Sunday, July 26, 2009

Run..

(අපේ හිතේ තියන දේ හරියටම කියන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
මම හිතන්නෙ මම බ්ලොග් සටහන් ලිව්වට මට අවශ්‍ය වුනු දේ හරියටම එකම සටහනකින් වත් කියාගන්න බැරි වෙන්න ඇති..සමහර විට ඒ මම සටහන අච්චාරුවක් කරන නිසා වෙන්න ඇති..
මුළු ලෝකෙටම ගැලපෙන්න මුළු ලෝකෙම එකට අල්ලලා එකම එක සටහනක් ලියන්න ඇත්නම්..

මම පොඩ්ඩක් ඉනිමගක් තියලා අමාරුවෙන් හඳට නැග්ගා..හ‍‍‍‍ඳේ එල්ලිලා ඉදන් කමුලට අත ගහගෙන පොඩ්ඩක් පොලව දිහා බලන් හිටියා..)

මගේ ජීවිතේ කවුරුහරි ඇහුවොත් මම කැමතිම විද්‍යාඥයා කවුද කියලා.ඒ චාල්ස් ඩාවින්..ඒ වෙන මෙකවත් හින්දා නෙවෙයි මුළු ලෝකයම විස්තර කරන්න පුළුවන් අපුරු වචන ටිකක් ඉදිරිපත් කරපු නිසා..
ජිවියාගේ ,මගේ, උඹගේ,අපගේ පැවැත්මට පරිනාමයට දියුණුවට,
මම උඹ අපි මොන පරිසරයෙන් ආවත්, මොන සමාජයෙන් ආවත්,මොන රටෙන් ආවත්,මොන ආගමේ වුනත් ජාතකය මොකක් වුනත්,මොන සිතුවිලි වලින් සිටියත්.

ඉන්නා පොදු ප්‍රදාන පරිසරයට, සමාජයට,පොදු ආර්ථිකයට දේශපාලනයට
අනුවර්ථනය විය යුතුය.
එහිදි කන්න බොන්න, ඉන්න හිටින්න,අදින්න පලදින්න,විනෝද වෙන්න,අධ්‍යාපනයට,ආදරය කරන්න, තරගයකට මුහුණ දෙන්න වෙවි. ඒ තරගයෙන් වැඩිපුර ශක්තිය ඇති එකා ජය ගනීවි.
සමහර විට එය චිත්ත ශක්තිය,දරාගැනීමේ ශක්තිය,ආයුධ ශක්තිය,පිරිස් ශක්තිය ‍හෝ මුදල් ශක්තිය හෝ වෙනත් දෙයක් විය හැක.
ඒකෙන් ජය ගන්නා හෝ සටනෙන් වැඩිපුර ඉදිරියෙන් සිටින එකා/දෙය හෙවත් උචිතයා ඉතුරැ වී අනිත් එකා/දෙය අනුච්තයා ඉවත් විය යුතුය.එහෙම නැත්නම් මිය යා යුතුය....

හැම ආගමක්ම,ජාතියක්ම,දේශපාලන ප්‍රතිපත්තියක්ම ආදි සියළුම දේම හැසිරෙන්නේද මේ පොදු තියරියේය..ඔවුන් සියල්ලෝම තරගයේ යෙදෙයි..තමාගේ ආගම තමයි හොදම එක,තමාගේ ජාතිය තමයි හොදම ජාතිය,තමාගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි ‍හොදම ප්‍රතිපත්තිය ආදී වශයෙන් තර්ක කරයි..

මම කලයුත්තෙ කුමක්ද? තරගයේ යෙදීමය..
අපි කලයුත්තෙ කුමක්ද? තරගයේ යෙදීමය..
අපට කලහැක්කෙ කුමක්ද? කවුරැත් සාධාරණ ලෙස තරගයේ යෙදවීමය..තරගයේ යෙදෙන්න කවුරැත් ආහාර වලින් දැනුමෙන් අධ්‍යාපනයෙන් මුදල් වලින් සන්නද්ධ කිරිමය..

නමුත් සියවස් කිහිපයක්,පරම්පාරාවක් තුල ජයගන්නෙ එක දෙයකි,එක් පුද්ගල කොට්ටාසයකි..එම ජයද ඉස්තිර නැත..ඊලග සියවස් කිහිපයේදී ජයගන්නෙ වෙනත් දෙයකි,වෙනත් පුද්ගල කොට්ටාසයකි..
එය තමයි පරිණාමය..
තරගයේ යෙදී ගැලපෙන විදියට අනුවර්තනය විය නොහැකි නම් උචිතයා ඉතුරු වී අනුචිතයා ඉවත් විය යුතුය..

දැන් මම හ‍‍ඳෙන් බසිමි..මමද තරගයේ යෙදිය යුතුය.. I WANT TO BE THE BEST..

4 comments:

  1. උබ බ්ලොග් ලියන්නෙ සුස්තිය දාලද මචං/ :)

    ReplyDelete
  2. ඇයිද බොලේ එහෙම කිව්වෙ?..මොන සුස්තිද මචං,හිතට ආපු අදහස් ටිකක් වෙනස් විදියට ලියලා දැම්මා එච්චරයි..

    ReplyDelete