Thursday, June 4, 2009

ආදරය,පිරිමියා සහ ගැහැණිය...


"ආදරය, පිරිමියෙකු ජිවිතේ තවත් එක් කොටසක් කර ගනිද්දී ගැහැණිය ආදරය මුළු ජීවිතයම කර ගනියි...
ආදරය දිහා පිරිමියකු උපේක්ෂාවෙන් බලද්දී ගැහැණිය එය තමාගේ පන මෙන් ජීවිතය මෙන් සිතා එය රැක ගැනීමේ අරගලයක යෙදෙයි..."

හිතට ආපු අදහස් ටිකක්...කොහෙන් ආවද නම් දන්නෙ නෑ..සමහර විට කවුරැ හරි කියපු එකක්...ඔහේ බ්ලොග් එකේ ලියලා දැම්මා...එය බොහෝ දුරට හරි යයි සිතේ...සමහර විට එහි අනිත් පැත්ත හෝ ඒ එකක් වත් නොවිය හැක...
ඒත්,
ඇය ගැන සිතත්දී එය නිවරදිය...
අපේ අම්මා ගැන සිතද්දී එය නිවරදිය...
ලංකාවේ බොහෝ ගැහැණු ගැන සිතද්දී එය නිවරදිය...
ලෝකයේ බොහෝ ගැහැණු ගැන සිතද්දී එය නිවරදිය...

6 comments:

  1. හරියටම හරි.

    ReplyDelete
  2. හ්ම්ම්...මට ඒ බහුතර වාසනාව ලැබුණේ නම් නෑ තාම. කවදා හරි ලැබේතැයි පතමි.

    ReplyDelete
  3. "ලෝකයේ බොහෝ ගැහැණු ගැන සිතද්දී එය නිවරදිය..."
    ආසියාව ගැන හිතුවාම නම් එහෙම වෙන්න පුලුවන්. මෙහෙම වෙන්නේ ආසියාවේ පිරිමියාට ගැහැණියට ව‍ඩා අඩු සංස්කෘතික බැඳීම් සහිත වීම. උදාහරණයකට ලංකාවේ කොල්ලෙක්ට කෙල්ල අතාරින එක මහ දෙයක් නෙවෙයි. ඒත් කෙල්ලට එහෙම කරන්න බෑ කොල්ලගේ මොන වැරැද්ද තිබ්බත් බැඳගත්තු බෙරේ ගහගෙන ඉන්නයි බොහෝ කෙල්ලෝ බලන්නේ.
    තව දෙයක් කොල්‍ලා බොක්කෙන්ම ලව් කරද්දි අතෑරල යන කෙල්ලොත් ඉන්නවා.

    ReplyDelete
  4. චමිල,බින්කු,යුත්මැක්ස්-ගොඩක් ස්තුතියි!!
    ඩීප්ස්- ඇයි හපොයි ඕව්..මගේ ගින්දර දාර්ශණික ටෝක් එකට අපහාස කරනවා වත්ද?
    ඇනොනිමස්- ඔබ කියන දේත් බොහෝ දුරට හරි..මම මෙය ගැහැණයකුගේ මනස තේරැම්ගන්නට ලියපු වචන ටිකක්..මෙහි ආදරය යනුවෙන් අදහස් කරන්නේ ආරක්ෂාව,පෝෂණය,ලිංගිකත්වය ආදී හැම දේම..බොහෝ පවුල් වල ගැහැණු පිරිමි ගැටුම් ඇතිවෙන්නෙ මේ නිසායි කියලයි මට හිතෙන්නෙ..මෙය ආසියාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකටම පොදු දෙයක්..

    ReplyDelete