Sunday, September 13, 2009

ගැහැණු, බ්ලොග් සහ අනර්කලී....

ගැහැණුන් යනු මට හරියාකාරව අර්ථ දැක්විමක් දිය නොහැකි තවත් වස්තුවකි..විවිධ අය විවිධ අර්ථ දැක්වීම් දුන්නට මට එසේ ගොඩනගාගත් අර්ථ දැක්වීමක් නැත..සමහර විට අර්ත දැක්වීමක් තිබුනත් එය වචනයෙන් විස්තර කල නොහැකි ෆීලින් එකකි..

කලක් මත්ද්‍රව්‍ය භාවිතයට පුරැදු වී නැවත පුනුරැත්තාපනය වී සිටින මගේ මිතුරැ ටික්කා අයියාට අනුව ලෝකයේ ගැහැණුන් වර්ග තුනක් ඇත..
"ඉන්එක කොටසක් දැකපු ගමන්ම hard core pron රගපාන්න හිතෙන විදියේ කොටසක් වන අතර තව කොටසක් ඔරැවක දමාගෙන කැලණිපන්සල් ගෙන ගොස් නෙළුම් මල් තියා බුදුන් වැදිය හැකි පිරිසකි.තවත් කොටසක් ඉන්නා අතර දුටු විට කිසිම දෙයක් හිතෙන්නෙ නැත.."

වයස 40 ට වැඩි දරැවන් හතරදෙනෙකු ඉන්නා මගේ මිතුරැ උපුල් අයියාට අනුව "ගණිකාවක් සමග බුදියගැනීම යනු ගනුදෙනුවකි.ගනුදෙනුවක් හා බැදිමක් යනු දෙකකි.ගණිකාවක් සමග බුදියගෙන ඇයට මුදල් දුන් පසු ගනුදෙනුව ඉවර අතර ගනිකාවකට ඇගේ සැමියා හෝ වෙනකවුරැ හරි සමග බැදීමක් තබාගැනීමට අයිතියක් ඇති අතර උපුල් අයියාටද ගනිකාවක් සමග නිදාගත්තත් ඔහුගේ බිරිද සමග වචනයෙන් විස්තර කල නොහැකි බැදීමක් තියනවලු.."

වයසට යන තුරැම කසාදයක් කරගැනීමට බැරි වුනු මගේ මිතුරැ සිරිමල් අයියාට අනුව ගමේ ගැහැණුන්ගේ සෑබෑ ලස්සන බලන්නට නම් පන්සලේ කඨින පෙරහැරේ පස්සෙන් යන්න ඕනලු..ඒ කඨින පෙරහැර තියෙන්නෙ රෑ නිසාත්, එය ගම වටේ යන කොට නින්දෙන් නැගිට නිදිමත විකාරෙන් පැමින කඨිනයට අතගසන ගැහැණුන්ගේ කියුටිකිරා(පවුඩර් වර්ගයකි) මේකප් වලින් තොර සැබෑ ලස්සන දකින්න පුළුවන්ලු..

මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් මුනගැසුනු එක්තරා ජත්‍යන්තර කෙමිකල් වර්ගයක් බෙදාහරින සමාගමක නිලධාරියකු පැවසුයේ ඔහු ලෝකයේ වැඩියෙන්ම රස විදින දෙය ගැහැණිය වන අතර ඔහු යන සෑම රටකදීම ගැහැණියක් සමග ඇසුරේ යෙදෙන බවය..තවද ඔහුගේ විනෝදාංශය වනුයේ එම සෑම කාන්තාවකගෙන්ම ලිංගික ප්‍රදේශයෙන් රෝම කූපයක් ඉල්ලාගෙන එයත් සමග ඇගේ නම ගම විස්තර ආදිය එක්කර එකතු කිරීමය..
තවද ඔහු පැවසු එක් කරැණක් වනුයේ ලෝකයේ සෑම රටකම මුදලට ගත හැකි කාන්තාවකගේ සාමන්‍ය මිල පිරිමියකු දමන සපත්තු කූට්ටමකට ආසන්න වශයෙන් සමාන වන බවය..

සමහර විට ඉහත ඒවා විකාර විය හැක.එක එක්කෙනා කියපු දේවලින් ඔලුවට ආපු අදහස් ටිකකි..

ලංකාව ඇතුලත රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රනයතුල,මාධ්‍යතුල,අන්තර්ජාලයතුල,බ්ලොග් අවකාශයතුල කාන්තා අදහස් ප්‍රකාශ කිරීම කෙබදුද?
සියළු රාමු බිද ගැහැණුන්ට අදහස් ප්‍රකාශකිරීමට හැකියාවක් තිබේද?

බ්ලොග් අවකාශය තුල කීදෙනෙක් දන්නවද ගැහැණුන් පිරිමි විදියට ලියන බ්ලොග් සටහන් කීයක් තියනවද කියා..BF,Taboo,මිගාර ගේ සිට බොහෝ දේශපාලන සමාජ කාරණා කතාකරන බ්ලොග් අඩවි වල වැඩිපුරම විවිධ නම් වලින් පැමිණ කතාකරන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවාද?
බ්ලොග් අවකාශය තුල පොදු රිදම් එකෙන් පිට ප්‍රසිද්ධ බ්ලොග් අඩවි වැඩි හරියක් පවත්වාගෙන යන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවද?
අතිසංවේදී අතිශය මානුෂිය පොරවල් ලෙස හැසිරෙන බොහෝ අයට ලියන දෙයින් වත් ගැහැණු පිරිමි වෙන්කර හදුනාගැනීමට හැකියාවක් තියනවද?

සමහර විට එම බ්ලොග් ලියන මිතුරියන් ගැන විටෙක දුක සිතේ,විටෙක සතුට සිතේ,විටෙක ඔළුව මොන්ගල් වේ..කාන්තා ඇදුමෙන් පිට ඔවුන් නිදහසේ ලියන කොට කොතරම් දක්ෂද,නිර්මාණශිලීද,කොතරම් රැඩිකල්ද?පිරිමියෙකු ලෙස නිදහස විදින්න ඔවුන් කොතරම් ආසද?

මම නිතරම වෙනසක් අපේක්ෂා කරන කෙනෙකි..ලංකාව ඇමරිකාවක් කිරීමට වඩා සියළුදෙනාට සම අයිතීන් ඇති ලංකාවක් ඇතිවෙනවාට මම කැමතිය..
අනර්කලී ඡන්දය ඉල්ලනාවාට මම කැමති කෙනෙකි..අනර්කලී ඡන්දයට පැමණිම තුල ඇති දේශපාලයන සහ එහි ඇති සෘනාත්මක දෙයට වඩා තරැණ කාන්තාවක් දේශපාලනය පැමිණිම යන ධනාත්මක කරැණට මම ප්‍රමුකතාවය දෙමි.මක් නිසාද යත් ලංකාදේශපාලනය තුල කාන්තා නියෝජය වැඩිවිය යුතුමය.කාන්තාවන්ද සුකුමාල බව ඉවතලා ප්‍රසිද්ධ දේශපාලය තුල කේවල් කිරීමට එක් විය යුතුය..
කොහොමත් ලංකාව තුල ඇත්තේ ප්‍රතිපත්ති හෝ දාර්ශනික දේශපාලනයකට වඩා පුද්ගල දේශපාලයකි..අනර්කලී වැනි චරිතයකට පුද්ගල දේශපාලනය හරහා කල හැකි සේවය වැඩිය..ඇයට ඒ සදහා රෑපය,ප්‍රසිද්ධිය,කැපවීම,තරැණ කම,ගැහැණුකම,කපටිකම,පලිගැනීම,තරැවක් වීමේ උවමනාව ආදී නොයෙක් කාරණා අඩුවකින් තොරව පිහිටා ඇත..එම නිසා දකුනේ මිනිසුන් තමන්ට වැඩක් කරගැනීමට නම් අනර්කලී වැනි චරිතයකට කතිරයක් ගැසුවාට පාඩුවක් නැත...