Tuesday, June 2, 2009

ජවිපෙ සහ බීම...

(මම ජේවීපී කාරයකු නොවෙමි..වැඩිපුර කොමිනියුනිස්ට් අදහස් තියෙන සාමාන්‍ය සාම්ප්‍රදායික ඡන්ද දායකයෙකි..ජේවීපී බල කොටුව වන තිස්සමහාරාමයේ ඉපදුනෙමි හැදුනෙමි වැඩුනෙමි..ප්‍රදේශිය සභා ඡන්දයේදි ජවිපෙට කතිර ගහන අතර සජිත් පේමදාස මහත්තයට සයිඩ් එකෙන් සපොට් එකක් දෙන ගමන් රාජපක්ෂ පරම්පරාවේ මහත්වරුන්ට ලගින් වැඩ කරමි.. )

(මම බේබද්දෙකු නොවෙමි.. බොහෝ විට සෙනසුරාදට පොඩ්ඩක් සෙට් වෙයි..බීමෙහි ගුණ අගුණ හෝ සුන්දර අසුන්දර බව පසුවට ලියමි..කොහොම නමුත් බීපු හැමදවසක්ම සුන්දර නැත..පොඩ්ඩ වෙරි වුනගමන් මී හරක් වෙන චරිතත් සමග බිවු විට කොහොමත් සුන්දර නැත..එහෙම එවුන් එක්ක බොනවට වඩා තනියම බොන එක සැපය.. )

ජ‍විපෙ නායක මහ එවුන් මොනව කලත් ගම් වල තවමත්, තියන එකම රතුපාට සර්ට් එක හැම තැනටම අදින, කොණ්ඩේ රැවුල යන්තමින් වවාගෙන, විජේවිර මහත්තයගේ පෝස්ටරයක් ගෙදර ඉස්සරහ දොරේ ගහගෙන මාක්ස්ලගේ එංගල්ස්ලගේ කොමියුනිස්ට් ප්‍රකාශයේ වගන්ති කටපාඩමින් කියවන ග්‍රාමීය ජේවීපී කාරයා ඇත්තටම සුන්දර මනුස්සයෙකි..උන්ගෙ හිතේ කහට නැත..හදවත් හොදය,බොක්කෙන්,කැපවීමෙන් වැඩ කරයි..

මගේ ජීවිතේ මම වැඩිපුරම එකට බීමට කැමති පුද්ගලයා ඔහුය..
ඔහුත් සමග මා සෙට් වුනොත් මම ගෙදර එන්නෙ ඇසට කදුලකුත් සමගය..
88/89 කාලයේ ප්‍රබල ක්‍රියාකාරි ජේවීපි කාරයකු වු නිසාම පසුව වසර 09 ක් පමණ සිර දඩුවම් විද නිදහස් වු ඔහු ඇත්තටම හදවතින් සුන්දර මනුස්සයෙකි..හේන් හා කුඹුරැ ගොවිතැන ජිවොනෝපාය වශයෙන් කරන ඔහුත් සමග බොහෝ විට අපි සෙට් වෙන්නෙ යාල කැලය මැද තියන ඔහුගේ හේනේ පැලේය..ඔහුගේ කතාව මම මෙහි ලිවීමට නොයමි..
ඒත්,
"මල්ලී,මෙච්චරයි මට කියන්න තියෙන්නෙ" කියා හැමදාම ඔහු අවසානයට අපට දැනෙන්න යාල කැලය පුරා ඉරාගෙන යන්න කියන ගීතය පමණක් මෙහි දමමි..



(ප.ස.. සමහර විට ජිවිතයේ අයිතීන් වෙනුවෙන්,වෙනසක් වෙනුවෙන්,මුදල් වෙනුවෙන්,තව කෙනෙක් වෙනුවෙන්,ආතල් එක වෙනුවෙන්,නුතනත්වය වෙනුවෙන්,නොදැනුවත් කම්න් හෝ දැනදැනම වැරදි දෙයක් කිරීමෙන් හෝ වැරදි දෙයක් වෙනුවෙන් පෙනි සිටීමෙන් හා පසුව නිවරදි දේ තේරැම්ගත් පසු හිතට දැනෙන වේදනාව,පසුතැවීම,හදවත් වල ඉරීම දරාගත නොහැකිය...)

මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරැ වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

දලදා මැදුරේ හේවා හඩ රැව්දෙනවා..
කලපවු මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

ලැබුවේ අවවාද නොහිබින ආරකය..
දුදනන් නිසා විය සෙනසුරැ මාරකය..
මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..

ඉහත ගීතය youtube අඩවියෙන් සොයාගත් අතර ඔහුගේ දක්ෂ කමට ගරැකරමි..

4 comments:

  1. හිතට දැනෙන ලිපියක් ජවිපෙ මුල් කාලයෙ හිටිය සියලුම දෙනාට මෙ දුක දැනෙනවා ඇති මෙ ගිතයත් හොදට හිතට දැනෙනවා

    ReplyDelete
  2. කවිය ලස්සනයි අයියා!

    කොහොම වුණත් ජේ වී පී එකේ තිබිය යුතු දර්ශනය නැති වීම කණගාටුයි.

    ReplyDelete
  3. ජේ.වී.පී එකේ අවංකකම ගැනනම් මට කිසිම විශ්වාසයක් නැහැ.
    බීම සහ එහි ප්‍රථිඵල ගැන නම් මට ඊට වඩා විශ්වාසයක් තියෙනවා

    බිංකු මේක කවියක්ම නෙමෙයි මන් හිතන්නේ
    සුනිල් එදිරිසිංහ කියන සිංදුවක්

    ReplyDelete
  4. දිසා,බින්කු,මරණය- ගොඩක් ස්තුතියි අදහස් වලට...!!!

    ReplyDelete