බ්ලොග් සටහනක් කාලයකින් ලිව්වෙ නැත..ලියන්න තරම් හිතට කිසි ගතියක්,පිට් එකක් නැත..
මාතෘකා නම් ඉස්මයන්න ඇත..
ඩෙංගු,අවතැන් කදවුරැ,ආපහු යුදදෙ පටන්ගනියද,රාජපක්ෂ මහත්තයලාගේ රාජාණ්ඩුව,උතුරැ කොරියන් අර්බුදය..
අම්මෝ සන්නමන්න ප්‍රශ්න හක්කපනින්න ඇත..
ප්‍රශ්න?
ඉතින් බොට මොකෝ..උඩු හිත අහයි..
ඒකත් හැබෑවය..ප්‍රශ්න දැක්ක පලියට,ප්‍රශ්න තිබුන පලියට ඒවා ඔක්කොම ජීවිතය කරගන්න ගියොතින් ජීවිතය ප්‍රශ්නයක් වෙයි..
එහෙනම්?
අනේ මං දන්නේ නැත..ඒ ගැන ඔයිට වඩා ඕනේ නැත..
මගේ බිරිද මාත් එක්ක තරහා වී ඇත..
දින කිහිපයකින් ඈ මාත් එක්ක එකට කතාකරන්න වත් නිදාගන්න වත් ආවේ නැත..රෑට තනියම කොට්ටය බදාගෙන දරැවා දිහා බලාගෙන මම හුදකලාවේ නිදාගනියි..ඇයව සිපගන්නෙ නැතිව මට ඉන්නට බැරිය..
වෙලාවකට ඇඩෙන්නත් එයි..මොනවා කරන්නද?
පොඩිකාලේ අම්මගෙන් තාත්තගෙන් ගුටිකෑවේය..
ඉස්කොලේ යනකොට ගුරැවරැන්ගෙන් ඉහල පන්තිවල කොල්ලොන්ගෙන් අම්බානකට ගුටිකෑවේය..
රස්තියාදුගහන කාලේ හන්දිගානේ බෝක්කුගාන්නෙ ඉන්න කොල්ලන්ගෙන් ගුටිකෑවේය..
රක්ෂාවට ගියාට පස්සේ ලොක්කන් නොගැහුවත් බැනුම් අහන්න සිද්ද වෙලාය..
බැන්දට පස්සෙ බිරිදගෙන් බැනුම් අහන්නයි ගුටිකන්නයි දෙකම සිද්ද වෙලාය..
මොකක්ද මේ ජීවිතය?
හිත ප්‍රශ්න කරයි..
ගුටිකන එකත් ජීවිතය තමයි බං..හිත ආපහු උත්තර දෙයි..
එතකොට,
Thursday, June 25, 2009
Monday, June 15, 2009
මමත් තාත්තෙක්..
(තාත්තා,.. ලෝකයේ තියන අපුරෑ වචන වලින් තවත් එකක්...කොහොම විස්තර කරන්නද?..තාත්තෙක් වෙන්නම ඕන හදවතට දැනෙන ඒ හැගීම විදින්න..
මම කවි ලියන්න දන්නෙ නෑ..
ඒත් මගේ ලෙයින් උපන් මගේ දරැවා වෙනුවෙන් එකම එක කවියක්
අමාරැවෙන් ගලාපා ගත්තා..)
දැකපන්,
කණාමැදිරි එලි නිවා
අවිදු අදුර...
දල්වපන්,
පුපුරා නැගෙන
ප්‍රඥා ලෝකයේ
පහන් සිළුව
තිමිර පටලය ඉරා..
යොදපන්,
අධ්ෂ්ඨානයේ වැරය
රතු ලේ මෙන්
සත්‍යද මුසුව
යුහුසුළුව...
එවිට,
ලෝකය..
පතිරෑප දේශයක් වේවි
විසුමට...!!!
මේ තවත් හදවතට දැනෙන ගීතයක්...

Sunday, June 7, 2009
උන්ගේ මීහරක් රසවින්දනය හා අපේ උසස් රසවින්දනය...
මේ ලියන්න යන සටහනෙන් කාගේ හෝ හිත රිදීමක් වෙයි නම් සමාව ඉල්ලන අතර හිතට එන අදහස් ටිකක් පාලනයකින් තොරව ලියා තැබීමකි...තවද මෙය සාධාරණිය කරනය කිරිමට යාමක් නොව පහල මධ්‍යම පාන්තිකයකුගේ ඇසින් දැකීමක් වන අතර මම වැරදි,නිවරදි බව තීරණය කිරීම ඔබට භාරය..
උන්ට ඇත්තේ මී හරක් රස වින්දනයකි..
උන් කියවන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ,එඩ්වඩ් මල්ලවආරච්චිගේ බොලද පොත්ය..අපි කියවන්නේ ලියෝටොස්ටෝයිගේ,මැක්සිම් ගෝර්කිගේ පොත්ය..
උන් අහන්නෙ අජිත් මුතුකුමාරණගේ,චාමර වීරසිංහගේ සිංදුය..අපි අහන්නෙ අමරදේවයන්ගේ,කේමදාස මාස්ටර්ගේ සිංදුය..
උන් බලන්නෙ හින්දි චිත්‍රපටි,රන්ජන්රාමණයකගේ,ටෙනිසන් කුරේ චිත්‍රපටිය..අපි බලන්නේ ඔස්කාර් සම්මාන ලබපු ඉංග්‍රීසි ච්ත්‍රපටිය,ස්ටීවන් ස්පීල්බර්ගේ ෆිල්ම්ය..
උන් බලන්නේ සිරසය,සුපර්ස්ටාර්ය,මහගෙදරය..අපි බලන්නේ ජාතික රෑපවාහිනියය,කරැවල ගෙදරය..
ඒ නිසා උන් මෝඩ මීහරක්ය..උන් අපි බලන දේවල්,අහන දේවල්,කියවන දේවල් කරන්නේ නැත..ඒ නිසා උන් මෝඩය,ගොන්නුය,මීහරක්ය..අපි සෑබෑ බුද්ධිමතුන් වෙමු..
රසවින්දනය වර්ග කල හැකිද?
උසස් රස වින්දනයක් හා පහත් රසවින්දනයක් කියා දෙයක් තිබේද?
තමා නොකරණ දේ නොකල පමණින් මිනිස්සුන් මීහරක්,ගොන්නු,මෝඩයෝ වෙනවාද?
"මොන දේකින් හෝ අවශ්‍ය සංවේදී බවය..කෙනෙකු අඩනකොට ඇඩෙන ගතියය,හිනාවෙනකොට හිනා වීමය,සරල තේරේන වචනටිකකින් හෝ සමාජය විවේචයය.."
දවස තිස්සෙම ගාමන්ට් එකේ මැෂින් එක පාගල පීඩනයෙන් ආතතියෙන් එන කොල්ලාට කෙල්ලාට, නොතේරෙන විදියට ලියලා තියෙන යටලීයෙන් නාරිලතා මල් පූදීයි අහනවට වඩා අජිත් මුතුකුමාරණගේ සරල තේරෙන සිංහලෙන් ලියල කියන දේ ඇගට දැනෙයි..ඒවා අහන එක වරදක්ද?
භාවිතයේ නැති විකාර වචන උඩින් යටින් මැදින් ගහලා පොතේ අවසාන ටික කියවගෙන යනකොට මුල් පිටු ටිකේ හිටිය නම්ගම් අමතක වෙන තරමේ පොත් කියවනවට වඩා සරල භාවිතයේ ඇති වචන වලින් ලියලා තියෙන ඒවා කියවන එක වරදක්ද?
බල්ලෙක් වත් ගනන් ගන්නෙ නැතිව ඔහේ පාවෙන තරැණයෝ,තරැණියෝ හැකියාවක් තිබුනත් නැතත් යම්තමින් හෝ කැපිලා පෙනෙන්න තමාට ඇතැයි කියන දක්ෂතාවය උරගා බලන්න රියලිටි වැඩසටහන් වලට යාම වරදක්ද?
තුන්සිය හැටපස් දවසෙම පිරිමින්ගේ තාඩන වලට යටත්වෙලා,කුස්සියට වෙලා ඉන්න ගැහැණු ඉන්දියාවේ ප්රවිනාලා,ච්ත්තිලා ටෙලිනාට්‍ය වල හෝ වීරයෝ වෙන ඒවා දිහා බලන එක වරදක්ද?
දුප්පත් කමෙන්,නැති බැරි කමින්,නොහැකියාවෙන් පෙලෙන ගැහැණු පිරිමි,වානිජ හෝ ඉන්දියානු චිත්‍රපටිවලින්,ටෙලිනාට්‍ය වලින් ෆැන්ටසි ලෝක වල,හීන ලෝක වල අතර මං වී සතුටක් ලැබීම වරදක්ද?
කොටින්ම රසවින්දනය ඉරක් ගසා වෙන්කර උසස් රසවින්දනය හා මී හරක් රසවින්දනය කියා වෙන් කල හැකිද?
"ලෝකයේ හොද නරක මෙන්ම රසවින්දනයත් සාපේක්ෂය..එය උසස් හෝ පහත් කියා වර්ග කල නොහැකිය.."
(ඉහත සටහන මා බ්ලොග් කියවන්න පැමිණිදා ඉදන් මී හරක්,මෝඩයෝ,ගොන්නු වෙන සමාජ චරිතන් වෙනුවෙන් ලියා තැබූවකි..
සමහරෙකුට අනුව නොතේරෙන සිංහලෙන් වචන පටලවලා විකාර,බහුභුත ලියන ඔබලා මී හරක්,මෝඩයෝ,පිස්සො විය හැක..එම නිසා වචන භාවිතයේදී දෙපාරක් හිතන මෙන් ඉල්ලා සිටිමි..
නමුත් එක දෙයකට ඔබලාට විරැද්ධ විය හැක..ඒ ඉහත දේවල් සමග එන නව අධිරාජ්‍යවාදි ගෝලියකරණ සංකල්පයන්ටය..සමහර විට ඒවා එන්නේ එම වැඩසටහන් සමග නොව ඒවාට අනුග්‍රහය දක්වන වෙලද සමාගම්,වෙලද දැන්වීමි හරහා විය හැක..එය ගැන පසුව බ්ලොග් සටහනක් ලිවිමට බලාපොරොත්තු වෙමි..)

Thursday, June 4, 2009
ආදරය,පිරිමියා සහ ගැහැණිය...
"ආදරය, පිරිමියෙකු ජිවිතේ තවත් එක් කොටසක් කර ගනිද්දී ගැහැණිය ආදරය මුළු ජීවිතයම කර ගනියි...
ආදරය දිහා පිරිමියකු උපේක්ෂාවෙන් බලද්දී ගැහැණිය එය තමාගේ පන මෙන් ජීවිතය මෙන් සිතා එය රැක ගැනීමේ අරගලයක යෙදෙයි..."
හිතට ආපු අදහස් ටිකක්...කොහෙන් ආවද නම් දන්නෙ නෑ..සමහර විට කවුරැ හරි කියපු එකක්...ඔහේ බ්ලොග් එකේ ලියලා දැම්මා...එය බොහෝ දුරට හරි යයි සිතේ...සමහර විට එහි අනිත් පැත්ත හෝ ඒ එකක් වත් නොවිය හැක...
ඒත්,
ඇය ගැන සිතත්දී එය නිවරදිය...
අපේ අම්මා ගැන සිතද්දී එය නිවරදිය...
ලංකාවේ බොහෝ ගැහැණු ගැන සිතද්දී එය නිවරදිය...
ලෝකයේ බොහෝ ගැහැණු ගැන සිතද්දී එය නිවරදිය...
Tuesday, June 2, 2009
ජවිපෙ සහ බීම...
(මම ජේවීපී කාරයකු නොවෙමි..වැඩිපුර කොමිනියුනිස්ට් අදහස් තියෙන සාමාන්‍ය සාම්ප්‍රදායික ඡන්ද දායකයෙකි..ජේවීපී බල කොටුව වන තිස්සමහාරාමයේ ඉපදුනෙමි හැදුනෙමි වැඩුනෙමි..ප්‍රදේශිය සභා ඡන්දයේදි ජවිපෙට කතිර ගහන අතර සජිත් පේමදාස මහත්තයට සයිඩ් එකෙන් සපොට් එකක් දෙන ගමන් රාජපක්ෂ පරම්පරාවේ මහත්වරුන්ට ලගින් වැඩ කරමි.. )
(මම බේබද්දෙකු නොවෙමි.. බොහෝ විට සෙනසුරාදට පොඩ්ඩක් සෙට් වෙයි..බීමෙහි ගුණ අගුණ හෝ සුන්දර අසුන්දර බව පසුවට ලියමි..කොහොම නමුත් බීපු හැමදවසක්ම සුන්දර නැත..පොඩ්ඩ වෙරි වුනගමන් මී හරක් වෙන චරිතත් සමග බිවු විට කොහොමත් සුන්දර නැත..එහෙම එවුන් එක්ක බොනවට වඩා තනියම බොන එක සැපය.. )
ජවිපෙ නායක මහ එවුන් මොනව කලත් ගම් වල තවමත්, තියන එකම රතුපාට සර්ට් එක හැම තැනටම අදින, කොණ්ඩේ රැවුල යන්තමින් වවාගෙන, විජේවිර මහත්තයගේ පෝස්ටරයක් ගෙදර ඉස්සරහ දොරේ ගහගෙන මාක්ස්ලගේ එංගල්ස්ලගේ කොමියුනිස්ට් ප්‍රකාශයේ වගන්ති කටපාඩමින් කියවන ග්‍රාමීය ජේවීපී කාරයා ඇත්තටම සුන්දර මනුස්සයෙකි..උන්ගෙ හිතේ කහට නැත..හදවත් හොදය,බොක්කෙන්,කැපවීමෙන් වැඩ කරයි..
මගේ ජීවිතේ මම වැඩිපුරම එකට බීමට කැමති පුද්ගලයා ඔහුය..
ඔහුත් සමග මා සෙට් වුනොත් මම ගෙදර එන්නෙ ඇසට කදුලකුත් සමගය..
88/89 කාලයේ ප්‍රබල ක්‍රියාකාරි ජේවීපි කාරයකු වු නිසාම පසුව වසර 09 ක් පමණ සිර දඩුවම් විද නිදහස් වු ඔහු ඇත්තටම හදවතින් සුන්දර මනුස්සයෙකි..හේන් හා කුඹුරැ ගොවිතැන ජිවොනෝපාය වශයෙන් කරන ඔහුත් සමග බොහෝ විට අපි සෙට් වෙන්නෙ යාල කැලය මැද තියන ඔහුගේ හේනේ පැලේය..ඔහුගේ කතාව මම මෙහි ලිවීමට නොයමි..
ඒත්,
"මල්ලී,මෙච්චරයි මට කියන්න තියෙන්නෙ" කියා හැමදාම ඔහු අවසානයට අපට දැනෙන්න යාල කැලය පුරා ඉරාගෙන යන්න කියන ගීතය පමණක් මෙහි දමමි..

Subscribe to:
Posts (Atom)