ග ද එකතුකර ජාතිය පළල්කිරීමටය. එහිදී ජනවර්ග පදනමක්‌ මත බලය බෙදීමක්‌ අවශ්‍ය නොවේ. එසේ කිරීමෙන් සිදුවන්නේ ජාතිය පළල් කිරීමක්‌ නොව ජාතිය හා ජනවර්ග දුරස්‌ථවීමය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පවත්නා ආකාරයෙන් තබාගෙන ජාතිය පළල්කළ හැකි නොවේ. එපමණක්‌ නොවේ. ඒ පදනම් වූ ඉන්දු ලංකා ගිවිසුම අහෝසිකිරීමටද ලංකාණ්‌ඩුව ඉන්දීය ආණ්‌ඩුව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතුය. අද පවතින්නේ එදා පැවැති සන්දර්භය නොවේ අද කොටි පරාජය කෙරී ඇති අතර ඊනියා නිජබිමි කතා සංකල්පීයව පරාජය කෙරී ඇත. ප්‍රභාකරන් පමණක්‌ නොව ඡේ, ආර්, රජීව් ගාන්ධි ඩික්‌සිත් ගාමිණී දිසානායක ආදී ද ජීවතුන් අතර නැත. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධ කරුණකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය මට දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ අප ඉදිරිපත් කළ මත සනාථ වීම ගැන ඇත්තේ සතුටකි. අවශ්‍ය වන්නේ බලය බෙදීමක්‌ නොව පඬු අබා විසඳුමක්‌ යෑයි නැවතත් කියමු.

    ReplyDelete
  3. @anonymous-ඔබගේ සටහනේ මුල් කොටස පුරා ඇත්තෙ ඉංග්‍රිසී අධිරාජ්‍යවාදය හමුවේ සිංහල ජාතිවාදය සාධාරණිකරමින් දෙමල ජාතිවාදය අසාධාරණයට ලක්කිරිමට උත්සාහයන්ය..

    නැවතත් අවශ්‍ය නම් දෙමලා දෙමලකුවීම නිසා යන හේතුවෙන් එයද විස්තර කලහැකිය.. "මේ සිංහල අපගේ රටයි,මේ බුදුන්ගේ දේශයයි" ආදි වශයෙන් එකල ප්‍රබල සිංහල බෞද්ධ ජාතිවාදී ජනමතයක් ගොඩනැගිමේදී නිතතින්ම දෙමලකුට ඇතිවන "එතකොට අපට මේ රටට අයිතියක් නැද්දයි" යන සිතුවිල්ලත් එක්ක දෙමළුන් දෙමල ජාතිවාදයක් ගොඩනගාගෙන ඉංග්‍රීසීන් මේ රට හැමදාමත් පාලනයකරාවියි සිතාගෙන ඉංග්‍රීසී ආණ්ඩුව දෙමල අපට සලකයි යන හැගීමෙන් ඉංග්‍රීසින්ට ගොට්ට ඇල්ලීමය..

    දෙමල ජනයාට අපි අනිත් රටවලට වඩා වැඩපුර සලකනවා අදහස් කරන ඔබගේ කොටසින්ද පෙනෙන්නෙ සිංහල පොර ජාතිවාදයය..අපි ඔවුන්ට වැඩිපුර සලකන්න දෙයක් නැත. ඔවුන්ටද එය සිංහලයන්ට මෙන්ම සමානව නිදහසක් ඇතිවිය යුතුය..

    දෙමල සිංහල ගැටළුවට විසදුම් සෙවීමේදී අවශ්‍ය වන්නෙ හේතුව සොයා විසදුම් සෙවීමය..හේතුව සිංහල දෙමල ජාතිවාදය නම් එය ඉවත් කිරීමට කටයුතු කිරීමය.හේතුව සංවර්ධන හා ආර්ථික ප්‍රතිලාභ නම් එය ඉවත් කිරීමට කටයුතු කිරීමය.හේතුව දෙමලා දෙමලකු වීම නිසා ලබන ආත්ම හීන මානය හා මුහුණ දෙන අපහසුතානම් එය නැති කිරීමට කටයුතු කිරීමය.රටේ පවතින සමාජ අසමානතාවය නැතිකිරීමට කටයුතු කිරිමය..දැනට තිබෙන ලක්ෂ තුනක් පමණ අනාත වු ප්‍රයෝගික තත්වයට විසදුම් සෙවීමය..

    පඩු අබා විසදුමක් යැයි ඔබ අදහස් කරනදේ ගැන අවබෝධයක් මට නැත..බලය බෙදිමට මම විරැද්ධ නැත.නමුත් එය මුලික කාරණය නොවිය යුතුය..මුලික කාරණය එය වුවහොත් අනවශ්‍ය ප්‍රශ්න ගණනාවකට රට බලෙන් අත දමාගැනීමක් වනු ඇත..

    ReplyDelete
  4. ඉහත Anonymous නමින් යොදා ඇති ප්‍රතිචාරය, පසුගිය ඉරිදා දිවයින ( ජුලි 5) පුවත්පතෙහි මහාචාර්්‍යය නලීන් ද සිල්වා මහතාගේ ලිපියකින් උපුටාගත් එකකි. (http://www.divaina.com/2009/07/05/feature09.html)
    --

    එම ලිපිය පුරාම ඇත්තේ සුපුරුදු පරිදි 'සිංහල බෞද්ධ' ජාති(ක)වාදයට න්‍යායික ආවරණයක් සැපයීමේ උත්සහයක් හැරෙන්නට අනිකක් නොවේ.

    >සිංහලයන්ට විරුද්ධව සටන් කළ කරුණා අම්මාන් වැන්නකුට ඇමැති පදවියක්‌ ලබාදී ඇති රටක දෙමළ ජනයා අද කොන්වී ඇතැයි කියන්නේ කෙසේද?<

    අපූරු තර්කයකි. එය මා නම් දකින්නේ, ජනවර්ග පදනමින් බලය බෙදීමෙන් මේ අර්බුධයට ස්ථිරසාර විසඳුමක් දිය හැකියැයි කියන වර්ගයේම මුග්ධ විහිළුවක් ලෙස පමණි.

    >අද කතා කළ යුත්තේ ජාතියක්‌ ගොඩනැඟීමට නොව ජනවර්ග ද එකතුකර ජාතිය පළල්කිරීමටය. එහිදී ජනවර්ග පදනමක්‌ මත බලය බෙදීමක්‌ අවශ්‍ය නොවේ. එසේ කිරීමෙන් සිදුවන්නේ ජාතිය පළල් කිරීමක්‌ නොව ජාතිය හා ජනවර්ග දුරස්‌ථවීමය.<
    අනෙක් අතට මේ කාරණය නම් සහමුලින්ම එකඟවිය හැකි එකකි.

    ReplyDelete
  5. අනේ ඇයි ඇනොනිමස් මහත්තයෝ නලින්ද සිල්වා මහත්තයගේ එකක් ගෙනත් ඇතෑරියේ..මමත් බැලුවා මෙච්චර ලොකු දේශනයක් දෙන්නෙ කවුද කියලා..ඇනොනිමස් මහත්තයත් නලින්ද සිල්වා මහත්තයාගේ ශ්‍රාවකයෙක්ද?

    ReplyDelete
  6. ඒ කියන්නේ දැන් මුහුණ දෙන්නත් බැරි විදියට තමන්ටම තේරිලා කියන එක වෙන්න ඇති.

    ReplyDelete
  7. ජාතික ගැටළු‍ පිළිබද වන අදහ‍‍ස් දැක්වී‍‍‍‍මෙදි මහා ‍ලොකු කරුණු වලට වඩා මනුස්සකම, අ‍නෙකා පිළිබද සං‍‍වෙ දි කම තිබීම ප්‍රමාණවත්.
    ‍‍මෙතන ඇ‍නනිමස් ඇවිත් ඔන්න දැන් මිගාර‍‍ ‍‍‍මේලිපියට උත්තරයක් දාලා.

    ReplyDelete
  8. දෙමළ පැණය
    http://panhinda-samaga.blogspot.com/2009/07/blog-post_14.html

    ReplyDelete