දුප්පත් කම හා නූගත් කම..
තවත් යුගල පද දෙකක්..
හරියට කාසියේ දෙපැත්ත වගේ. මොනපැත්ත පෙරළුනත් එකක් යට..
(ඇස්දෙක පියාගත් විට කල්පනා කරන්න අකැමැති ඒ සිද්ධිය.. )
හැමදාම උදේ පාන්දර බයිසිකලය පැදගෙන වැව්කණ්ඩිය දිගේ යනකොට,
කාෂ්ඨක නියගයට හැලි වලන් පැළුනු වැව්පිටියේ, දෙපැත්තෙ අතේ එල්ලුනු ලමයි දෙන්නයි හම්බවෙන්න ඉන්න බඩගෙඩියයි එක්ක, තම්බන් කන්න අලවංගුවෙන් නෙළුම් අල හාරන ඈ..
හවසට වැඩ ඇරිලා එනගමන්,
එක අතක ඉදලකුයි අනිත් අතේ තාච්චියකුයි එක්ක නගරේ කුණු එකතුකරන ට්‍රැක්ටරයේ පස්සෙ එල්ලිලා යන ඈ..
එදා මම උදේ පාන්දර බයිසිකලය පැදගෙන යන කොට,
ඈ උඩුබැලි අතට වැව්කණ්ඩියේ මැද මැරී වැටී සිටියේ ඇයි..
අම්මා රෑ බඩේ කැක්කුමක් හැදිලා හයියෙන් ඇඩුවා..
මරණයට හේතුව විෂබීජයක් ශරීරගත වීම..
කුණු එකතු කිරීම පහත් රක්ෂාවක් නෙවෙයි.
ලෝකේ තියන රක්ෂාවලින් තවත් එකක්..
ඒත් ඇයි මිනිස්සුන්ට කුණු එකතු කරනකොට ග්ලවුස් එකක් දාමන්න බැරි..
දුප්පත් හින්දා කුණු එකතුකරන රක්ෂාව කරනවා..
නුගත් හින්දා ඒ කුණු ග්ලවුස් නොදා අතින් අල්ලනවා..
දුප්පත් හින්දා නුගත් වෙනවා..නුගත් හින්දා දුප්පත් වෙනවා..
Saturday, May 30, 2009
Friday, May 29, 2009
ප්‍රථම සටහන හා පිදුම...
හ්ම්ම්ම්....වෙනස් රිද්මයකට අළුත් බ්ලොග් සටහන් පෙලක් ලියන්නටයි කියලා කල්පනාව..
කාලයක් තිස්සෙ ඉදන් බ්ලොග් නම් කියවනවා.ඉදලා හිටලා කමෙන්ට් එකක් දෙකකුත් දැම්මා..
එත් බ්ලොග් එකක් තිබුනේ නෑ..
අනික බ්ලොග් ලියන්න තරම් හරියට වෙලාවකුත් සෙට් වුනේ නෑ..
ජීවිතය විදින්න,විදවන්න,මැදින් දකින්න..
අඩන්න,හිනාවෙන්න, සැහැල්ලු වෙන්න...
එන්න මගේ බ්ලොග් එකත් කියවන්න..
හරියට ලියාගන්න පුළුවන් වෙයිද නම් දන්නෙ නෑ..
ඒත් උත්සාහයක් දෙන්නම්...
හිතට සෙට් වෙනවා වගේ නම් කමෙන්ට් එකක් දමන්න..
"පහල මධ්‍යම පාන්තිකයකුගේ ඇසින් ලෝකය දකින්න..
බ්ලොග් ලිවිය යුතු නොලියන උන් වෙනුවෙන්..."
පිදුම..
අවදියෙන් ඉන්න පුරුදු කල ඇයට..
you tube එකෙන් සොයා ගත් මේ ගීතය ඇය වෙනුවෙන්..

Subscribe to:
Posts (Atom)