Monday, June 15, 2009

මමත් තාත්තෙක්..

(තාත්තා,.. ලෝකයේ තියන අපුරෑ වචන වලින් තවත් එකක්...කොහොම විස්තර කරන්නද?..තාත්තෙක් වෙන්නම ඕන හදවතට දැනෙන ඒ හැගීම විදින්න..
මම කවි ලියන්න දන්නෙ නෑ..
ඒත් මගේ ලෙයින් උපන් මගේ දරැවා වෙනුවෙන් එකම එක කවියක්
අමාරැවෙන් ගලාපා ගත්තා..)

දැකපන්,
කණාමැදිරි එලි නිවා
අවිදු අදුර...
දල්වපන්,
පුපුරා නැගෙන
ප්‍රඥා ලෝකයේ
පහන් සිළුව
තිමිර පටලය ඉරා..
යොදපන්,
අධ්ෂ්ඨානයේ වැරය
රතු ලේ මෙන්
සත්‍යද මුසුව
යුහුසුළුව...
එවිට,
ලෝකය..
පතිරෑප දේශයක් වේවි
විසුමට...!!!



මේ තවත් හදවතට දැනෙන ගීතයක්...

8 comments:

  1. අඩේ.... ඔන්න මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  2. මෙන්න මගෙත් සුබපැතුම් :)

    ReplyDelete
  3. නියමයි! මෙන්න මගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  4. සුභ පැතුම්. කවිය දකිද්දිම මට මේ අපූරු සංවේදී ගීතය මතක් වුණේ.

    ReplyDelete
  5. ඔබටත් ඇයටත් ඉටු වාසනා උදා වේවා, මාගේ සුභාසිරි! ආ වඩා ආයුබෝ වේවා!

    ReplyDelete
  6. මමත් ඔය අත්දැකීම ලැබුව මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්, හරිම සොදුරු අත්දැකීමක් නේද, ඒ වගෙම වගකීම

    ReplyDelete
  7. ඕං එහෙනම් මගෙන් සුභ පැතුම්
    චියර්ස්ස්ස්ස්ස්...!!!!!!!
    අපේ ඕක සමරන්න මොනා හරි කරමුද?

    තාත්තෙක් වෙනවා කියන්නේ ඉතින් ආයි සදහටම සැනසිල්ලේ නිදාගන්න නැති වෙනවා කියන එක කියලා මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  8. ඔක්කොටම ගොඩක් ස්තුතියි!!! ගොඩක් සුභපැතුම් මේ දවස් ටිකේ ලැබුනා..සතුට නම් ඉතින් කියලා නිම කරන්න බැහැ..බඹාකොටලා නම්,කාලවෙලාව හොදයි නම් ආර්ථිකේ හොදයි නම් උඹලත් මේ අපි වගේ ගේමට එන්ටර් වෙලා දරැවෙක්මල්ලෙක් හදාගනිල්ලා..ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා..!!!
    මට පියපදවිය ලබාදුන්නු මගේ ශරිරයේ පාට්එකක් විදියට ඉන්න,මාව රෑ දෙක තුන වෙනකම් අවදියෙන් තියන,වෙලාවකට මාව පිස්සුවට්ටන,මගේ ශක්තිය ධ්‍යෛර්යය සතුට කදුල හැමදෙයක්ම වන ඇයට මේ සුභපැතුම් වලින් භාගයක් අයිතියි...!!!

    BE SL-අනිවා අනිවා..අළුතෙන් ජීවිතයක් ලැබුනා ‍වගේ..මගෙත් දැන් පිස්සු කෙලිල්ල හුගක් අඩුවෙලා..

    මරේ-චියර්ස් චියර්ස්..!!! බලමු බලමු..උඹලා අපි දුරවැඩියි නේ..දැනුත් රෑ දෙක පනිනවා..මුල් ටික කාලේ නම් අම්මයි දරැවයි දෙන්නම බලාගන්න වෙලා තියෙන්නෙ මට..

    ReplyDelete