Thursday, June 25, 2009

නිකමට වගේ..

බ්ලොග් සටහනක් කාලයකින් ලිව්වෙ නැත..ලියන්න තරම් හිතට කිසි ගතියක්,පිට් එකක් නැත..
මාතෘකා නම් ඉස්මයන්න ඇත..
ඩෙංගු,අවතැන් කදවුරැ,ආපහු යුදදෙ පටන්ගනියද,රාජපක්ෂ මහත්තයලාගේ රාජාණ්ඩුව,උතුරැ කොරියන් අර්බුදය..
අම්මෝ සන්නමන්න ප්‍රශ්න හක්කපනින්න ඇත..
ප්‍රශ්න?
ඉතින් බොට මොකෝ..උඩු හිත අහයි..
ඒකත් හැබෑවය..ප්‍රශ්න දැක්ක පලියට,ප්‍රශ්න තිබුන පලියට ඒවා ඔක්කොම ජීවිතය කරගන්න ගියොතින් ජීවිතය ප්‍රශ්නයක් වෙයි..
එහෙනම්?
අනේ මං දන්නේ නැත..ඒ ගැන ඔයිට වඩා ඕනේ නැත..

මගේ බිරිද මාත් එක්ක තරහා වී ඇත..
දින කිහිපයකින් ඈ මාත් එක්ක එකට කතාකරන්න වත් නිදාගන්න වත් ආවේ නැත..රෑට තනියම කොට්ටය බදාගෙන දරැවා දිහා බලාගෙන මම හුදකලාවේ නිදාගනියි..ඇයව සිපගන්නෙ නැතිව මට ඉන්නට බැරිය..
වෙලාවකට ඇඩෙන්නත් එයි..මොනවා කරන්නද?
පොඩිකාලේ අම්මගෙන් තාත්තගෙන් ගුටිකෑවේය..
ඉස්කොලේ යනකොට ගුරැවරැන්ගෙන් ඉහල පන්තිවල කොල්ලොන්ගෙන් අම්බානකට ගුටිකෑවේය..
රස්තියාදුගහන කාලේ හන්දිගානේ බෝක්කුගාන්නෙ ඉන්න කොල්ලන්ගෙන් ගුටිකෑවේය..
රක්ෂාවට ගියාට පස්සේ ලොක්කන් නොගැහුවත් බැනුම් අහන්න සිද්ද වෙලාය..
බැන්දට පස්සෙ බිරිදගෙන් බැනුම් අහන්නයි ගුටිකන්නයි දෙකම සිද්ද වෙලාය..
මොකක්ද මේ ජීවිතය?
හිත ප්‍රශ්න කරයි..
ගුටිකන එකත් ජීවිතය තමයි බං..හිත ආපහු උත්තර දෙයි..
එතකොට,


7 comments:

  1. හාෆොයි...! මදැයි කොලා!

    ReplyDelete
  2. අනේ මේක කියවලාවත් ප්‍රේමියගේ තරහා අඩු වේවා කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  3. මට හීන් සිනාවක් නැගුණාට එයත් මටම හිනා වීමක්ද කියලා දැනෙනවා අන්තිමේදී. ජිවිතය වෙලාවක ඔලුව අතගාලා ටොකු දෙන එකක් තමා. වෙලාවක දෙන ටොකු හින්දා හැදෙන හිසරදාවට මොකුත් කරන්න හිතක් නෑ එක්ක!

    මටත් ඔය රෙද්දමයි! කොහොම වෙනත් ඔබේ පහරේ වේදනාව අඩු වේවායැයි මගේ පැතුමයි.

    ප.ලි : කිවාට තරහක් හෝ බයක් හිතන්න එපා. මම අහලා තියෙනවා දරුවා ලැබුණාට පසු ඇතැම් කාන්තාවන් වෙනස් වෙනවා හා කිපෙන සුලු බවක්. මේ ගැන ෛවද්‍යවරයෙකුගෙන් විමසා සුදුසු පියවර අනුගමන කරන්නකෝ. මා වැරදි නම් මට කමා කරත්වා!

    ReplyDelete
  4. පවුල් කන එකත් ලේසි නැහැ නේ

    ReplyDelete
  5. හැමදේම වෙන්නෙ මනුසතාට කියල හිත හදා ගන්නයි තියෙන්නේ. ජීවිතය කියන්න ප්‍රෂ්ණ වලට මුහුණ දෙන එක කියලා කියන එකේ තෙරුම නැහැයි කියලයි මට හිතෙන්නේ.,
    මොනා උනත් ප්‍රියම්බිකාවගේ තරහාව ට ඔබෙ සහසම්බන්ධයක් තිබ්බොත් එය සමනය කර ගත්තනම් උක්ත ගැටලුවට පුංචි හරි සහනයක් වෙයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  6. දැන් නම් එයාගේ තරහා අඩුවෙලා..කමෙන්ට් දමලා මාව දිරිමත් කරපු ඔයාලට ගොඩක් ස්තුතියි..!!! කොහෙද අපි මීට කලින් බැදලා දරැවෝ හදලා තිබුනේ නැහැනේ..පවුල් කන එක නම් ලේසි නෑ..ලොකු ගේමක් දෙන්න ඕන..මගේ බිරිද විතර හෙන සැර දරැණු කෙනෙක් එක්ක නම් කොහෙත්ම ලේසි නැහැ..ගුටි කන එකනම් ෂුවර්..!!!

    ReplyDelete