Sunday, September 13, 2009

ගැහැණු, බ්ලොග් සහ අනර්කලී....

ගැහැණුන් යනු මට හරියාකාරව අර්ථ දැක්විමක් දිය නොහැකි තවත් වස්තුවකි..විවිධ අය විවිධ අර්ථ දැක්වීම් දුන්නට මට එසේ ගොඩනගාගත් අර්ථ දැක්වීමක් නැත..සමහර විට අර්ත දැක්වීමක් තිබුනත් එය වචනයෙන් විස්තර කල නොහැකි ෆීලින් එකකි..

කලක් මත්ද්‍රව්‍ය භාවිතයට පුරැදු වී නැවත පුනුරැත්තාපනය වී සිටින මගේ මිතුරැ ටික්කා අයියාට අනුව ලෝකයේ ගැහැණුන් වර්ග තුනක් ඇත..
"ඉන්එක කොටසක් දැකපු ගමන්ම hard core pron රගපාන්න හිතෙන විදියේ කොටසක් වන අතර තව කොටසක් ඔරැවක දමාගෙන කැලණිපන්සල් ගෙන ගොස් නෙළුම් මල් තියා බුදුන් වැදිය හැකි පිරිසකි.තවත් කොටසක් ඉන්නා අතර දුටු විට කිසිම දෙයක් හිතෙන්නෙ නැත.."

වයස 40 ට වැඩි දරැවන් හතරදෙනෙකු ඉන්නා මගේ මිතුරැ උපුල් අයියාට අනුව "ගණිකාවක් සමග බුදියගැනීම යනු ගනුදෙනුවකි.ගනුදෙනුවක් හා බැදිමක් යනු දෙකකි.ගණිකාවක් සමග බුදියගෙන ඇයට මුදල් දුන් පසු ගනුදෙනුව ඉවර අතර ගනිකාවකට ඇගේ සැමියා හෝ වෙනකවුරැ හරි සමග බැදීමක් තබාගැනීමට අයිතියක් ඇති අතර උපුල් අයියාටද ගනිකාවක් සමග නිදාගත්තත් ඔහුගේ බිරිද සමග වචනයෙන් විස්තර කල නොහැකි බැදීමක් තියනවලු.."

වයසට යන තුරැම කසාදයක් කරගැනීමට බැරි වුනු මගේ මිතුරැ සිරිමල් අයියාට අනුව ගමේ ගැහැණුන්ගේ සෑබෑ ලස්සන බලන්නට නම් පන්සලේ කඨින පෙරහැරේ පස්සෙන් යන්න ඕනලු..ඒ කඨින පෙරහැර තියෙන්නෙ රෑ නිසාත්, එය ගම වටේ යන කොට නින්දෙන් නැගිට නිදිමත විකාරෙන් පැමින කඨිනයට අතගසන ගැහැණුන්ගේ කියුටිකිරා(පවුඩර් වර්ගයකි) මේකප් වලින් තොර සැබෑ ලස්සන දකින්න පුළුවන්ලු..

මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් මුනගැසුනු එක්තරා ජත්‍යන්තර කෙමිකල් වර්ගයක් බෙදාහරින සමාගමක නිලධාරියකු පැවසුයේ ඔහු ලෝකයේ වැඩියෙන්ම රස විදින දෙය ගැහැණිය වන අතර ඔහු යන සෑම රටකදීම ගැහැණියක් සමග ඇසුරේ යෙදෙන බවය..තවද ඔහුගේ විනෝදාංශය වනුයේ එම සෑම කාන්තාවකගෙන්ම ලිංගික ප්‍රදේශයෙන් රෝම කූපයක් ඉල්ලාගෙන එයත් සමග ඇගේ නම ගම විස්තර ආදිය එක්කර එකතු කිරීමය..
තවද ඔහු පැවසු එක් කරැණක් වනුයේ ලෝකයේ සෑම රටකම මුදලට ගත හැකි කාන්තාවකගේ සාමන්‍ය මිල පිරිමියකු දමන සපත්තු කූට්ටමකට ආසන්න වශයෙන් සමාන වන බවය..

සමහර විට ඉහත ඒවා විකාර විය හැක.එක එක්කෙනා කියපු දේවලින් ඔලුවට ආපු අදහස් ටිකකි..

ලංකාව ඇතුලත රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රනයතුල,මාධ්‍යතුල,අන්තර්ජාලයතුල,බ්ලොග් අවකාශයතුල කාන්තා අදහස් ප්‍රකාශ කිරීම කෙබදුද?
සියළු රාමු බිද ගැහැණුන්ට අදහස් ප්‍රකාශකිරීමට හැකියාවක් තිබේද?

බ්ලොග් අවකාශය තුල කීදෙනෙක් දන්නවද ගැහැණුන් පිරිමි විදියට ලියන බ්ලොග් සටහන් කීයක් තියනවද කියා..BF,Taboo,මිගාර ගේ සිට බොහෝ දේශපාලන සමාජ කාරණා කතාකරන බ්ලොග් අඩවි වල වැඩිපුරම විවිධ නම් වලින් පැමිණ කතාකරන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවාද?
බ්ලොග් අවකාශය තුල පොදු රිදම් එකෙන් පිට ප්‍රසිද්ධ බ්ලොග් අඩවි වැඩි හරියක් පවත්වාගෙන යන්නෙ කාන්තාවන් බව කීදෙනෙක් දන්නවද?
අතිසංවේදී අතිශය මානුෂිය පොරවල් ලෙස හැසිරෙන බොහෝ අයට ලියන දෙයින් වත් ගැහැණු පිරිමි වෙන්කර හදුනාගැනීමට හැකියාවක් තියනවද?

සමහර විට එම බ්ලොග් ලියන මිතුරියන් ගැන විටෙක දුක සිතේ,විටෙක සතුට සිතේ,විටෙක ඔළුව මොන්ගල් වේ..කාන්තා ඇදුමෙන් පිට ඔවුන් නිදහසේ ලියන කොට කොතරම් දක්ෂද,නිර්මාණශිලීද,කොතරම් රැඩිකල්ද?පිරිමියෙකු ලෙස නිදහස විදින්න ඔවුන් කොතරම් ආසද?

මම නිතරම වෙනසක් අපේක්ෂා කරන කෙනෙකි..ලංකාව ඇමරිකාවක් කිරීමට වඩා සියළුදෙනාට සම අයිතීන් ඇති ලංකාවක් ඇතිවෙනවාට මම කැමතිය..
අනර්කලී ඡන්දය ඉල්ලනාවාට මම කැමති කෙනෙකි..අනර්කලී ඡන්දයට පැමණිම තුල ඇති දේශපාලයන සහ එහි ඇති සෘනාත්මක දෙයට වඩා තරැණ කාන්තාවක් දේශපාලනය පැමිණිම යන ධනාත්මක කරැණට මම ප්‍රමුකතාවය දෙමි.මක් නිසාද යත් ලංකාදේශපාලනය තුල කාන්තා නියෝජය වැඩිවිය යුතුමය.කාන්තාවන්ද සුකුමාල බව ඉවතලා ප්‍රසිද්ධ දේශපාලය තුල කේවල් කිරීමට එක් විය යුතුය..
කොහොමත් ලංකාව තුල ඇත්තේ ප්‍රතිපත්ති හෝ දාර්ශනික දේශපාලනයකට වඩා පුද්ගල දේශපාලයකි..අනර්කලී වැනි චරිතයකට පුද්ගල දේශපාලනය හරහා කල හැකි සේවය වැඩිය..ඇයට ඒ සදහා රෑපය,ප්‍රසිද්ධිය,කැපවීම,තරැණ කම,ගැහැණුකම,කපටිකම,පලිගැනීම,තරැවක් වීමේ උවමනාව ආදී නොයෙක් කාරණා අඩුවකින් තොරව පිහිටා ඇත..එම නිසා දකුනේ මිනිසුන් තමන්ට වැඩක් කරගැනීමට නම් අනර්කලී වැනි චරිතයකට කතිරයක් ගැසුවාට පාඩුවක් නැත...

Sunday, August 30, 2009

රෑට පේන ලංකාව..

(කවුරැත් මේ දවස් වල අළුත් ශ්‍රී ලංකාවක් ගැන කතාකරනවා නේ..මමත් ඉතින් නිකන් ඉන්න ගමන් කල්පනා කලා අළුත් ලංකාවක් හදන්න අයිඩියා ටිකක්..
ඉක්මනින් වේගවත්ව අළුත් ලංකාවක් දියුණු ලංකාවක් ගොඩනගන්න මෙන්න මගෙන් අදහස් ටිකක්..සමහර විට කවුරැහරි මම පිස්සුවෙන් දොඩවනවයි කියලා හිතයි..මේ ලියලා තියෙන්නෙ සිරාවටම හෙන කාලයක් අත්දැකීමෙන් හොයා ගත්ත සීරියස් අදහස් වල සාරංශයක්..)

සියළුම සිගරට් වල මිල අවම වශයෙන් 75% කින් වත් පහල දැමීම කල යුතුය..
තවද ලංකාවේ ඇති සිගරට් වර්ග දෙකතුනට අමතරව(ගොල්ඩ් ලීෆ්,බ්‍රිස්ටල්) තවත් නිකොටින් ප්‍රමාණය අඩු තාර ප්‍රමාණය අඩු සිගරට් වර්ග වෙලද පොලට හදුන්වා දීම කල යුතුය.දැනට ලංකාවේ ඇති සිගරට් වර්ග වල නිකොටින් අසාන්න වශයෙන් 0.5mg(තාර 5mg) හො ඊට වඩා වැඩි අතර අවම වශයෙන් නිකොටින් 0.1mg-0.05mg(තාර 1mg-0.5mg) දක්වා අඩු අගයන්ගෙන් වත් වර්ග වෙලද පොලට හදුන්වා දීය යුතුය..

අරක්කු වල මිල පහල දැමීම සහ මිනිසුන්ට පහසුවෙන් මිලදී ගත හැකි වන අයුරැ පහසුකම් සැලසීම කල යුතුය..මීට අමතරව ලංකාවේදී ඕනෑම අවස්තාවක පානය කල හැකි වන අයුරැ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැර ප්‍රමාණය 20%ට පහල ප්‍රමතිගත දේශිය හෝ විදෙස් මත් පැන් වර්ගයක් හදුන්වාදීම.(මගේ අදහස අනුව ලංකාවේ රා මෙයට කදිම නිෂ්පාදනයක් වන අතර ප්‍රමතියක් ඇතිව බෝතල් කර වෙලද පොලට ඉදිරිපත් කිරිමට පහසුකම් සැලසීම..)

අරක්කු සිගරට් පානය නිදහසේ කිරිමට ඉඩ දිය යුතු අතර ප්‍රයොගික තත්ව සලකා බලා ප්‍රසිද්ධ ස්ථාන වල එය කිරීම ඉඩ නොදිය යුතුය.(එවැනි තැන්වල බීමට අවශ්‍ය නම් විදෙස් රටවල මෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව කුටි ඉදිකර දීම..)

ලංකාවේ සියළුම වැරදි වලට අදාලව නීති සංශෝධනය කල යුතු අතර ප්‍රධාන වශයෙන් වැරදි වලට දෙන දඩුවම සිරගත කිරීමකින් තොරව මුදල් මගින් දඩ වශයෙන් අය කරගත හැකි වන පරිදි නීති සංශෝධනය කල යුතුය..අවම වශයෙන් දැනට වැරදි වලට අදාලව අයකරගන්නා මුදල 200% කින් වත් වැඩි කල යුතුය..මිනිසුන්ට හුරැ වෙන අයුරින් එය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කල යුතුය..(මෙය පොලීසියට අමතරව වෙනත් නීතිය ක්‍රියාත්මක වන ආයතනයක් මගින් කල හැකි නම් ඉතා අගේය..)

ලංකාවේ නොමිලේ දෙන සියළුම සේවාවන්ගෙන් කිසියම් මුදලක් අය කල යුතුය..අවම වශයෙන් රෝහල් ගත වෙන කෙනෙකුගෙන් රැ 20-25 ක් වත් ආදී වශයෙන් අධ්‍යාපනය,ප්‍රවාහන ආදී සියළුම ක්ෂේත්‍ර වලද කිසියම් මුදලක් අය කල යුතුය..

නව තාප විදුලි බලාගාර දෙකක්වත් ඉදි කල යුතුය.

මිනිසුන්ට කාර්යක්ෂමතාව කියන දේ ඉගැන්විය යුතු අතර එය සදහා උපකරණ ටුල්ස් ආදිය පලදායි ලෙස භාවිතා කරන අකාරය ඉගැන්විය යුතුය.

කසාද බැදීම සදහා අවම වශයෙන් මොටර් බයිසිකලයක්,රස්සාවක් වත් තිබිය යුතුය යන මතය කාන්තාවන් අතර සමාජය තුල මාධ්‍ය මගින් රෝපනය කල යුතුය.

කාන්තාවන්ද පිරිමින් මෙන් හරි හරියට මජං ගාගෙන කලිසම් ඇදගෙන වැඩ කල යුතුය.බස් රථ රියදුරන් සදහා කාන්තාවන් ගත යුතුය.

ඔෆීස් වල වැඩකරනඅය,රාජ්‍ය සේවකයෝ,වයිට්කොලර් පොරවල් වලට වැඩිය මහන්සි වෙලා වැඩ කරන සාමන්‍ය සේවකයා උසස් යන මතය මධ්‍ය මගින් රෝපනය කල යුතු අතර බැංකුවකට රෝහලකට රාජ්‍ය ආයතනයකට පැමිනි විට කම්කරැවාට ප්‍රමුක තැන දිය යුතුය.

ලෝකයේ ප්‍රදාන කාර්මික රටවල්,ආයතන,බහුජාතික සමාගම් වලට එන්න අපේ රටේ ආයෝජනය කරන්න යනුවෙන් ඉල්ලීම් කල යුතුය.ඊට අමතරව දේශිය නිෂ්පාදකයින්ට අත හිත දිය යුතුය.

මිනිසුන් එකිනෙකාට ගෞවරව කරන්නන් පිරිසක් බවට අභිමානයක් ඇති පිරිසක් බවට කලාව සාහිත්‍ය ආගම මගින් පත් කල යුතුය.

තව ගොඩක් ඇත.ඒවා පසුව දවසක ලියමි..අපේ රට නැගිටිය යුත්තේ නිෂ්පාදන ක්ෂේත්‍රයෙනි.අපිට විකුනන්නට තෙල් හෝ වෙන දෙයක් නැත.නමුත් අපිට මිනිස් සම්පත විකුණන ගමන් අපේම කියා නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෝකය තුල ගොඩ නැගිය හැකිනම් අපට දියුණු විය හැක.එය රැදී ඇත්තේ මධ්‍යම පාන්තික හා පහල මධ්‍යම පාන්තික කම්කරැ පිරිස මතය.
මිනිසුන් වැඩ කලේ නැතිනම් කිසිම දෙයක් ලබා‍ගත නොහැකිය කියන දෙය වැපිරිය යුතුය..
මිනිසුන් fun එක තුල රාමුකල යුතුය.fun එක ලබාගැනීමට නම් වැඩකල යුතුය.
කිසියම් හෝ වින්දනයක් නිදහසක් නැත්නම් කිසිම මිනිසකු ආසාවෙන් තෘප්තියෙන් වැඩ කරන්නේ නැත..

Sunday, August 23, 2009

කොත්තු..

දෑත දෑත බැද ඈ ලංවී
මට පෑව ආදරේ..
සනසා නොලාලන කාලේ
දිවිතෙක්ම සිහිකෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ මුළු සංසාරේ
මහද ගි‍ලෙන්නෙ පෙම් සිලිලාරේ..
උදාරයි උදාරයි ආදරේ....
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුවදේ...
සුදුපාට මීදුම් ගලාලා
අර පෙනෙන කන්දේ වෙලීලා
මදහාස පෙන්වා බැදීලා
දෙදෙනාට රහසේ කියාදේ
ආදරේරේරේ.....ආදරේරේරේරේ.....
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියවී ඇත්තේ
ආදරේ..ආදරේ.. හ්ම් ආදරේ...

තව එකක්,මිනිසා රගයි රංගනේ..
සිනහා කදුළු එනවා යනවා...


Thursday, August 6, 2009

පුංචි අයිඩියා කිහිපයක්..

(මගේ බ්ලොග් කෙරැවාවටත් බහින කලාව උදා වෙලා වගේය..ප්‍රධාන හේතුව අධික වැඩය..මුලදි සතියට දෙකක් පසුව සතියට එකක් ආදී වශයෙන් පටන් ගත් එක දැන් සතියට එකක් වත් ලියවෙන්නෙ නැත..
කොහොමත් මම කරන්නෙ ඔපීස් එකක පරිගණකයකුත් එක්ක වයිට් ‍කොලර් ජොබ් එකක් නොවෙමි..ලංකාවේ කෙසේ වෙතත් ලෝ‍කයේ බොහෝ දියුණු රටවල් ආර්ථික අර්බුදයෙන් යම්තමින් ගොඩ එමින් පවතින නිසා මගේ ජොබ් එකටත් දැන් ඉල්ලුම වැඩි වී හොද කලදසාවක් ලැබී ඇත..මාසේ අන්තිමට හොද ගණනක් අතට ලැබෙන්නෙ වැඩිපුර OT ටිකක් කරගත්තොත් නිසා දැන් රෑ දහය එකොලහ විතර වෙනකම් වැඩ කරයි..අන්තර්ජාලයට බොහෝ විට සෙට් වෙන්නෙ ඒ අතර තුර පොඩි වීවේකයක් ලැබෙන වෙලාවටය..

එයත් කියන්නෙ මම දැන් ලමයි ඉන්න තාත්ත කෙනෙක් නිසා ඉස්සර වගේ පිස්සුකෙලින්නෙ නැතිව හම්බකරලා කීයක් හරි ඉතුරැ කරන්න කියලාය..අර වේයන්ගෙ කතාව වගේ මහන්සි වෙලා හම්බකරන්න පුළුවන් කාලේ ඉතුරැ කරලා හොද ගේමක් ගහගත්තොත් පස්සෙ කාලේ සතුටින් ඉන්න පුළුවන්ලු..හැමදාම දුක් විදින්න බැහැ නේ..)

මම ආර්ථික දේශපාලන විද්‍යඥයෙක් නොවෙමි..මේ මගේ හිතට ආපු පුංචි අයිඩියා එකකි..දැන් ක්‍රමයෙන් ලෝක ආර්ථික බල තුලන වෙනසේදී බටහිරින් බලය ක්‍රමයෙන් ගැලවීගෙන ආසියානුකලාපයට හා ලතින් ඇමරිකානුකලාපය කරා ඇදී ගෙන යනවනේ..අනාගතයේ ඉන්දියාව චීනය කොරියාව ජපානය ඉන්දුනිසියාව ඉරානය වෙනිසියුලාව බ්‍රසිලය වගේ රටවල් ලෝකයේ ප්‍රබල රටවල් වෙන බව බොහෝ අය පවසයි..රටවල් ප්‍රබල වෙනකොට ඉතින් ඒවගේ සංස්කෘතියෙ කාලාව භාෂාවේ ඉදන් සන්නමන්න කෑලි ඔක්කොම ලෝකය පුරාම පැතිරෙනවනේ..
අපිත් ඉතින් රටක් විදියට ගොඩයන්න නම් මේ රටවල් වලට ටිකක් වැඩිපුර හේත්තු වෙලා ඉන්න එක තමයි හොද..ඒ කියන්නෙ බටහිර රටවල් එක්ක තරහා වෙන එක නෙමෙයි..

ලංකා ආණ්ඩුවේ ගොංපාට් කොතරම් තිබුනත් අනාගතේ දියුණු වේයැයි හැගෙන රටවල් වලට වැඩිපුර හේත්තු වෙලා ඉන්න එක යස අගේට කෙරෙන නිසා ආයොජන අවස්ථාවල ඉදන් ඇන්ජීඕ දක්වා බොහෝ දේ ඔය චීනය කොරියාව ජපානය ඉන්දියාව වගේ රටවල් වලින් වෙන්න ඉඩ තියනවා..
අර කතාගොඩක් තියනවනේ ගංවතුරේ ඔරැ පැදීම,පෙරැලුනු පිට හොදයි කීම,තැනේ හැටියට ඇනේ,ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ..ඉතින් මේකයි කතාව අනාගතේ ඉංග්‍රිසි වලට අමතරව ලොකේ ප්‍රධාන භාෂාවක් විදියට චීන භාෂාව හා අමතර ප්‍රධාන ආසියානු භාෂාවන් භාවිතා කරන්න ඉඩ තියනවා..කොහොමත් මම දන්න විදියට ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාවලින් පලමු තැන හිමිවෙන්නෙ චීන භාෂාවට..නමුත් මම දන්න විදියට ලංකාවේ මෙය භාවිතය ඉතාම පහල මට්ටමේ..මීට වසර හතරකට පහකට විතර උඩදී මම ලංකාවෙදි හොයලා බැලුවා විවෘත කෙනෙකුට ඉගෙන ගන්න කොස් එකක් තිබුනේ BMICH එකේ විතරයි..ඉතින් කවුරැහරි අමතර භාෂාවක් විදියට චීන භාෂාව වගේ වැඩිපුර අනාගතේ භාවිතා කලහැකියි කියන භාෂාවක් ඉගෙන ගන්නව නම් සල්ලි තමයි..අනාගතේ හොදට ආයොජකයින්ගෙන් ඇන්ජීඕ කාරයින්ගෙන් තව සන්චාරකයින්ගෙන් දත ගලවන්න පුළුවන්..කාලයක් මතක නේ ජර්මන් ප්‍රංශ දැනගත්ත අය හොදට හම්බුකරපු හැටි..මම දන්න බරගනනක් ඉන්නවා භාෂාව පෙන්නලා හොදට මුදල් හම්බුකරන අය..මේ දේ සමහර විට විශ්ව විද්‍යාල වල ඉන්න හෝ උසස් රැකියා කරන ඔබලාට වැදගත් හෝ අත්‍යවශ්‍ය නොවිය හැක..ඒත් පුළුවන්නම් ඔය උසස් පෙලින් සාමන්‍යපෙලින් අටේ පන්තියෙන් වගේ හැලිච්ච කොල්ලො එකෙකුට දෙන්නෙකුට හරි කියලා බලන්න..තව ඕන තරම් ඉන්ටනෙට් එකේ සයිට් තියනවා ඉගෙන ගන්න..CD එකක් ගහලා දෙන්න පුළුවන්නෙ..උන් ගොඩ ගියොත් කවදාවත් ඔබලව අමතක කරන එකක් නැහැ..කොහොමත් ඉංග්‍රිසි දෙමල භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගන්න එක අපරාදයක් නෙවෙයි නේ..කවදක හරි උවමනා වෙන්න ඉඩ තියනවා..
ආ තව දෙයක්,ඔය චීන ජපන්‍ කොරියන් වගේ රටවල බොහෝ දෙනෙකුට ඉංග්‍රිසි බැහැ..වෙනකක් තියා මහාචාර්යයවරැ දොස්තර ඉංජිනේරැවෝ පවා වැඩිපුර ඉන්නෙ ඉංග්‍රිසි බැරි අය..ඒකට හේතු තමයි ඔවුන් හැම දෙයක්ම තමන්ගේ භාෂාවෙන් නිර්මානය කිරීම හා උච්චාරනයේ අපහසුව..ඒකත් ඉතින් අපට වාසියක් අනාගතේ බලවතුන් වේ යයි කියන අයගෙන් භාෂාවෙන් වාසි ගැනීමට..
ලොකේ ප්‍රධාන ජාතිය ප්‍රධාන භාෂාව ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහය වගේ බොහෝ දේ තිරණය කරන්නෙ ආර්ථික දේශපාලන බල තුලනයෙන් ඉදිරියෙන් ඉන්න අයට සාපේක්ෂව..අපේ සිංහල භාෂාවත් ඉතින් ලෝකේ ප්‍රබල භාෂාවක් කරගන්න පුළුවන් අපිත් ප්‍රබල රටක් වශයෙන් නැගිටුනොත්..

Sunday, July 26, 2009

Run..

(අපේ හිතේ තියන දේ හරියටම කියන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
මම හිතන්නෙ මම බ්ලොග් සටහන් ලිව්වට මට අවශ්‍ය වුනු දේ හරියටම එකම සටහනකින් වත් කියාගන්න බැරි වෙන්න ඇති..සමහර විට ඒ මම සටහන අච්චාරුවක් කරන නිසා වෙන්න ඇති..
මුළු ලෝකෙටම ගැලපෙන්න මුළු ලෝකෙම එකට අල්ලලා එකම එක සටහනක් ලියන්න ඇත්නම්..

මම පොඩ්ඩක් ඉනිමගක් තියලා අමාරුවෙන් හඳට නැග්ගා..හ‍‍‍‍ඳේ එල්ලිලා ඉදන් කමුලට අත ගහගෙන පොඩ්ඩක් පොලව දිහා බලන් හිටියා..)

මගේ ජීවිතේ කවුරුහරි ඇහුවොත් මම කැමතිම විද්‍යාඥයා කවුද කියලා.ඒ චාල්ස් ඩාවින්..ඒ වෙන මෙකවත් හින්දා නෙවෙයි මුළු ලෝකයම විස්තර කරන්න පුළුවන් අපුරු වචන ටිකක් ඉදිරිපත් කරපු නිසා..
ජිවියාගේ ,මගේ, උඹගේ,අපගේ පැවැත්මට පරිනාමයට දියුණුවට,
මම උඹ අපි මොන පරිසරයෙන් ආවත්, මොන සමාජයෙන් ආවත්,මොන රටෙන් ආවත්,මොන ආගමේ වුනත් ජාතකය මොකක් වුනත්,මොන සිතුවිලි වලින් සිටියත්.

ඉන්නා පොදු ප්‍රදාන පරිසරයට, සමාජයට,පොදු ආර්ථිකයට දේශපාලනයට
අනුවර්ථනය විය යුතුය.
එහිදි කන්න බොන්න, ඉන්න හිටින්න,අදින්න පලදින්න,විනෝද වෙන්න,අධ්‍යාපනයට,ආදරය කරන්න, තරගයකට මුහුණ දෙන්න වෙවි. ඒ තරගයෙන් වැඩිපුර ශක්තිය ඇති එකා ජය ගනීවි.
සමහර විට එය චිත්ත ශක්තිය,දරාගැනීමේ ශක්තිය,ආයුධ ශක්තිය,පිරිස් ශක්තිය ‍හෝ මුදල් ශක්තිය හෝ වෙනත් දෙයක් විය හැක.
ඒකෙන් ජය ගන්නා හෝ සටනෙන් වැඩිපුර ඉදිරියෙන් සිටින එකා/දෙය හෙවත් උචිතයා ඉතුරැ වී අනිත් එකා/දෙය අනුච්තයා ඉවත් විය යුතුය.එහෙම නැත්නම් මිය යා යුතුය....

හැම ආගමක්ම,ජාතියක්ම,දේශපාලන ප්‍රතිපත්තියක්ම ආදි සියළුම දේම හැසිරෙන්නේද මේ පොදු තියරියේය..ඔවුන් සියල්ලෝම තරගයේ යෙදෙයි..තමාගේ ආගම තමයි හොදම එක,තමාගේ ජාතිය තමයි හොදම ජාතිය,තමාගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි ‍හොදම ප්‍රතිපත්තිය ආදී වශයෙන් තර්ක කරයි..

මම කලයුත්තෙ කුමක්ද? තරගයේ යෙදීමය..
අපි කලයුත්තෙ කුමක්ද? තරගයේ යෙදීමය..
අපට කලහැක්කෙ කුමක්ද? කවුරැත් සාධාරණ ලෙස තරගයේ යෙදවීමය..තරගයේ යෙදෙන්න කවුරැත් ආහාර වලින් දැනුමෙන් අධ්‍යාපනයෙන් මුදල් වලින් සන්නද්ධ කිරිමය..

නමුත් සියවස් කිහිපයක්,පරම්පාරාවක් තුල ජයගන්නෙ එක දෙයකි,එක් පුද්ගල කොට්ටාසයකි..එම ජයද ඉස්තිර නැත..ඊලග සියවස් කිහිපයේදී ජයගන්නෙ වෙනත් දෙයකි,වෙනත් පුද්ගල කොට්ටාසයකි..
එය තමයි පරිණාමය..
තරගයේ යෙදී ගැලපෙන විදියට අනුවර්තනය විය නොහැකි නම් උචිතයා ඉතුරු වී අනුචිතයා ඉවත් විය යුතුය..

දැන් මම හ‍‍ඳෙන් බසිමි..මමද තරගයේ යෙදිය යුතුය.. I WANT TO BE THE BEST..

Saturday, July 18, 2009

බලු මස්, ගොළුබෙලි සුප්...

මේ සටහන ලියනවද නැද්ද කියලා දෙපාරක් කල්පනා කරලා ඔන්න ඔහේ ලියලා දැම්මා..සමහර විට ජුගුප්සාජනක වෙන්න පුළුවන්...මම ගැන වැරදියට හිතන්නත් වත් මාව පිළුකුල් කරන්න වත් එපා හොදේ...

ඔබ ලංකාවේදි මස් මාළු නොකන කෙනෙක් විය හැක..සමහර විට ඒ පව පින ගැන සිතා විය හැක..සමහර විට මස් මාළුවලට ප්‍රියතාවක් නැති හින්දා විය හැක..

ඒත් ඔබ මස් මාළු තුන්වේලටම කන රටකට ගියොත්..

තව ඔබ වැඩකරන ආයතනයෙන් කෑම පහසුකම් සලසා දීල තියන රෙස්ටුරන්ට් එකේ ඔබට හැමදාම කෑමට දෙන සුප් එක ගොළු බෙල්ලන්ගෙන් හදපු එකක් නම් මොකද කරන්නෙ?
පලවෙනි දවසේ එය දැක වමනේ දමා කෑමත් සමග වීසි කරයි..
දෙවැනි දවසේ බඩගින්නට එය නොකා බත්එක විතරක් කයි..
ටික දවසක් යනකොට ගොළුබෙල්ලො අයින් කර සුප් එක බොයි...
අවුරැද්දක් දෙකක් යනකොට ඔන්න ඔහේ ඔක්කොම කයි බොයි.

ඔබ විදෙස් මිතුරකුගේ ආරධනයකින් ඔහුගේ සාම්ප්‍රදායිකව ජීවත් වෙන දෙමව්පියන් බලන්නට යයි..
ඔවුන්ගේ සාම්ප්‍රදායික සම්ප්‍රදායට අනුව අමුත්තෙකුට දිය හැකි උතුම්ම බෝජන සංග්‍රය ලෙස ගෙදර සිටින ඇති කරන බල්ලා මරා එයින් පුච්චපු මස්ගාතයක් සමග වසර ගණනක් නයෙකු දමා පොලවේ වලලා තිබු වයින් වීදුරුවකින් උගුරක් පිලිගන්වයි..ඔබ කුමක් කරයිද?

(මේ ජීවිතයේ මම මුහුණ දුන්නු මට බොහෝ දේ කියා දුන්නු අවස්ථා හා අත්දැකීම් වලින් කිහිපයක්...මේ අත්දැකීම් මීට වඩා බොහෝ රළුයි..
මොකක්ද සංස්කෘතිය කියන්නෙ? මොකක්ද පව පින කියන්නෙ? මස් මාළු කනවනම් බල්ලො ගොළුබෙල්ලො කන එක ගැන අදහස මොකක්ද? පරිසරය කොහොමද මිනිහෙක් වෙනස් කරන්නෙ? පොතින් පතින් බණවලින් මවන ප්‍රතිපත්ති සැබෑ ප්‍රයෝගික ලෝකෙදි කොහොමද වෙනස් වෙන්නෙ වෙනස් කරන්නෙ?)

Tuesday, July 14, 2009

සන්නමන්න හා කවියක්..

(හ්ම්ම්ම්...අමු තිත්ත පට්ට කරැවලේ ලන්තෑරැම්එලියකුත් පත්තුකරන් මට උරැම කණාමැදි‍රි එලියක් දිහා බලාගෙන බ්ලොග් එකක් ලියන්න හදනවා..
බුහාහාහාහාහාහාහා..)
ඒ පොඩි ආතල් එකට ලියපු වචන ටිකක්..

කෙරවක්කෙකි
නෙළුම් මල් අතරින්
පත් මත ඇවිදින,
සිනාසෙනු..
කෑදැත්තෙකි
දියෙහි සිටින හොට ඇද
විරවගෙන තිබහෙන්
උඩ බලන
වහින තුරැ මහ වැස්ස,
සිනාසෙනු..
බල්ලන් නාවන්නට
පාලම් කැඩෙනතුරැ බලා සිටිනා
ගැඩිවිලෙකි,
මම
සිනාසෙනු..


අපේ මිගාර දොස්තර මහත්තයා මම ගියපාර ලියපු සටහනට බ්ලොග් සටහනක් ලියලාය..මට සංතෝසේ බැරැවා..ගොඩක් කොමෙට් පවා වැටිලාය..

ලංකවේ දෙමල සිංහල ගැටළුව බොහෝ දෙනා විවිද ආකරයෙන් විස්තර කරයි..ජාතිවාදී අරගලයක් විදියට දේශපාලනය හා ආර්ථිකය මුලික කරගත් අරගලයක් විදියට හා මානුෂිය පදනමේ ඉදගෙන එය විස්තර කරයි..නමුත් බොහො දෙනා එය ජාතිවාදී දේශපාලන හා මානුෂි්‍යවාදී යන සියල්ලෙ එකතුවක් ලෙස ගෙන විස්තර කීරීමට උත්සාහ නොකරයි..
එකම රටේ එකම විදියට උපදින සුළු ජාතියක තරැණයෙකු තරැණියක ජාතිවාදියකු බවට පත්වීම, එම ජාතිවාදියා කැරලි කාරයකු බවට පත්වීම,එම කැරලිකාරයා ත්‍රස්ථවාදි සංවිදානයක මරාගෙන මැරෙන සාමාජිකයකු බවට පත්වීම දක්වා මානසික පෙරලි චක්‍රයේ මුල බීජය හදුනා ගන්න බොහෝ අය උත්සාහ කරන්නෙ නැත..එය වචනයෙන් විස්තර කල නොහැකි සුළුජාතිකත්ව කමයි..
ඉහත දේ ලංකාවේ දෙමලාට ආදේශ කරන්නෙ නම් ලංකාවේ දෙමල ජාතිවාදය මතු වු අවස්ථාවලට එලාර යුගයේ ඉදන් අපට ඕනෑතරම් උදාහරණ ගෙන හැර දැක්විය හැක.දෙමල ත්‍රස්ථවාදයට හා මතු වු අවස්තාවලට උදාහරණ ගෙන හැර දැක්විය හැක. ඒත් සාමාන්‍ය රට වැසියකු ලෙස උපදින දෙමල තරැණයා තරැණිය ජාතිවාදියකු, ත්‍රස්තවාදියකු, මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු බවට පත්වීම ඔහු මහජාතිය හමුවේ සුළුජාතියකු විම නිසා මුහුණදෙන මානසික පෙරලියේ ප්‍රතිඵලයකි.එම නිසාය දෙමලකු දෙමල වීම නිසාම මුහුණදෙන දෙමල කම නිසා මෙය ඇති වුවා යයි කියන එකට කිසිවකුට පැහැදිලි උදා හරණ දිය නොහැක්කේ..එය අවබෝධයෙන් තේරැම් ගත යුතුය..

බොහෝ අයට මෙන් මිගාර දොස්තර මහත්තයට අනුවද ලංකාවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකි. සැබෑය ලංකාවේ භාෂා ප්‍රශ්නය ප්‍රධාන එකක් වෙයි..මිගාර මහත්තයට අනුව නම් //ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ දෙමළුන් සිංහ‍ල ඉගෙන ගැනීමට දක්වන අකැමැත්තයි// එම නිසා එතුමා ප්‍රධාන විසදුම විදියට දෙමළුන්ට සිංහල ඉගැන්වීමට යෝජනා කරයි..තව එතුමා සංවර්ධන හා ආර්ථික ප්‍රතිලාභ නියමාකාරව බෙදීනොයාමේ ප්‍රශ්නයක් ඇතිබව පිලිගනියි.එයද එතුමා දෙමළුන්ගේ කුල ප්‍රශ්නයකට බැරකරයි..අහෝ කේදයකි..
තව ලංකාවේ ගැටළුව තමිල්ණාන්ඩුව හා මැලේසියාවට සමපාත කරන්න උත්සාහයක් ගනී..තමිල්ණාන්ඩුවේ ඇත්තෙ ප්‍රාන්ත අනුව බලය බෙදු ආසන්න වශයෙන් පෙඩරල් රාජ්‍යයකි..අනිත් කාරණය නම් ඉන්දියාවේ දෙමළුන් හා හින්දීන් යනු භාෂාව වෙනස් වුනත් එකම ආගමික ජන කොට්ටාසය.
මැලේසියාවේදී මෙය බො‍හෝ දුරට වෙනස්වන්නෙ ඔවුන් ලබා ඇත දියුණු ආර්ථික සංවර්ධනයත් එක්කය..
තව කාරණයක් නම් උගත් අධ්‍යාපනයෙන් උසස් හා ආර්ථිකයෙන් උසස් හා නාගරිකරණය වුනු දෙමල ජනයාට සාම්ප්‍රදායික හා මධ්‍යමපාන්තික දෙමළුන් සමපාතනය කිරිමටද උත්සාහ කරයි.උන් සිංහලළුන් සමග ඉන්නවා නම් ඇයි අනිත් දෙමල උඹලාට ඉන්න බැරි කියා ඔවුන් තර්ක කරයි..
ඒවා සියල්ල පැහැදිලිව එකිනෙකට වෙනස් පරිසරයන්ය..
අධ්‍යාපනයේ වෛද්‍ය හා ඉංජිනේරැ ක්ෂේත්‍රයේ දෙමල ප්‍රතිශතය වැඩි බවට එතුමා තර්ක කරයි..එය ඔවුන් දෙමල කම නිසා මුහුණදෙන පීඩනයේ ප්‍රතිඵලයකි.ලංකාවේ ඇත්තෙ තරගකාරි අධ්‍යාපනයකි.එම තරගකාරි අධ්‍යාපනයේදී රටේ උසස් යැයි සම්මත රැකියා සදහාද ඇත්තෙ තරගයකි..එම තරගයෙන් ජයලැබීමට පෝසත් පවුලක එකෙකුට වැඩිය දුප්පත් එකෙකු වැඩිපුර උත්සාහකරයි.මහජාතියේ එකෙකුට වැඩිය සුළුජාතියක එකෙකු වඩා උත්සාහ කරයි.එය දුප්පත් එකෙකුට,සුළුජාතිකයෙකුට,ග්‍රාමිය එකෙකුට තමාට ඇති ප්‍රශ්නවලින් පීඩනයෙන් ගොඩ ඒමට ඇති එකම ක්‍රමය එය ලෙස තරගකාරි අධ්‍යාපනයෙන් ගොඩ ඒම දකින නිසාය..එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ගේ හා සුළුජාතිකයි‍න්ගෙ ප්‍රතිශතයන් වෛද්‍ය හා ඉංජිනේරැ ක්ෂේත්‍ර ආදී වලදී වැඩි වේ.
යාපනයේ සිටින සිංහලයා හා මාතර ඉන්නා දෙමලා යනු පැහැදිලි පරිසරයන් දෙකක්ය.යාපනයේ සිංහලයා මුහුණ‍ දෙන්නෙ භාෂා හා ප්‍රායෝගික අපහසුතාය..මාතර ඉන්නා දෙමලා මුහුණදෙන්නෙ භාෂාව හා දෙමලකම නිසා ඇතිවුනු ආත්ම හීනමානය හා සම්බන්ද අපහසුතාය.
මුස්ලිම් අයටද ප්‍රශ්න ඇත.මුස්ලිම් අයගේ ප්‍රශ්නය වෙනමම සාකච්චා කලයුතු එකකි.එය දෙමල අයගේ මෙන් ත්‍රස්ථවාදයක් බවට පත්වීමට පෙර එම සියළු ජාතින් ඇතුළුව සමස්ථ සුඵ ජාතික කම කියන පදනමේ සිට විසදුම් සෙවිය යුත්තේ..

( පුළුවන් නම් පසුගිය සටහන කියවන මෙන් ඉල්ලා සිටිමි.සරල වචන යොදාගත්තේ තේරැම් ගැනීමට පහසු වීමටය.අවශ්‍ය නම් උපේක්ෂාව කියන දේට සමාජ අධ්‍යාපන චින්තන විප්ලවක් කියලා එහෙම නැත්නම් ලොකු ලොකු අතුවලට බහුජාතික සමාගම් හා නව ගෝලීය ධනවාද තරගයේ ඉදිරියෙන් ඉන්නා රටවල් ආදීවශයෙන් ගත හැක.තවද මෙය මම නියෝජනය කරන මගේ පෞද්ගලික මතයයි.මට අවශ්‍ය ඕනෑම මතයක් දැරීමට අයිතියක් ඇත..)

අපි නොදැනුවත්වම අපෙන් පිටවන මහජාතිවාදයට අනුලෝමව සුළුජාතිවාදයත් වැඩිවේ.එය අප හදුනා ගත යුතුය.
වෙනකක් තියා මමද දකුනේන් ගොළුමුහුදයි උතුරෙන් හැඩිදෙමළුයි කියා ඉගැන්වු අධ්‍යාපනයෙන් මනස විකෘති වී බිහි වු තරැණයෙකු වෙමි..මඩ ඌරැ ආතල් දෙන ඩිස්පෙන්සරි මහත්තයාද එසේ බිහිවී තවම පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබුවත් සාමාන්‍ය මනුස්‍යයකුගේ මනසේ හැසිරීම තේරැම්ගෙන ජාතිවාදි මනස හදුනාගත නොහැකි පුද්ගලයෙක් බව නම් පෙනේ..එය තේරැම් ගැනිමට ඩිස්පැන්සරි මහත්තාය මැරැණු පසු ලබන ආත්මයේ දෙමලකු වී ඉපදෙන ලෙස මම පතමි..