Saturday, May 30, 2009

දුප්පත් කම හා නූගත් කම...

දුප්පත් කම හා නූගත් කම..
තවත් යුගල පද දෙකක්..
හරියට කාසියේ දෙපැත්ත වගේ. මොනපැත්ත පෙරළුනත් එකක් යට..
(ඇස්දෙක පියාගත් විට කල්පනා කරන්න අකැමැති ඒ සිද්ධිය.. )

හැමදාම උදේ පාන්දර බයිසිකලය පැදගෙන වැව්කණ්ඩිය දිගේ යනකොට,
කාෂ්ඨක නියගයට හැලි වලන් පැළුනු වැව්පිටියේ, දෙපැත්තෙ අතේ එල්ලුනු ලමයි දෙන්නයි හම්බවෙන්න ඉන්න බඩගෙඩියයි එක්ක, තම්බන් කන්න අලවංගුවෙන් නෙළුම් අල හාරන ඈ..

හවසට වැඩ ඇරිලා එනගමන්,
එක අතක ඉදලකුයි අනිත් අතේ තාච්චියකුයි එක්ක නගරේ කුණු එකතුකරන ට්‍රැක්ටරයේ පස්සෙ එල්ලිලා යන ඈ..

එදා මම උදේ පාන්දර බයිසිකලය පැදගෙන යන කොට,
ඈ උඩුබැලි අතට වැව්කණ්ඩියේ මැද මැරී වැටී සිටියේ ඇයි..

අම්මා රෑ බඩේ කැක්කුමක් හැදිලා හයියෙන් ඇඩුවා..
මරණයට හේතුව විෂබීජයක් ශරීරගත වීම..

කුණු එකතු කිරීම පහත් රක්ෂාවක් නෙවෙයි.
ලෝකේ තියන රක්ෂාවලින් තවත් එකක්..
ඒත් ඇයි මිනිස්සුන්ට කුණු එකතු කරනකොට ග්‍ලවුස් එකක් දාමන්න බැරි..

දුප්පත් හින්දා කුණු එකතුකරන රක්ෂාව කරනවා..
නුගත් හින්දා ඒ කුණු ග්ලවුස් නොදා අතින් අල්ලනවා..
දුප්පත් හින්දා නුගත් වෙනවා..නුගත් හින්දා දුප්පත් වෙනවා..

5 comments:

  1. රෑ 11න් පසු අපේ සිත් වලට සක්මන් කරන්නට අනෝඳා නඟන ‍අවතාර පෙන්වන නුඹට තුති!

    ReplyDelete
  2. හ්ම් කතාව ඇත්ත.හුගක් අනතුරු වෙන්නේ නුගත්කම හන්දා.ඒ අතරට දුප්පත්කමත් එකතු උනහම හරියට අගුරු ගොඩට පුළුන් දානවා වගේ.අපේ රටේ වගකිව යුතු නිළධාරීන් ඇස්පියා සිටීමෙන් වෙන්නේ අර පුළුන් දමපු අගුරු ගොඩට සුළගත් එකතු වෙනවා වගේ දෙයක්.

    ReplyDelete
  3. මමනම් හිතන්නේ නූගත් කම නෙමෙයි මේ මිනිස්සුන්ට ඒකට වියදම් කරන සල්ලිත් වටින නිසා එහෙම කරනවා ඇත්තේ.

    ReplyDelete
  4. බින්කු- ගොඩක් ස්තුතියි..!!!

    ඉ-නැණ පියස- අනිවා..!!!

    ම-උඹ කියන එකත් ඇත්ත! එත් නගර සභාවලින්,ප්‍රදේශිය සභා වලින් කුණු අස්කරන අයට ග්ලවුස්,ආරක්ෂක ඇදුම් නොමිලේ දෙන්නෙ නැද්ද? එහෙම නැත්නම් ඒවායේ ඉන්න උගත් මිනිස්සු ඒ මිනිස්සුන්ව දැනුවත් කරන්නෙ නැද්ද?

    ReplyDelete
  5. කුණු අස් කිරිල්ල විතරක් නෙවෙයි අනිත් සියළු රැකියාවලදී අනුගමනය කරන්න ඔන අාරක්ෂණ ප්‍රතිපත්ති තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවීෙම් ගැටළුවක් විදියටයි මට මෙක පෙන්ෙන්...

    කුණු අස්කරන අය නූගත් උනාට ඒ් අයගෙන් වැඩ ගන්න අය උගත් නෙවැ...

    ReplyDelete